IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


නව රජයේ කැබිනට්ටුව කුඩා වෙයි

(අංජුල මහික වීරරත්න)

නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරේ.

ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.

 



අදහස් (35)

නව රජයේ කැබිනට්ටුව කුඩා වෙයි

අරගලයට නව සතුරෙක් Friday, 13 May 2022 07:37 AM

රාජ්‍ය ඇමතිකම් නොදෙන එක හොඳයි. නැත්නම් තව සෙට් එකක් නඩත්තු කරන්න වෙන්නේ අපිට... ඒ විතරක් නෙවෙයි, ඒ සෙට් එකේ ගෙවලුත් ගිනි ගන්න ඉඩ තියෙනවා. තව මාස 6කින්... රනිල් බාරගත්තේ කොච්චර කාලෙකටද?

:       4       29

NIMALFriday, 13 May 2022 06:55 PM

රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කළත් දූෂිත චෝදනා නොලද පිරිස ඇතුළත් කර ගැනීම වැදගත් වේ.

:       1       9

දිසා....ගම්පහ. Friday, 13 May 2022 08:08 AM

අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී වයස 60/70 පැන්න මහල්ලන් නොව, අදාල ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් දැනුමැති තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම විය යුතු අතර අමාත්‍යාංශ එකට ගැලපෙන ලෙසින් (උදාහරණයක් ලෙස:- විදුලිබල හා බලශක්ති / කෘෂිකර්ම හා වාරිමාර්ග) ඇති කිරීම වැදගත් වනු ඇත.

:       2       35

jayasekara Friday, 13 May 2022 09:17 AM

පස්සෙ තමයි ඔය කැබිනෙට්ටුව ලොකු වෙන්නේ...

:       6       77

maheel Friday, 13 May 2022 09:45 AM

20 මදැයි වැඩක් කරන්න. රාජ්‍ය ඇමතිලා ඕනෑ නෑ. හොඳට කලමනාකරණය කරන්න පුළුවන් ප්‍රායෝගික මනුස්සයෙක් මුදල් ඇමති කරන්න. ඔක්කොම කෙරෙද්දි ෂේප් එකේ ජනාධිපති යවන්න. මාත් ඡන්දෙ දුන්නා. දැන් තිත්තයි.

:       5       71

Kumara Friday, 13 May 2022 10:32 AM

විසිකරන්න ඕනෙ බේරෙවැවට...

:       11       39

Ruwan R Friday, 13 May 2022 10:53 AM

රාජ්‍ය අමාත්‍ය ධුර යනුවෙන් ලබාදෙන නිෂ්ඵල දේශපාලන අල්ලස වහාම නතර කළ යුතුය.

:       2       96

[email protected] Friday, 13 May 2022 12:19 PM

කුඩා වාහන හොඳයි ගමනට...

:       3       50

sb Friday, 13 May 2022 12:45 PM

කරුණාකර රාජ්‍ය ඇමැතිලා දාන්න එපා. බොරුවට එයාලා නඩත්තු කරන්න රටේ සල්ලි වැයවන එක විතරයි වෙන්නේ. මොකද ගොඩක් අය රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිලාට එක්කෝ වැඩ බැහැ. නැතිනම් කැබිනට් මිනිස්ටර් වැඩ කරන්න දෙන්නේ නැහැ. නැතිනම් වැඩ නොකරන කම්මැලියෝ.. ගසාකන එක විතරයි කරන්නේ..

:       4       45

janahitha Friday, 13 May 2022 12:59 PM

පීරිසි කෝප්ප කුප්පි ටිකවත් දාන්න මදිද?

:       6       12

සලීම් Friday, 13 May 2022 01:23 PM

අද රට මුහුණපා තියෙන මේ අඳුරු අගාධයට සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ මෙයා තමයි. UNP යට ලැබුණු අමරණිය අවස්ථාව "යහපාලනය" හරියට නොකර මුළු රටම පාවාදුන්නා. අදත් කරන්නේ හොරු රකින එකම තමයි.

:       20       56

වත්සලා දිසානායක Friday, 13 May 2022 01:48 PM

රටේ තිබූ ආණ්ඩුව කෙරෙහිය. කාගේත් ඇස් වසා රවටා ප්‍රයෝග යොදමින් තිබූ ආණ්ඩුවම නියෝජනය වන පරිදි ආණ්ඩුවක් සැකසේ නම් ඉන් ඵලක් නැත. රටේ නොනිල පස්වන බලය ජනමාධ්‍යයයි. ඉන්වන බලපෑම් හානිකර වුවහොත් තවත් ව්‍යවසන සිදුවේ. ජනමාධ්‍ය ඇමැති ධුරය පැවැති ආණ්ඩුව නියෝජනය කරන්නෙකුට නොදිය යුතුයි.

:       3       14

වත්සලා දිසානායක Friday, 13 May 2022 01:49 PM

ආරක්ෂක ඇමති ධුරය සරත් ෆොන්සේකා මහතාට දිය යුතුයි.

