
(රංජන් කස්තුරි)
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
මිට අමතරව හිටපු ඇමැතිවරුන්ට තවමත් ඇමති ආරක්ෂකයන්ගේ රැකවරණය ලබා දෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.
ඇමැතිවරුන්ට කොළඹ කැප්පිටිපොළ මාවතේ සහ ටොරින්ටන් පෙදසහි පහසුකම් සහිත නිල නිවාස හිමි අතර හිටපු කැබිනට් ඇමැතිවරු තවමත් ඒවායේ වාසය කරන බව ද සඳහන්ය.
කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පමණක් හිමිව සිටින හිටපු ඇමැතිවරුන් එම නිවාසවලින් ඉවත්ව මන්ත්‍රීවරුනට හිමි නිල නිවාසවල පදිංචියට යා යුතු නමුත් කිසිදු ඇමැතිවරයෙක් එලෙස නිවාස මාරුකර නැතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට සැප විදින්න අපි දවසට වේලක් කාල අමාරුවෙන් ජීවත් වෙන්න ඕන.
මේ වරප්‍රසාද හිටපු ඇමතිලාට අවශ්‍යත් නැහැ. අළුතෙන් එන අයට අවශ්‍යත් නැහැ. ජනතා සේවය කරනවා නං සැප බලාපොරොත්තු නොවී ජනතා සේවය කරන්න. මේවට ගෙවන්නේ මහජනතාවනේ.
ඊට පස්සෙ මිනිසුන් කුපිත වුණා කියලා හැංගෙන්න තැන් හොයන්න එපා !
මුන්ට මිනිස්සුන්ට හෙන ගැහුවත් වගේ වගක් නෑ පව්කාරයො
මට නම් පේන විදියට මේ උද්ඝෝෂණ සියල්ල වතුරේ යන පාටයි. අන්තිමේ මේ ආණ්ඩුව ම තව අවුරුදු 3 තියෙයි. අලුත් ආණ්ඩුව පිහිටුවන්න කාටවත් බැරි නම් ඒක තමා වෙන්නේ .
අහෝ දුකකි. මේ සැප අත්හැරීමේ සිතක් පහල නොවන්නේමය. හිටපු ඇමතිවරු හඩාවැලපෙයි.
රටට කල සේවයට අපි ඒ වියදම් දරන්නම්
මේ උද්ගොෂණ කරන්නේ මෙවැනි ප්‍රශ්න සියල්ල එකවර විසඳාගත යුතු නිසා