(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

ඉදිරි සතිය තුළ එම වැඩපිළිවෙල ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ද එම ලිපියෙහි දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන්ය.