අමාත්‍යංශයේ වාහන 18ක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් ඇමැතිවරයෙක් ඉන්නවා.
මැති ඇමැතිවරුන්ට ලැබෙන වාහන බලපත්‍රය විකුණලා අමාත්‍යංශවලට සැප වාහන ගන්නවා. ඊට පස්සේ ඒවා ඔවුන් පරහරණය කරනවා. මේවා හෙළි කළාම හෙළිකළ කෙනාගෙන් පලි ගන්නවා යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි.
ඇමැතිවරුන් කරන්නේම හොරකම විතරයි ඒවායින තමයි ආර්ථිකය විනාශ වුණේ යැයි ද ඒමහතා පැවැසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තුෂාන් ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙලින්ම නම් කියන්න. බය වෙන්න එපා. ඒ ගොල්ලන්ගේ කාලේ ඉවර වේගන එන්නේ.
මෙවැනි චෝදනා සාධක සහ නම් ගම් සහිතව ඉදිරිපත් නොකිරීමෙන් සිදුවන්නේ පාඨකයා මුලා කිරීමකි. එවන් පුවත් පලකිරීමෙන් ඇති පලය කිම ?
මෙවැනි දේ කෙළින්ම එළි කළ හැකි අය තව සිටී නම් රට වෙනුවෙන් ඉදිරිපත්වීම වටියි.
හොරා කන්න නොදී ගෙදර යවපු එකට පලිගන්න දඟලන දැඟලිල්ලක්. ඔව්වා කියහං මලේ කොණ්ඩෙ බැඳපු චීනෙකුට. ඕං කඩවත මහනුවර අධිවේගී මාර්ගේ හදන තැන ඉන්නවා.
කාලකන්නි දේශපාලුවෝ එදා ඉදලම කළේ ඔය ටික.ඡන්ද කාලෙට පොදුජන හිතවතා, දුප්පතාගෙ හිතවතා,,කියාගෙන මිනිස්සු ගොනාට අන්දලා බලය අරන් රටේ සම්පත් කොල්ල කමින් රටම අගාධයට ඇද දැමූ මේ කාලකණ්නි හැත්ත රටින් පිටුවහල් කරන්න ඕන.
මේවා මොනවා කිවත් තවමත් අපේ මිනිස්සු මී හරක් වගේ ඇමතිලාට ගරුකරනවා... එක තමයි ඇත්ත ලංකාවේ තියෙන... හරිම දුකක් දැනෙනවා මිනිස්සු ගැන බැලුවාම...
මෙයා වැඩ කලේ පාරිභෝගික අධිකාරියෙනේ..? ඒ වුණාට කතාව ඇහුවාම මෙයා කියන්නේ වෙන වෙන ආයතනවල වංචා ගැන... මට නම් පේන්නේ මාධ්‍ය අවධානය ගන්න කිසි පදනමක් නැතිව කියවන කෙනෙක් කියලා...
කවුද? බන්දුලද?
තුෂාන් මහතා විසින් කියනු ලබන ඇමැති කව්ද කියා හිතාගන්නට පුළුවන්. ලොකු කටක් තියෙන, කට ඇරියොත් බොරු කියන, උගත්කම තිබුණත්, බුද්ධිමත් බව නැති කෙනෙක් නේද?