තවත් ක්‍රීඩකයන් 50 කට කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට මේ වන විටත් ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 24 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් 50 කට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පැවසීය. 19 June 2021
උප පොලිස් පරීක්ෂක කුඩුත් සමග මාට්ටු කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී හික්කඩුව බද්දේගම පාරෙදි අද අලුයම අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 19 June 2021
දැඩි කොන්දේසි මත 21 සිට රට අරී කොවිඞ් 19 වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 21 වැනිදා අලූයම 4.00ට ඉවත් කරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 18 June 2021
දෙහිවල සතුන් වත්තේ සිංහයකුටත් කොරෝනා දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ කේසර පිරිමි සිංහයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය 18 June 2021
ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි ඉන්දියාවේ මේදිනවල වේගයෙන් පැතිර යන බී.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන් පස් දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව කොරෝනා නව වයිරස ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 17 June 2021
ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 15,000ක පොල්ලක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන තුනක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි පහළොස් දහසකට වැඩි මුදලක් ණයවී සිටින බව එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 16 June 2021
සහල් මිල ඉහළට සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 16 June 2021
සංචරණ සීමාවෙන් රටට රුපියල් කෝටි 45,000 අහිමි කරයි මාසයක කාලයක් සංචාරණ සීමා ක්‍රියාත්මකවීමෙන් රටට සිදු වන මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හතළිස් පන් දහස ඉක්මවන බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. . 15 June 2021
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක් කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 15 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය. 14 June 2021
”එක්ස්ප්‍රස් පර්ල්” කපිතාන් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 14 June 2021
කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනයට ආදාහනාගාර තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මළසිරුර ඉහළ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ මළ සිරුරක් ආදායනය කිරීමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වේ 14 June 2021
ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 13 June 2021
මධ්‍යම අධිවේගයේ ගම්පහ කොටසේ වැඩ අත්හිටුවයි මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. 13 June 2021
බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි. 13 June 2021
තෙල් මිල වැඩි කළාට විෂය බාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 June 2021
ගතවූ සතියේ දී කොවිඩ් මරණ 417 ක් ගත වූ සතියක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 417 ක් වාර්තා වී ඇත. 12 June 2021
සැර කොරෝනාව ගැන ජ‘පුර වෛද්‍ය පීඨයෙන් අලුත්ම හෙළිදරව්වක් මෙරට භාවිතා කෙරෙන අස්ට්‍රාසෙනිකා ,ෆයිසර් හා සිනොපාර්ම් යන එන්නත් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ තුනක් ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 12 June 2021
සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි දැනට පවතින සංචරණ සිමා 21 වැනි දා අලුයම 4.00 තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 June 2021
‘‘සංචරණ සීමා ඉවත් කරන්න දැඩි කොන්දෙසි‘‘ රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කෙරෙන්නේ දැඩි කොන්දේසි මත යයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි 11 June 2021
කොරෝනා මරණ තවත් 101 ක් කොරෝනා මරණ තවත් 101 ක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (11) තහවුරු කළේය. 11 June 2021
දින 22කට පසු රට සඳුදා ඇරෙයි දිවයිනට පනවා ඇති සංචරණ සීමා ලබන සදුදා අලුයම 4.00ට ඉවත් කරන බව කෝවිඩි 19 පැතිරිම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුදහමුදාපති ජෙනරාල් ශ්වේන්ද සිල්වා මහතා තහවුරු කරයි. 10 June 2021
කොරෝනා ව්‍යාප්තියෙන් ලංකාව ඉන්දියාව පරදයි කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 10 June 2021
දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින් බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 10 June 2021
පිට ගම්කාරයන්ට එන්නත් දුන්නාට සෞඛ්‍ය ලොක්කන් 2කට මාරු නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවනු ලැබ ඇත. 09 June 2021
සංචරණ සීමා නීති තවත් දැඩි කරන්න කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ. 09 June 2021
රසායනික පොහොර නිසා වසරකට 230,000ක් මරු කටට රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියන්නීය. 08 June 2021
‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘ කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 June 2021
ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා, කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 07 June 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026