IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

(ඩයනා උදයංගනී)

රට තුළ මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 

එය ඊයේ (1) සිට ක්‍රියාත්මකය.

මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

එම ගැසට් නිවේදනය පහත දැක්වේ.

 



අදහස් (21)

මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

C.K.Lankaputhra Saturday, 02 April 2022 07:42 AM

අන්න ජනාධිපතිතුමා හරි තීරණය හරි වෙලාවට ගත්තා. ඔය ගැසට් එක මීට කලින් ගැහුවා නම් ඉන්ධන ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නෑ, ගෑස් ප්‍රශ්නයත් නෑ, කිරිපිටි පෝලිනුත් නෑ, සිමෙන්ති මිල වැඩ වෙන්නෙත් නෑ, උද්ඝෝෂණත් නෑ, බාගේ රට්ටුන්ට ඉහළින්ම දෙන්න තිබුණා...

:       2       20

චමින්ද Saturday, 02 April 2022 07:45 AM

මම උපදින්නටත් පෙර සමසමාජයක් හැදීමට උත්සාහ ගත් පිරිසක් නිසා මිනිස්සු පීඩාවට පත්වීම ඉවසිය නොහැකිවූ අගමැති ඩඩ්ලි මැතිතුමා තනතුර අත්හැර ගියා කියලා අසා තියෙනවා. මෙතරම් පීඩාව එකල නැතුවත් එහෙම කළ නිසා එතුමා බත්දුන් පියා ලෙසට ජනතා ප්‍රසාදය ලැබුවා. වත්මන් ජනාධිපතිතුමාත් එහෙම කළොත් අනාගතයේ රට බේරාගත් විරුවා ලෙසත් ඩඩ්ලි මැතිතුමා මෙන් මානව හිතවාදියෙකු ලෙසත් ඉතිහාස ගතවේවි. නැත්නම් ඉඩි අමීන් හෝ ගඩාෆි ලෙසට කිව්වොත් 2019 ඡන්දය දුන් අපටත් දුකකි.

:       10       22

DonSaturday, 02 April 2022 03:11 PM

ජේ.ආර්. ටයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි පලු යන්න බැන බැන 2/3 බලයකුත් තියාගෙන තමයි පිහිටට ගන්නේ ඒකෙම තියෙන නීති රීති...

:       12       18

නිමල්ක Saturday, 02 April 2022 09:46 AM

කරුණු මුලුමනින්ම තේරුම් නොගැනීම, එක් අන්තයක සිට බැලීම ජාතියේ පිරිහීමට හේතුවේ. ගෝඨාභය කොවිඩ් සාර්ථකව මැඩලුවා. කොවිඩ් නිසා ආර්ථිකයට විශාල හානියක් වුණා. බදු අඩුකළ එක වැරැදියි. පොහොර නවත්තපු එක වැරැදියි. විරෝධතා කරුවන් සහ අනෙක් පක්ශ විද්‍යාත්මකව විවෙචනය කළ යුතුයි...

:       250       114

NimeshSaturday, 02 April 2022 12:45 PM

16000 කට වඩා (රජය පිළිගත් දත්ත) කෝවිඩ් වලින් මැරුණු රට ඇතුළට එන්න එක ගුවන් තොටුපලක් විතරක් තියන මේ පුංචි දුපතේ, කවුරු හරි කියනවා නම් කෝවිඩ් සාර්ථකව මැඩලුවා කියලා, එහෙනම් එයාගේ මොලේ පරීක්ෂා කරන්න ඕනේ...!

:       97       221

Ruwan R Saturday, 02 April 2022 10:40 AM

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්...?

:       28       43

de silva Saturday, 02 April 2022 11:05 AM

අපිට නම් කිසිම හදිස්සියක් නැහැ. ප්‍රශ්නයකට තිබෙන්නේ, කන්න බොන්න හිඟකමත්, පෝලිම්වල ඉන්න නිසා රැකියාවක් කරගන්න බැරි එකයි. ඉදිරි සති දෙක තුළ සුබදායක දෙයක් සිදු නොවුණොත්, අපි එනවා මිරිහානට ඔබ බලන්න.

:       49       186

Prabha Saturday, 02 April 2022 12:21 PM

ඔන්න ඔතැනට එන්න තමයි දැඟලුවේ... දැන් හදිසි නීතිය යටතේ පෙළපාලි, උද්ඝෝෂණ තහනම් කියලා කියයි.

:       27       102

Jayampathi Saturday, 02 April 2022 12:25 PM

"මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්," යන වදන් ‘‘රාජපක්ෂලාගේ ආරක්ෂාව සහ ආණ්ඩුව සුරක්ෂිත කිරීම සඳහාත්, හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත්කළ බව‘‘ විය යුතුයි.

