ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කැලිකසල ගොඩක ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. 04 November 2021
බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) කරුණු වාර්තා කළේය. 03 November 2021
ඩොලර් නැතිව භාණ්ඩ කන්ටේනර් 900 ක් වාරයේ හිරවෙයි ඩොලර් ගැටලුව හේතුවෙන් මුදාගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 900 කට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ නිදහස් කරගැනීමෙන් තොරව මාසයකට වැඩි කාලයක් ස්ථානගතකර තිබෙන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි. 03 November 2021
අධිකරණ ඇමැති නොසතුටෙන් එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත. 03 November 2021
’’අපි හැමෝම එක රෑනක සිටිය යුතුයි’’ දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 02 November 2021
කඳසුරිදුන්ට පූජා කළ පවුම් 38ක රන් තැටිය උස්සලා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. 01 November 2021
දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කපලා දුම්රිය සංඥා පද්ධතියේ ප්‍රධාන කේබලය කැළණිය පාලම අසළින් කිසියම් පුද්ගලයෙක් කපා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥාා සහ විදුලි උපදේපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (1) පස්වරුවේ පැවසීය. 01 November 2021
‘‘මගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑ‘‘ මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 31 October 2021
එන්නත්වලට අභියෝග කරන අලුත් කොරෝනා මාරයක්? ෆයිසර්,ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ප්‍රධාන වර්ගවල එන්නත් සියල්ලකින්ම ලැබෙන ආරක්ෂාව කැඩිය හැකි ඒ.30 නමැති කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවද අවධානයෙන් පසුවන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 30 October 2021
දෙමටගොඩ රුවන් කෝටි 700ක කුඩු ගෙනල්ලා මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017- 2019 අතර කාලය තුළ ශ්‍රී ලංකාවට මුහුදු මගින් කෝටි 700කට අධික වටිනා හෙරොයින් තොගයක් ගෙන්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. 30 October 2021
ඇමතිවරු 3ක් විරෝධය පා පාරට බසිති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධ දක්වමින් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් අද (29) සමුළුවක් පවත්වමින් ආණ්ඩුව දැඩි දෝෂදර්ශනයට ලක් කළහ. 29 October 2021
කුඩු ජාවාරමාගේ ගෙදරින් කෝටි 20ක වාහන මාට්ටු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් මෙරටට එවා ඒවා අලෙවි කිරීමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි ගණන් මුදලින් කොටසක් වැයකර මිළදී ගත් බව බවට කරුණු අනාවරණය වී ඇති රුපියල් කෝටි 20 ක් පමණ වටිනා අධි සුඛෝපභෝගි වාහන 06 ක් සමග මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් නැමැත්තා රහස් පොලිසියේ රහස් පොලිසියේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (29) දෙමගොඩ වේළුවන පාරේ පිහිටි ඔහුගේ නිවෙස් දී සැකපිට අත්අඩංගුව 29 October 2021
‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘ චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් යැයි මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව පවසයි. 29 October 2021
චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය. 29 October 2021
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාව දැඩි උණුසුම් කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (28)රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 29 October 2021
ජනපති - හවුල් පක්ෂ නායකයන් අද සවස හමුවෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. 28 October 2021
රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. 28 October 2021
එක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්රමුඛ බළකායක් එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 27 October 2021
මහබැංකු අධිපති තනතුරේ බර වැඩි කරයි මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට රජය තීරණය කර ඇත. 27 October 2021
චීන පොහොර සමාගමෙන් සැර ලිපියක් චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. 26 October 2021
බුද්ධි මාරඹේ කෘෂි අමාත්‍යාංශයේ තනතුරුවලින් ඉවතට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල දරන තනතුරු සියල්ලෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතාට අද (26) උපදෙස් දී ඇත. 26 October 2021
‘‘ආණ්ඩුවේ ගින්දර පිටට නොදෙනු‘‘ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2021
සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් වගකීම් අත්හරිති? සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 October 2021
වයඹ ගුරුවරු ආණ්ඩුකාර කාර්යාලය වටලති කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය. 25 October 2021
ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත . 25 October 2021
රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක් රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 24 October 2021
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන් ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි . 23 October 2021
’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’ කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත් උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති නොවෙන්නයි ඉල්ලා සිටින බවත් ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 October 2021
‘‘තමන් වැරැදිකාරයන් නොවෙයි නම් පරීක්ෂණවලට ඉඩ දෙන්න‘‘ තමන් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ හිටියේ නැත්නම් වැරදිකාරයන් නෙවෙයි නම් පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනෑ. බය වෙන්න ඕන නැහැ. ජනාධිපති කොමිසම් වාර්තාව පැහැදිලිව කියා තියෙන දේවල් තෝර තෝර ඉන්නේ ඇයි. මේ අයට මොකක් හරි හංගන්න තියෙනවා. රහසක් තියෙනවා යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ පවසති. 22 October 2021
මෙරට පළමු සය දරු උපත කොළඹ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත. 21 October 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026