
(යොහාන් භාසුර)
ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 50 ක් පමණ ධාවනය වන බව සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් දුම්රිය රියදුරන්ට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් හෙට දිනය වන විට යථා තත්වයට පත්වනු ඇති බවත් ගාමිණී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු බයිලා ගහන්න එපා.. සාමාන්‍ය මිනිස්සුන්ට උදේ පාන්දර එන්න පුළුවන් නම්.. රියදුරන්ට මොකද බැරි..? මේ අය ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්න නෙමේ. තමන්ගේ බඩ වඩාගන්න කාලකණ්ණි.. ඔක්කොම පුද්ගලිකරණය කරන්න ඕනේ...
දුම්රිය රියදුරන් කියන අයගෙන් බොහෝමයක් දූෂිතයි. උදේට සේවකයින් කාර්යාල වලට ගෙනත් දාලා දවල්ට ස්ට්‍රයික් කරනවා. මිනිස්සු කොළඹ අතරමං කරන්න. මිනිස්සු ඉන්න දුම්රිය වේදිකාවෙන් පිට නවත්තලා දාලා ගෙදර යනවා. හොර අතිකාල ගන්නවා ප්‍රධානින් බයකරලා. නොදුන්නොත් ස්ට්‍රයික්. දේශපාලුවන් වගේම හොරු