IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමති 10ක් හෙට දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්  දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ අද (20 )දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ,මහින්ද අමරවීර,ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා,ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ,ටිරාන් අලස්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද,සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු ,මනුෂ නානායක්කාර යන මහත්වරුන්  මෙසේ  දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.

නිමල්  සිරිපාල ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද , සුසිල් ප්‍රේම ජයන්ත මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද ,විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස ද , ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ,අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර,ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.

 ඉතිරි හත් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත.

ඔවුන්  ඉදිරි දිනකදී දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

මේ   අතර ,රාජ්‍ය ඇමතිවරුන්  තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.



අදහස් (0)

ඇමති 10ක් හෙට දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site