:       16       24

MO77Friday, 13 May 2022 03:43 PM

විකාරද? මේක රනිල් හා පොහොට්ටුව අතර ආණ්ඩුවක්... ! 

:       5       18

වත්සලා දිසානායක Friday, 13 May 2022 04:26 PM

ඒක නිසා තමා කියන්නේ... S.F. ට එම ධුරය ලැබෙන්න පසුබිමක් සැකසේවා කියලා...!

:       12       9

L p wijenayake Friday, 13 May 2022 03:53 PM

හොඳයි..!

:       4       7

DakumiFriday, 13 May 2022 05:39 PM

SF ඔය රනිල් අටවන අටමගලයකට සම්බන්ධ වෙන්න නම් ඔහුට සමගි ජනබල සංධානයෙන් ඉවත් වෙන්න වෙනවා. කොහොමටත් රනිල්ට ඔය ඉතිරි 18 දෙනා හොයා ගන්නත් සෑහෙන ගානක් වීසි කරන්නට වෙයි.. කී දවසකටද! මෙහෙම විකාර... මහජනතාව කියන දේ මේ මිනිස්සු දෙන්නාටම ඇහෙන්නේ නැති හැටි...

:       4       12

PremaratneSaturday, 14 May 2022 12:39 AM

SF හමුදාවට හොඳ වුණාට ගිය රජයේ ඇමති කෙනෙක් ලෙස අසමත් වුණා. ඔහුගේම රාජ්‍ය ඇමති තෙවරප්පෙරුම මහතා SF දැඩිව විවේචනය කළා. වැඩ බැලීමට යනවිට රජයේ මුදලින් සුපිරි හෝටල් වල නවතින බවත්, සර්කිට් බංගලා ගුදම් වගේ මට ඒවායේ නවතින්න බැහැ කියනවා කියලත්... ඔහුට ගිය රජයෙන් දුන් කෝටි තුන මදි කිව්වා වාහනයට... මේ රටේ ඉන්නේ හිඟන්නෝ කියලා පිටරැටියෝ කියාවිලු... කෝටි තුනේ වාහනයක ගියොත්. එහෙම මානසිකත්වයකින් මේ දුප්පත් රටේ ඇමතිකම් කරන්න පුළුවන්ද? මිනිස්සු නොකා මැරෙන්නේ...

:       1       0

තරුෂ Friday, 13 May 2022 03:19 PM

20 වැඩියි හොඳටම... 12 ක් ඇති... වෙන රාජ්‍ය ඇමතිලා එහෙම එපා...! 

:       1       13

විපරමා Friday, 13 May 2022 09:39 PM

මාත් පිළිගන්නවා. අමාත්‍යාංශය බාර ඇමැතිලා ඉන්නවා නමට විතරයි. වැඩ කරන්නේ පරිපාලන සේවයේ නිලධාරීන් සහ අනික් අය. ඉඳලා හිටලා ඇමතියා ඇවිත් යනවා. පිනට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳගෙන සුවසේ ඉන්නවා. දූෂිත දේශපාලුවන් ගසාකාලා හම්බ කරගන්න හැටිත් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි.

:       0       4

Lalithpriyantha wijenayake Friday, 13 May 2022 03:54 PM

ගොඩක් හොඳයි..!

:       2       6

Jayatilleke Friday, 13 May 2022 04:53 PM

මෛත්‍රීපාල සම්බන්ධ කර නොගන්න. කිසිම විශ්වාසයක් නැති කෙනෙක්...!

:       2       18

නතාලී Friday, 13 May 2022 05:20 PM

රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි කරන්න. සියල්ලන්ම සිය පුද්ගලික වාහනයෙන් සේවයට වාර්තා කළයුතු අතර, සේවා කාලය අතර පමණක් එහි වාහන භාවිතා කළයුතුයි. පාර්ලිමේන්තු නොඑන සෑම වාරයකටම පඩියෙන් අඩුවිය යුතුයි. මුදල් ගෙවා දහවල් ආහාරය ගතයුතුයි. අපි ජොබ්වලට යන්නේ බස්, කෝච්චි වලින්. අපේ පඩියෙන් අහාර සමග... ඔවුන්ටත් එසේම වියයුතුයි.

