IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගෑස් ගන්න හෙට පෝලිමට එන්න එපා

(යොහාන් භාසුර)

 

ගෘහස්ථ ගෑස් බෙදා හැරීම  භෙට (24 අඟහරුවාදා)  සිට සිදුනොවන බවත්  ගෑස් පෝලිම්වල නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්  කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක  වී. කේතේෂ්වරන් මහතා අද (23) රාත්‍රිය  පැවසීය. 

ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට සිදු වූ බවත් අත්‍යවශ්‍ය සේවාවලට සහ ව්‍යාපාර කටයුතු සඳහා පමණක් ගෑස් තවදුරටත් නිකුත් කරන බවත් වී. කේතේෂ්වරන් මහතා කීය. 

 මුදල් ගෙවා ඇති ගෑස් නෞකා දෙකෙන්  ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත  පළමු නෞකාවෙන් ගෑස් ගොඩබෑමෙන් පසුව ලබන සිකුරාදා හෝ සෙනසුරාදා  වනවිට නැවත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමේ හැකියාව ඇති බවකි මාධ්‍ය ප්‍රකාශකවරයා එම කාලය තුළ ජනතාව ගෑස් පෝලිම්වල සිටීම, ගෑස් වැඩි මිලට ලබාගැනීම සහ ගෑස් තොග රැස් කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ගෑස් ගන්න හෙට පෝලිමට එන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site