(අංජුල මහික වීරරත්න)
නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරේ.
ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.
නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඇමතිකම් නොදෙන එක හොඳයි. නැත්නම් තව සෙට් එකක් නඩත්තු කරන්න වෙන්නේ අපිට... ඒ විතරක් නෙවෙයි, ඒ සෙට් එකේ ගෙවලුත් ගිනි ගන්න ඉඩ තියෙනවා. තව මාස 6කින්... රනිල් බාරගත්තේ කොච්චර කාලෙකටද?
අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී වයස 60/70 පැන්න මහල්ලන් නොව, අදාල ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් දැනුමැති තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම විය යුතු අතර අමාත්‍යාංශ එකට ගැලපෙන ලෙසින් (උදාහරණයක් ලෙස:- විදුලිබල හා බලශක්ති / කෘෂිකර්ම හා වාරිමාර්ග) ඇති කිරීම වැදගත් වනු ඇත.
පස්සෙ තමයි ඔය කැබිනෙට්ටුව ලොකු වෙන්නේ...
20 මදැයි වැඩක් කරන්න. රාජ්‍ය ඇමතිලා ඕනෑ නෑ. හොඳට කලමනාකරණය කරන්න පුළුවන් ප්‍රායෝගික මනුස්සයෙක් මුදල් ඇමති කරන්න. ඔක්කොම කෙරෙද්දි ෂේප් එකේ ජනාධිපති යවන්න. මාත් ඡන්දෙ දුන්නා. දැන් තිත්තයි.
විසිකරන්න ඕනෙ බේරෙවැවට...
රාජ්‍ය අමාත්‍ය ධුර යනුවෙන් ලබාදෙන නිෂ්ඵල දේශපාලන අල්ලස වහාම නතර කළ යුතුය.
කුඩා වාහන හොඳයි ගමනට...
කරුණාකර රාජ්‍ය ඇමැතිලා දාන්න එපා. බොරුවට එයාලා නඩත්තු කරන්න රටේ සල්ලි වැයවන එක විතරයි වෙන්නේ. මොකද ගොඩක් අය රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිලාට එක්කෝ වැඩ බැහැ. නැතිනම් කැබිනට් මිනිස්ටර් වැඩ කරන්න දෙන්නේ නැහැ. නැතිනම් වැඩ නොකරන කම්මැලියෝ.. ගසාකන එක විතරයි කරන්නේ..
පීරිසි කෝප්ප කුප්පි ටිකවත් දාන්න මදිද?
අද රට මුහුණපා තියෙන මේ අඳුරු අගාධයට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ මෙයා තමයි. UNP යට ලැබුණු අමරණිය අවස්ථාව "යහපාලනය" හරියට නොකර මුළු රටම පාවාදුන්නා. අදත් කරන්නේ හොරු රකින එකම තමයි.
රටේ තිබූ ආණ්ඩුව කෙරෙහිය. කාගේත් ඇස් වසා රවටා ප්‍රයෝග යොදමින් තිබූ ආණ්ඩුවම නියෝජනය වන පරිදි ආණ්ඩුවක් සැකසේ නම් ඉන් ඵලක් නැත. රටේ නොනිල පස්වන බලය ජනමාධ්‍යයයි. ඉන්වන බලපෑම් හානිකර වුවහොත් තවත් ව්‍යවසන සිදුවේ. ජනමාධ්‍ය ඇමැති ධුරය පැවැති ආණ්ඩුව නියෝජනය කරන්නෙකුට නොදිය යුතුයි.
ආරක්ෂක ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට දිය යුතුයි.
20 වැඩියි හොඳටම... 12 ක් ඇති... වෙන රාජ්‍ය ඇමතිලා එහෙම එපා...!
ගොඩක් හොඳයි..!
මෛත්‍රීපාල සම්බන්ධ කර නොගන්න. කිසිම විශ්වාසයක් නැති කෙනෙක්...!
රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි කරන්න. සියල්ලන්ම සිය පුද්ගලික වාහනයෙන් සේවයට වාර්තා කළයුතු අතර, සේවා කාලය අතර පමණක් එහි වාහන භාවිතා කළයුතුයි. පාර්ලිමේන්තු නොඑන සෑම වාරයකටම පඩියෙන් අඩුවිය යුතුයි. මුදල් ගෙවා දහවල් ආහාරය ගතයුතුයි. අපි ජොබ්වලට යන්නේ බස්, කෝච්චි වලින්. අපේ පඩියෙන් අහාර සමග... ඔවුන්ටත් එසේම වියයුතුයි.
රාජිතව නම් ගේන්න එපා. ඕන් කිව්වා. මහින්දානන්ද වගේම කෙනෙක්...!
වැඩි වුණාම වියදම් වැඩි... අඩු ගාණකට පාලනයක් කරන්න ලේසියි..
ඕනම රටක් එක්කලා ඕනම ගිවිසුමක් ගහලා රට මේ තත්වයෙන් මුදාගන්න. නමුත් රට විකුණගෙන කන්න නම් එපා...
ඒ වගේම දක්ෂ, අවංක, උගත් ලේකම්වරුන් එකී අමාත්‍යාංශවලට පත්කිරීම ඉතා වැදගත්...
ආයෝජනයන් සහ ආයෝජකයන් පාලනය කළ යුත්තේ විශේෂ, අල්ලස්, දූෂණ වලට සම්බන්ධ නැති පුද්ගලයින් විසිනි.
දේශපාලකයෝ නිවැරදි වෙනවා වගේම මිනිස්සුත් නිවැරදි විය යුතුයි. දේශපාලකයන්ට ගැති නොවන මානසිකත්වයක් ඇති ජාතියක් බිහි කළ යුතුයි.
ආරක්ෂක හා ජනමාධ්‍යය ක්ෂේත්‍ර තීරණාත්මකයි, රටේ යළි මහා ඛේදවාචක ඇති නොවීමට නම්... එම අමාත්‍ය ධුර කිසිසේත් පැවති ආණ්ඩුවේ ඇසුර, සෙවණ නොලැබූ දෙදෙනෙකුට දිය යුතුමයි.
ජාතික ලැයිස්තුවෙන් පිට ඉන්න දක්ෂ උගතුන්, බුද්ධිමතුන් අරගෙන ඒ අයට අමාත්‍යාංශ බාරදෙන්න. එක පක්ෂයකට එක අමාත්‍යාංශය බැගින් අනෙක් විපක්ෂ වලටත් දෙන්න. මොකද එතකොට කයිවාරු ගහන්න බෑ. ඔය පාරෙ ඉන්න ළමයින්ගෙනුත් එක්කෙනෙක් අරන් ඇමැතිකමක් දෙන්න. ඒ අයටම කියන්න තෝරලා එවන්න කියලා.
හර්ෂ මහතා මුදල් ඇමතිට හොඳයි...!
ඇති පස්සේ හදාගන්න.. අගමැතිතුමාට සහාය දක්වන්න මේ වෙලාවේ...!