:       0       20

PremasiriSaturday, 14 May 2022 10:56 AM

රාජ්‍ය ඇමතිධූර එපා. 20 ත් වැඩියි. ඇමතිධූර 15 නොයික්මවිය යුතුයි. සියලු පක්ෂ වලින් ඇමැතිවරු පත්කළ යුතු වන අතර වයස 60 නොයික්මවූවන් වියයුතුයි. තම තමන්ගේ වාහන වලින් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු අතර පර්ලිමේන්තුවේ ලබාදෙන ආහාරවලට සියලුම දෙනා මුදල් ගෙවිය යුතුයි. සියලු වරප්‍රසාද අහෝසි කළයුතු අතර මෙම අර්බුදකාරී අවස්ථාවේ සියලු වාද බේද පසෙකලා රට සහ ජනතාව පිළිබඳව සිතා දැන් මෙහි සිටින සියලු මන්ත්‍රීවරුන් සමගි වියයුතුයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුදෙනා ගරු සේවයක් ලෙස එය සැලකිය යුතුයි. මෙසේ නොවනතාක් මේ රට ගොඩනැගිය නොහැකියි. පත්වන නව ආණ්ඩුව ඉතාම කෙටිකාලයක් තුළ රට යථාතත්වයට පත්වූ විගස මහ මැතිවරණයක් පවත්වා නව රජයක් තෝරාගත යුතු වෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතුයි. මේ අවස්ථාවෙදී එකතු නොවන සෑම පක්ෂයක්ම මේ රටටත් ජනතාවටත් ද්‍රෝහී ලෙස සලකා රටෙන්ම අතුගා දැමිය යුතු බවද සිහිපත් කරමි. දුක් විඳින ජනතාවට ජය..

:       0       2

ජනිත් Friday, 13 May 2022 05:35 PM

රාජිතව නම් ගේන්න එපා. ඕන් කිව්වා. මහින්දානන්ද වගේම කෙනෙක්...!

:       0       8

Chandanada Heenkenda Friday, 13 May 2022 07:26 PM

වැඩි වුණාම වියදම් වැඩි... අඩු ගාණකට පාලනයක් කරන්න ලේසියි..

:       0       6

chandima Friday, 13 May 2022 08:20 PM

ඕනම රටක් එක්කලා ඕනම ගිවිසුමක් ගහලා රට මේ තත්වයෙන් මුදාගන්න. නමුත් රට විකුණගෙන කන්න නම් එපා...

:       0       3

අනුර ලොකුගමගේ Friday, 13 May 2022 08:31 PM

ඒ වගේම දක්ෂ, අවංක, උගත් ලේකම්වරුන් එකී අමාත්‍යාංශවලට පත්කිරීම ඉතා වැදගත්...

:       0       6

Ciswan De Croos Friday, 13 May 2022 08:56 PM

ආයෝජනයන් සහ ආයෝජකයන් පාලනය කළ යුත්තේ විශේෂ, අල්ලස්, දූෂණ වලට සම්බන්ධ නැති පුද්ගලයින් විසිනි.

:       0       3

Chandra jagoda Saturday, 14 May 2022 06:24 AM

ඇමැතිලා 20 කට සීමා කරන්න දූෂණ, වංචාවලින් තොර වැඩකරන්න පුළුවන් අය පමණක් ගන්න. මේ වෙලාවේ රට ගැන හිතලා වැඩකරන්න පුළුවන් ඇමැතිලයි වැදගත් වෙන්නේ.

:       0       0

Buddhika Friday, 13 May 2022 10:00 PM

දේශපාලකයෝ නිවැරදි වෙනවා වගේම මිනිස්සුත් නිවැරදි විය යුතුයි. දේශපාලකයන්ට ගැති නොවන මානසිකත්වයක් ඇති ජාතියක් බිහි කළ යුතුයි.

:       0       1

වත්සලා දිසානායක Friday, 13 May 2022 10:22 PM

ආරක්ෂක හා ජනමාධ්‍යය ක්ෂේත්‍ර තීරණාත්මකයි, රටේ යළි මහා ඛේදවාචක ඇති නොවීමට නම්... එම අමාත්‍ය ධුර කිසිසේත් පැවති ආණ්ඩුවේ ඇසුර, සෙවණ නොලැබූ දෙදෙනෙකුට දිය යුතුමයි.

:       0       0

sampath Saturday, 14 May 2022 12:00 AM

ජාතික ලැයිස්තුවෙන් පිට ඉන්න දක්ෂ උගතුන්, බුද්ධිමතුන් අරගෙන ඒ අයට අමාත්‍යාංශ බාරදෙන්න. එක පක්ෂයකට එක අමාත්‍යාංශය බැගින් අනෙක් විපක්ෂ වලටත් දෙන්න. මොකද එතකොට කයිවාරු ගහන්න බෑ. ඔය පාරෙ ඉන්න ළමයින්ගෙනුත් එක්කෙනෙක් අරන් ඇමැතිකමක් දෙන්න. ඒ අයටම කියන්න තෝරලා එවන්න කියලා.

:       0       1

Sumanasena aluthgamage Saturday, 14 May 2022 05:28 AM

හර්ෂ මහතා මුදල් ඇමතිට හොඳයි...!

:       0       0

කුසුම් කුමාරි Saturday, 14 May 2022 01:05 PM

ඇති පස්සේ හදාගන්න.. අගමැතිතුමාට සහාය දක්වන්න මේ වෙලාවේ...! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 672 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1279 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 670 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 970 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1490 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 660 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1305 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1552 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site