
(යොහාන් භාසුර)
පොදු ස්ථාන අද (2) පස්වරු 6.00 සිට 4 වැනිදා පෙරවරු 6.00 දක්වා තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම කාලය තුළ පොදු මාර්ගයක, උද්‍යාන, විනෝදාස්වාදක හෝ වෙනත් ක්‍රීඩාංගණවල, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ කාලය ගත කිරීම තහනම් බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොමයි රටවල් පාලනය කරන්නේ. හොඳටම කරනවා.
ඇඳිරිනීති තිබ්බත් නැතත් ආණ්ඩුවේ දේශපාලකයින්ට කොහොමත් පොදු ස්ථාන තහනම්. පුළුවන් නම් පොදු ස්ථානයකට එළියට බැහැලා බලන්න වෙන දේ... තව ටික දවසකින් ඒ අයගේ ගෙවලුත් තහනම් කලාප බවට සොබාවධර්මයේ නීතිය අනුව ක්‍රියාත්මක වෙනවා.
මේක මාර නීතියක්නේ? මිනිසුන් නිදහසේ හැසිරෙන එක නවත්තන්න රජයකට පුළුවන්ද...?
සුනාමි ඇතිවෙන්නෙත් ගිනිකඳු පුපුරන්නේත් පෘථිවිය අභ්‍යන්තරයේ ඇතිවන අධික පීඩනය නිසායි. එය මිනිසාටද පොදුයි. ජනතාව වීදි බසින්නේ ඔවුන්ට තිබෙන පීඩනය නිසාවන අතර රජය නීති දමන්නේ රජයේ පීඩනය නිසායි. මොන පීඩනය වුණත් යම් වෙලාවක පුපුරන්න පුළුවන් ප්‍රශ්නයට විසඳුමක් ලැබුණොත් යහපත් ප්‍රතිඵලයක් ගත හැකිවේවි..!
දැන්නම් ලෙඩේ උච්ච ස්ථානයකට ඇවිත් හැඩයි...
ගෝ හෝම්...!
ඕක රෝල් කරලා ගහගන්න කියන්න සුදුසු තැනක... අපි එළියට බැහැලා අපේ වැඩකටයුතු කරගන්නවා. බයවුණා කියලා අපි කුමක් කරන්නද?