
(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04) දහවල් දිවුරුම් දුන්හ.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ.
මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දිවුරුම් දුන් අතර, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ ඇමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අමාත්‍ය ධුර පුරප්පාඩු වී තිබූ අතර, පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (05)දිනයේ සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය බැවින්, මෙම අමාත්‍ය ධුර කිහිපය පත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.
අනෙකුත් අමාත්‍යවරුන් පත්කිරීම පසුව සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ මුහුණුමයි. මොන වෙනසක්ද…??
පරණ ඔළුගෙඩි ටිකම නේ. මොකක්ද මේකේ තේරුම?
අලි sabry මුදල් ඇමැති ? :) :) :) . එතකොට නීතිය පිළිබඳව කවුද ? මට නං බයේ බෑ. කොයි එකටත් hangila ඉන්න ඕන .
ඇමති කාඩ් කුට්ටම නැවතත් අනමින් ඇත. දැන් ජනතාව පෙර ලෙස රැවටීමට නොහැකිවනු ඇත. ජනතාව වෙනදාට වැඩිය බුද්ධිමත්ය. අපි බලා සිටිමු.
ජොනියාගේ මහාමාර්ග ඇමැතිකමට තියෙන හදිස්සිය මොකක්ද..? බූරුවගේ වැඩේ බූරුවටම බාර දීලා බූරු කුට්ටම ආයෙත් අනලා.. හරි සර් ඔයා දක්ෂයි...
මේ මොකක්ද මේ වෙන්නේ? ඉල්ලුවේ රාජපක්ෂවරු යන්න කියලා, මෙන්න කුට්ටම අනලා, මේවට රැවටෙන අය ඉන්නවද?
ඥානා අක්කටත් මොනවා හරි එකක් දෙන්න ඔය ගමන් .
ආයෙත් ඉල්ලන් කන්නයි යන්නේ.
මේ මොනවද වෙන්නේ? ජනතාව ඉල්ලන්නේ ජනාධිපති ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම අයින් වෙන්න ඕනෑ කියලා. මෙතන වෙන්නේ ජනාධිපති ඔය තනතුරේ ඉඳගෙන දැන් ඉන්න ඇමැතිලාට වෙන ඇමැතිකම් දීම... මේ වැඩේ කොහොමටත් හරියන්නේ නැහැ. ජනාධිපති ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම අසාර්ථකයි.
පරණ සෙට් එක නැවත පත්කරගෙන ... සර් අපි එනවා ඔබ හමුවෙන්න. දෙකෙන් එකක් බේරගන්න.
ගාමිණි සෙනරත්ට තමයි මම වැඩියෙන්ම කැමැති...
මෙයාලාට පිස්සුද? නැතිනම් අපිට පිස්සුද?
බෝතලේ අලුත් වුණාට වැඩක් නෑ... තියෙන්නේ පරණ වයින් නම්...
"ගෙදර යන්න" කියපු දෙන්නා ඉතුරුවෙලා අනිත් සේරම අස්වෙලා. මාර වැඩක් ලංකාවට වුනේ...!!!
අපේ වැරැද්ද......... 70 පැනපු නාකින්ට රට බාර දුන්නා
ඒ දෙවියනේ මම මේ හිනයක්ද දකින්නෙ.....එහෙම නැත්නම් මගේ ඔළුව කොහෙ හරි වැදුනද.....
පරණ හරකමයි, අලුත් බුරුවන් ටිකක් එකතුකර ඇත වැඩේ තිබ්බටත් වඩා කුනුවෙනු ඇත
මේකද ජනතාව ඉල්ලූ වෙනස .. මේ රටටම එපාවු හිටපු අයමනේ.අපූරුයි .. වැඩේ.
මේක තාම ඉවර නෑ. සර් ෆේල්... තවත් රට බංකොළොත් කරන්නේ නැතිව තොලොංචි වෙලා යන්න.
මුදල් අලි සබ්‍රි , මොන සුදුසු කමක්ද. ඔය අලි සබ්‍රිව ගෙනාපු එකත් බැසිල් ගෙනාපු එකත් එකම කාසිය.
ආපහු මේ කට්ටියම දාගෙන පිස්සු නටන්නයි හදන්නේ...!
කැසිනෝ කාරයින්ගෙන් අහලා රටේ නීති හදන්න ගිහින් රාජපක්ෂලා විනාශවුණා..
හිටපු ටිකමනේ...
අශුචි මොන විදියට කලවම් කළත් එහි දුඟඳ ඉවත් නොවේ. මහාමාර්ග ඇමති කම නැවත ජෝන්ස්ටන්ටම පැවරීම ජනාධිපතිවරයාගේ නිවටකමත් වංචනීකයන්ට ඇති හිතවත් භාවයත් පෙනී යන්නකි.
නරකද කසිප්පු ඇමැති කියලා තනතුරක් හැදුවොත්? ආයෙත් ගත්තා 8 පාස් නැති අය කැබිනෙට්ටුවට...!
හිසේ අමාරුවට කොට්ටය මාරු කරනවා...
කාවද මේ අය අන්දන්න හදන්නේ? පිස්සු පීකුදුයි කිව්වාලු... ඔය මහාමාර්ග නම් ජොනි අත්හැරලා යන්නේ නෑ...!
සාත්තර කියන ඇමැති වරයෙක්... නැද්ද?
අපේ සුබපැතුම් ගරු ජනාධිපතිතුමාට හා අලුත් ඇමතිතුමන්ලාට...!
සර් ඉල්ලා සිටින්නේ ගඩාෆි පන්නයේ සමුගැනීමක් බව පෙනේ... ඔහොම යමු...
පාර්ලිමේන්තු ඡන්දයෙන් පත් නොවූ ගොට්ටෙක් මුදල් ඇමතිකමට, හිනායනවා මේවාට...
ඵලදායක නොවේ...!
විකාරය හොඳටම තදවෙලා..
ජනතාව කිව්වේ 225න් ඔක්කෝටම ගෙදර යන්නනේ... වැටකොළු වෙනුවට පතෝල එපා. ඔක්කොම යන්න ගෙදර "අරගලය ජනතාවගේ නම් මෙතෙක් හිටපු දේශපාලන පිකාසෝලා අනවශ්‍යයි...