(අජන්ත කුමාර අගලකඩ සහ ශාන්ත කුලරත්න)
රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත
ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපි ඇමතිවරුන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ රාත්‍රියේම භාර දෙනු ලැබ ඇති අතර, එය අගමැතිවරයා විසින් ජනාධිපති වරයා වෙත හෙට (04) පෙරවරුවේ බාර දෙනු ඇත .
රටේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ .
කෙසේ වුවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් තබා නැතැයි ද වාර්තා වේ.
මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර එම සාකච්ඡාවේදී මත ගැටුමක් ඇති වූ බවද වාර්තා වේ.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ හෙට දිවුරුම් දීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා පැතුම එයද?
කැබිනට්ටුව ඉල්ලා අස්වෙලා හරියන්නේ නෑ. මෙක හරියට අතීසරේට අමුඩෙ ගහනව වගේ වැඩක්. අපිට ඔනේ Leardership වෙනසක්. කැබිනට්ටුව හිටියත් නැත වගේ. අපිට රජපක්ෂවරු එපා...
හොරකන් කරපු ඒවට මොකද වෙන්නෙ.මම කියන්නෙ මේ දෙන්නත් යන්න ඕනි.හොරකම් කරපු සියලුම දේ ගන්න ඕනි.
ජනධිපතිවරයා මේ සිදුකරමින් තිබෙනුයේ රටට වඩාත්ම සුදුසු කණ්ඩායම සොයමින්ය. වසර 2කට පෙර කණඩායමක් පත්කර ගත්තද ජනධිපතිවරයා රටට පොරොන්දු වූ බලාපොරොත්තු කිසිවක් කැබිනට් මණ්ඩලය ලවා ඉටුකර ගැනීමට අපොහොසත්ව තිබේ . වර්තමාන පාලනයේ නොහැකියාව නිසා රටේ අර්බුද මතුව තිබෙන බවට චෝදනා කරමින් පීඩනය සහ විරෝදය ජනතවගෙන් රජය දෙසට එල්ල වෙමින් තිබේ. මේවනවිට වර්තමාන කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු විපක්ෂයේ කණඩායම් සමග එක්ව කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ඔවුන් සමග නව ජවයකින් රට ඉදිරියට ගෙන යාමේ බලාපොරොතු සහිතව ඔවුනට අවස්ථව උදා කරදීමට ජනදිපතිවරයා තීන්දු කර ඇතිබවක් පෙනෙන්නට තිබේ. ජනතව විපක්ෂය බිහිකරනාවූ නව කැබිනට් මණ්ඩලයේ ජනතා සේවය පිලිබදව විශාල බලාපොරොත්තුවකින් සිටි. පසුගිය දසක 7 තුල ලංකා දේශපාලන ඉතිහාසයේ නොතිබූ අලුත් අවුරුද්දක් සැමරීමට ජනතව බලපොරෝතුවක්da ඇතිකර ගෙන තිබේ.
හිසරදේ දැන් කොට්ට මාරු කරලා සුවකර ගන්න බැරිතරමට උඝ්‍ර වෙලා. හොඳවැයින් වස්තියක් දෙන්න තමා තියෙන්නේ සේරම සුද්ධවෙලා යන්න.
අගමැති තමයි පට්ට හොරා. එයාව ඉවත් කර යුතුයි
අපට awshya වන්නේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම පමණක් නොවේ . ජනාධිපතිද අස්වී, පාර්ලිමේන්තුවද විසුරුවා හැර , එම මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමයි . එසේ කළහොත් වියදම් පවා අඩු කර ගන්න පුලුවන්, අරමුදල් අර්බුද කාරි අවස්ථාවෙදී . රට පාලනය කිරීම සදහා භාරකාර රජයක් පත් කරන්න ඔවුන් තේරී පත් වෙන තුරු .
මේ මොනවාද කරන්නේ..? මහජනතාව ඉල්ලන්නේ සියලුම රාජපක්ෂලා රටේ පාලනයෙන් ඉවත්විය යුතුයි ' කියලයි.ප්‍රශ්නය තව දුර ගිහින් මැදමුලන හොරු මැරුම්කන තත්වයකට රට පත්වෙන්න ඉඩතියෙනවා.
දැනුත් කරන්නේ රඟපෑමක්නේ.
"....බයිලා විසඳුම් වැඩක් නැත. මෘග චෞර රාජපක්ෂලා බලය අත්හැර යා යුතුය. උන්ගේ මැක්කන් ද යා යුතුය. කව්ද ගේන්නේ කියා නොසිතා ජන සටන ධෛර්යමත්ව ඉදිරියටම ගෙන යා යුතුය..! මන්ද කවුරු ආවත් මුන්ට වඩා හොඳය..! මුන් එතරම්ම නූගත් පෙරේත පල් හොරුන්ය ..ගල් මුසලයන්ය..."
රටට ජනතාවට ජයවේවා ... !!! රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙවා ... !!! හොරකම වංචාව දූෂණය නොමැති රාජ්‍ය තන්ත්‍රයක් ඇතිවේවා ... !!! දේශපාලකයන් හොරාකෑ රටේ මුදල් හා සම්පත් රැගෙන නැවත මහා භාණ්ඩාගාරය පුරවන්නට ඉඩකඩ ලැබේවා ... !!! දේශපාලකයන්ගේ බලය පරදා රටේ ජනතාවගේ බලය වැඩිවේවා ... !!! සැබෑ ලෙස ජනමාධ්‍ය නිදහස සුරැකේවා .. !!!
ප්රධාන රෝග වලට ප්‍රතිකාර නොකර අතුරු ආබාධ ඉවත්කර වැඩක් නැහැ ලෙඩා සුවකරන්න මුලින්ම ප්‍රධාන රෝග සුව කරන්න ඕන .ඉන් පස්සෙ අතුරු ආබාධ නිකම්ම සුවවේවි.
අලුත්ම ඩ්‍රාමා එක..
ඔලුගෙඩි මාරුවක් අවශ්‍ය නැත. ගෝටා සමග සියල්ල අස්වෙනු. ඒ සමගම සියල්ලන්ගේම දේපල හොයාගත් ආකාරය ඔප්පු කරන තෙක් තහනම් කරනු. නැවත 19වන සංශෝදනයට යනු.
ජනාධිපති ඇතුළු ඔක්කොම ඉවත් වී මහා මැතිවරණයකට යා යුතුයි...... මේ ඇමති මණ්ඩලේ කෝකා වෙනස් කලත් රටට යහපතක් වෙන්නේ නෑ...... මුන් මේ හදන්නේ බලය රැකගෙන තවත් රැදී සිටින්න..... අලුත් බලවේගයකට රට බාරදීලා යන්න නාකි හම්පඩ කාලකන්නි කැමති නෑ..... මුඕ ගහලම තමයි එලවන්න ඕන..... බල්ලෝ
මෙය තවත් එක නාට්‍ය ජවනිකාවක් පමණයි.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කැබිනට්ටුවේ අස්වීම ඇමතිවරුන් විසින් අගමැතිවරයාට ලබාදීම නීත්‍යානුකූල නොවේ යයි මාගේ හැඟීමයි. ඔවුන් එසේ කරන්නේ නම් ඒබව ජනාධිපතිට අස්වීම ලබා දිය යුතුයි. එසේ මොවුන් කලාද? එනම් තවමත් මහජනතාව මුලා කිරීම මොවුන් සිදු කරනු ලබයි.
නික්ම යාමට ප්‍රථම විදුලි සහ දුරකථන බිල් ගෙවා දමන්න...