(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ රාත්‍රී සාකච්ඡාවක්ද පැවැත්වුනු අතර හෙට (12) පෙරවරුවේ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මේ වන විටත් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුතු හොදම දේ එයයි.
රටේ අනාගතය කෙසේ වෙතත් රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමේ පහත් උපක්‍රමයක් බව ඉතා පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂයට අත්කරදුන් ඉරනම ම ලංකාවටත් අත්කර දීලයි නවතින්නේ. හොරු අල්ලන්නෙත් නෑ..... හොරාකාපුවා අයකරගන්නෙත් නෑ. එයාලා යාළුවෝ මල්ලී..........
පළතුරු දේශපාලකයෙකු වශයෙන් බලය සමඟ මොළයද පහළ වේවා !
ඉගුරු දීල මිරිස් ගත්ත වගේ.මුන් තමය් රටට කෙලවෙන ඵක පටන් ගත්තේ. මහ බැංකුව කඩල.
එහෙනම්, මහින්ද වෙනුවට මහින්ද නියෝජිතයෙක්
මෙයා ආයිත් අගමැති වුනොත්, නැවතත් අවාසනාවන්ත රටක් බවට පත් වෙනවා. 2015 - 2019 දීත් හොරුන්, දුෂිතයන් ආරක්ෂා කරමින් ජනතාව රැවට්ටුවා. තමාට කඩේ යන නුසුදුසු පුද්ගලයන්ට ඇමතිකම් දුන්නා l සහ අර්ජුන් මහේන්ද්‍රන් වගේ පිට රට යාළුවන් රටේ ඉහල තනතුරුවලට පත් කරලා රටේ ඉදිරි ගමන වලක්වා. නැවතත් මේ ඩීල් රනිල් එපා.
මේ අවස්ථාවේ ඇති හොඳම විසඳුම. රට කැමැත්ත කොහොම උනත් ලෝකයේ විස්වාසය ඇති නායකයෙක් අවශ්‍ය මොහොතක අපි ඉන්නේ. මූලික දේ ආර්ථික අර්බුදය දිනන එක.
රට වැටී ඇති මේ අවස්ථාවේ සියලු වාද භේද භින්න නැතිව එකාමෙන් නැගිටීමට වෙර දැරීම අගය කළ යුතුයි.ඒ නිසා ඔබතුමාට අනෙකුත් පක්ෂ නායකයන්ට වඩා විදෙස් රාජ්‍යයන් හා නිසි පරිදි කටයුතු කළ හැකියි.රට නිසි ලෙස ගොඩගත් පසු මැතිවරණයකට යා හැකියි. පාට පක්ෂ ජාති ආගම් භේද අතැහැර රට ගොඩ ගැනීම සඳහා රජ වාසල සැවොම එකාමෙන් කටයුතු කළ යුතුයි.