:       26       61

hesa Saturday, 02 April 2022 12:33 PM

කොරෝනා නමින් ලෙඩක් ඇති කලේ කෙනෙකුන්ගේ වුවමනාවට.. දන්න දා සිටම හෙම්බිරිස්සාවට මෙහෙම වුණාද..? උණ මුළු ලොවම අපහසුතාවයට පත් වුණා නේද? එයින්.., මුඛ ආවරණ, විෂනාසක බෙහෙත්, එන්නත් වැනි දේට කෙතරම් මුදලක් වැය වුණාද..? කොවිඩ් වසංගතයක් තිබුණාම කියමුකෝ.. සාර්ථකව මැඩලුවා වෙන්නේ කොහොමද..? රෝගය උත්සන්න වුණත් වගේ වගක් තිබුණාද..? පොඩි නිවාඩුවක් ලැබුණු ගමන් විනෝද චාරිකා.. කිසිම විනයකින් තොරව නේ උන්නේ සහ ඉන්නෙත්.. ඔය, රජය සාර්ථක නැහැ.. "අපි රටට අදරය කරනවා මේ රට නගා සිටුවන්න අපිට රට බාර දෙන්න" කියන අය හිතන්නේ " අහා මෙන්න වාරය" කියලා රට තවතවත් කඩා වැටෙන තැනකට අදින්න දිගට හරහට උද්ඝෝෂණ කරන එක.. හදිසි නීතිය එදයි දාන්න තිබුණේ.. ඒ කරලා ඡීවිතයට අවශ්‍යම දේ සාධාරණ පාලනයක් කරන්න තිබුණා. සැප සුඛ විහරණයට අවැසි දේ වලට ඉහළ පාලන මිලකුත් ඇති කරන්න. ඇති හැකි එකා ගන්නවා.. සතියක් කියවයි.. හුරු වෙනවා.. දැන් හරි හදිසි නීතිය පැනවූ එක හොඳයි.

:       105       41

siri Saturday, 02 April 2022 12:41 PM

බඩගින්නට පෝලිම් නැතිකිරීමක්ද මේ...?

:       17       65

සනත් Saturday, 02 April 2022 12:57 PM

83 වගේ කාබන් කොපියක්ද කියලා හිතෙනවා...

:       21       51

පිටිගල මිලානෝ Saturday, 02 April 2022 01:13 PM

මෙයාම "අරාබි වසන්තට" එන්න කියනවා වගෙයි පෙනෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩකරලා මෙයා ඇමරිකාවට පැන්නොත් එහෙදී මෙයාට හිරේ ඉන්න වෙනවා. උගත්කමේ තරම දෝරේ ගලනවා...

:       15       66

Ranjit Saturday, 02 April 2022 01:29 PM

හමුදා මානසිකත්වයක් තියාගෙන වැඩ කරන්න යනකොට ඔහොම හිතෙනවා.. රතු නූල් කාරයින්ගේ, දිරච්ච ලණු කාරයින්ගේ උපදෙස් පිළිපදින එක නවත්තලා කන්න බොන්න නැතිව නන්නස්තාර වෙලා ඉන්න ජනතාව දොරකඩටම ඇවිත් හු කියන්නේ මොකද කියලා තේරුම් අරගෙන වැඩ කළොත් ජාමෙ බේරගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා මහත්තයෝ...!

:       19       85

de silva Saturday, 02 April 2022 01:41 PM

මෙයා කරපු කෝවිඩ් මැඩලීමක් නැහැ. මෙයා කළේ අපේ විදේශ ශ්‍රමිකයෝ පිටරට පාරවල් වල හිඟාකනකොට, රටේ දොර වහලා දමලා සල්ලි තියෙන මිනිස්සු පමණක් ගජමිතුරු හෝටල්වල දමලා රට තුළට ගත්තා. ඒ නිසා බියවුණු විදේශ ශ්‍රමිකයා මුදල් එවන්නේ නැතිව හදිසියකට ගන්න කියලා මුදල් එහෙ බැංකුවල තැම්පත් කළා. දැන් අපි හැමෝම අනාථ වෙලා...

:       37       69

Shan Saturday, 02 April 2022 02:03 PM

පෝලිම්වල මිනිස්සු මැරෙනකොට කිසි කතාවක් නෑ... යහපැවැත්ම සුරක්ෂිත කිරීමක් ගැන. තමුන්ට තර්ජන එනකොට අපේ පිටින් දාලා අපිවම මර්ධනය කරනවා. මෙහෙමත් මිනිස්සු... ඔයාගේ ගැසට් වලින් වැඩිකල් දුවන්න දෙන්නේ නැහැ...

:       14       36

Chris Saturday, 02 April 2022 02:24 PM

ජනපති පමණක් නොව අගමැති, මුදල් ඇමැති, මහ බැංකු අධිපති යනාදී කිසිවකු ගැන කිසිඳු විශ්වාසයක් ජනතාව අතර නොපවතී...

:       15       34

Soma dubayi Saturday, 02 April 2022 03:28 PM

නියමයි ජනාධිපතිතුමා, අපි නම් හැමදාම ඔබතුමා සමග සිටිනවා. රාජපක්ෂලා තරම් කවුරුවත් රටට සේවය කරලා නෑ...

:       40       8

NaushiSaturday, 02 April 2022 04:40 PM

බම්බුව තමයි...!

:       3       13

ගමේ එකාලා Saturday, 02 April 2022 03:29 PM

හදිසි නීතිය දැම්මා කියලා ජනතාව විඳින දුක්කරදර නැතිවෙනවාද? මුලු මහත් ජනතාවම මේ වෙලාවේ කොයිතරම් අසරණ වෙලාද? දූෂිත පවුල් පාලනේ අයට නම් වගේ වගක් නැහැ. ජනතාවට සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා බලයට ආපු නායකයාගේ කෙරුවාවල්...!

:       4       24

anil Saturday, 02 April 2022 04:46 PM

ඔක්කෝටම ඕනෑ වුනේ හිට්ලර් කෙනෙක් කරන්නනේ.. හිට්ලරුත් හදිසි නීතිය ඇඳිරි නීතිය දමලා තමයි පටන් ගත්තේ.. තව ටික කලකින් නියම හිට්ලර්ව බලාගන්න පුළුවන් වෙයි ඔක්කෝටම...

:       13       20

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 300 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 475 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 345 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 637 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1277 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 609 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1301 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site