(ටී.කේ.ජී.කපිල)

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා  අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .

ඊයේ (04)  උදෑසන නිශ්ශංක සේනාධිපති මහතාගේ පුතා , ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි .

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බව ද වාර්තා වේ .