(අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබූ බව දැනගන්නට ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට පෙරවරුවේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයි දැනගන්නට ඇත.
මෙ අතර ,වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානය රැස්වීමට නියමිතව තිබුණ ද එය අද පෙරවරු 10ට කල් දමා ඇත.
අගමැතිවරයා හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කණ්ඩායම අතර අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාව හේතුවෙන් එම සාකච්ඡාව හෙටට කල්දමා ඇතැයි දැනගන්නට ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් 6 දෙනකු නව ආණ්ඩුවට එක් වීමට කලින් තීරණය කර තිබූ අතර ,පක්ෂය දෙකඩ වීම වැළැක්වීම සඳහා සියලු දෙනාම ආණ්ඩුවට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර, පක්ෂය කුමන තීන්දුවක් ගත්තද තමා ආණ්ඩුවට සහාය දක්වන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශ කළේය.ආණ්ඩුවට සහාය පළ කරන බව කීවේය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලින් තීරණය කර තිබුණේ ආණ්ඩුවට සම්බන්ධ නොවී ආණ්ඩුවේ හොඳ දේවල්වලට පමණක් සහාය දැක්වීමට ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින 52 ආණ්ඩුවෙන් පසුව යළි රනිල් අගමැති කළ දා මෛත්‍රි කළ කතාව මතක් වුණා.
මේ ගොල්ලොත් ආණ්ඩු පක්ෂයේ අයමනේ... නිකන් බොරුවට ඡන්දෙ නැතිවෙයි කියලා වෙලාවෙන් වෙලාවට ස්වාධීන නාඩගම නැටුවට ආණ්ඩුවේම ඉඳලා ඊළඟ ඡන්දෙන් ජනමතය බලාගන්න පුළුවන්නේ...!
දැන් කරලා තියෙන හරිය මදැයි. තවත් රට බංකොළොත් කරන්නේ නැතිව දීලා ගියොත් හොඳයි.
හරි හරි හිටං හුටන් මහත්තයෝ, අපි හෙට අනිද්දා විතර ඔයාගේ ගෙවල් පැත්තටත් එනවා. ළඟළඟම "හිටං හුටං ගෝ ගමත් "එයි.
මං නම් හිතුවේ මෙයයි, අර දයාසිරි කියන ඒවා අහලා මේ අය යනවද නිකන්ම ගෙදර. කැපවීම කරනවද ජනතාව වෙනුවෙන්.
අමුතුවෙන් ආණ්ඩුවට යන්න දෙයක් නැහැ. මේගොල්ලෝ කොහොමත් ආණ්ඩුවේ.
කිරි පිටි පැකට් එකක් නැවත මිල වැඩි කරලා දුප්පත් පවුලක දරුවකුට කිටි වීදුරුවක් දෙන්නේ කොහොමද.?
අපිනම් ඕක වෙනබව හොඳටම දන්නවා.
සහය දුන්නෙ නැත්තම් පාස්කු ප්‍රහාරයට චූදිතයෙක් විදියට ඇතුලට දානව.
මේ අය එලවන්න ඕන ඔක්කොටොම කලින්.
අර අනුරගේ පයිල්වලට නඩු දාන්නේ කවද්ද?
මුන් ඔක්කොම හොරු මල්ලී.
විශ්වාස නොකලයුතුම පුද්ගලයන්ගෙන් ලැබෙන විශ්වාසවන්තකම කුමක්ද.?
කාලෝචිත, හොඳ තීරණයක්.
වැල යන පැත්තට මැස්ස ගහන්න දස්සයා.
සහය දුන්නෙ නැත්තම් පාස්කු ප්‍රහාරයට චූදිතයෙක් විදියට ඇතුලට දානව.
වෛරයෙන් වෛරය අමතක කර රට හදන්න. හොරකම් නවත්වන්න.
ඩොලර් බිලියන 07ක් තිබිලත් අවුරුදු 2ක් යනකොට රට බංකොලොත් කරලා රටේ මිනිස්සු පාරට දැම්මීමේ වගකීම මේ කණ්ඩායමටම තියෙනවා
නොදෝමකින් විතරක් ....මේකලා කතා කරන්නේ කටින්ද නැත්නම් දත් නැති කටින්ද....?
රනිල් ට ඇති කොන්දක් වත් රට හදන්න හැකියාවක් වත් නැහැ. ඔය තනතුර ගත්තේ තියෙන අධික බල ලෝභය නිසා. කොහොම වුනොත් මේ පත් කල ආකාරයට එකග විම හොද දෙයක් නෙමේ. ඒක නිසා පාර්ලිමෙන්තුව තුල මේ වෙනුවෙන් ඡන්ද විමසිමක් කරන්නම ඕන. දිගු කාලින ස්තාවරත්වය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුම වගේ කෙනෙක් අගමැති කරන්න ඕන. වැඩි පිරිසකගේ සහය ගන්න ඔහුට පුලුවන්. සජිත් නැතුව වෙනත් කෙනෙක් විපක්ශ නායක වෙනවා කියන කතාවේ මූලික අදහස තමයි රනිල්ට බහුතරය නැහැ කියන එක...
මජර දේශපාලනයක් කරන්නෙ. ලැජ්ජයි.
ශ්‍රිලනිප, ස්වාධීන මන්ත්‍රීවරුවරුන්ට වැඩිය සර්පයෙක් විස්වාස කරන එක ලේසියි.
දැන් තියෙන්නේ රනිල්ගේ ආණ්ඩුවට ගිහින් සිරිසේන ඇමතිකමක් ගන්නයි.
ඇත්තටම රටට ආදරේ මිනිස්සු මේ වෙලාවේ කුලල්ගාගන්නේ නෑ.
රට කන්න ආපු අය.
මේ අවසථාවේ රටේ තත්වය බලා නව අගමැති වරයාට සහය ඵල කිරිම වැදගත්.