කැබිනට් මණ්ඩල තීන්දුවට ඇමැති තුන්කට්ටුවක් උසාවියට
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වාසුදේව නානයක්කාර,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා තීරණය කර ඇත.