IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශෂි වීරවංශට ඇප

(නිමන්ති රණසිංහ)

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000  මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31) නියෝග කළේය.

චූදිත ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම දෙමසකටම වරක් අපරාධ වශයෙන් දෙපාර්තමේන්තුව හමුවේ  පෙනී සිටින ලෙසටද අධිකරනයෙන් ඇප කොන්දේසියක් නියම කළේය.

වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචන ඉල්ලීම අද (31 )දා සලකා බැලූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් විණි.

අදාළ නඩු දෙකට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ  වැඩ සහිත සිර දඬුවමක් ඉකුත් 27 වැනිදා නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එය නොගෙවන්නේ නම් මාස හයක 6 ක සිර දඬුවමක් ද නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් යොමු කර තිබුණේ නො. 233/16, රත්නායක මාවත, දකුණු තලංගම බත්තරමුල්ල පදිංචි චමින්ද පෙරේරා නැමැත්තා විසින් ඉකුත් 2015 වර්ෂයේ ජනවාරි මස 23 වැනිදාය.  

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (9)

ශෂි වීරවංශට ඇප

mahinda Tuesday, 31 May 2022 02:08 PM

පෝරකයට යායුතු පට්ටපල් හෙරක් දේශපාලක බිරිදක් නිසාවෙන් සිපිරිගෙයත් මගහැර එලියට එයි. චෞරවංශගේ ඉදිරි මුක්කුව අනුව තාක්ෂණදෝෂද ඇතිවිය හැක.

:       13       55

de silva Tuesday, 31 May 2022 02:18 PM

මොන හොරකම් කළත් ‌මේගොල්ලන් හරේ යන්නෙ නැහැ. සාමාන්‍ය මිනිහට පුළුවන්ද ඇපීල් කරල ගැලවෙන්න.

:       6       52

Rata Perata Tuesday, 31 May 2022 02:18 PM

ඔය තීන්දුව ගැන අපිනම් දැනගෙන හිටිය. ‌මේක මගෙ අදහස, අධිකරණයට අපහාස නෙමෙයි. අනිත් එක පැමිණිළිකරුගෙ ගෙදර ලිපිනයත් දාල තියනව. ඒත් වැරදිකාරියගෙ ලිපිනය නම් නෑ.

:       2       45

Hafeel Tuesday, 31 May 2022 02:22 PM

එදා 2015 දී විමල් ගුවන්තොටුපොලේදී මෙවැනි තත්වයට මුහුණ දෙනකොටත් රනිල් අගමැති. අදත් මේ මොහොතේ අගමැති රනිල්. ඉතින් විමල් වාසනාවන්තයි.

:       4       51

බද්රානි Tuesday, 31 May 2022 02:43 PM

මිලේච්ජ අමන ගෝත්‍රිකයෝ වෙසෙන රටක, සමාජයේ හා නීතියේ මීට වඩා අමුතු දෙයක් සිදුවෙන්න විදිහක් නැහැ. මුදල්, බලය මත නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එහෙම රටකට හෝ ජාතියකට පැවැත්මක් නැත. මේ වැන්නන් ලොවෙන් වඳ විය යුතුම ජාතියක් නැතිනම් ලෝකෙටම පිළලයක් මේ වැන්නන්.

:       3       54

ජගත් ලියනගේ Tuesday, 31 May 2022 02:45 PM

වැරදි කරපු අනිත් අයටත් ඔය වගේම ඇප ලැබෙත්වා !!!

:       1       47

නිහාල් Tuesday, 31 May 2022 03:24 PM

අවුරුදු දෙකක් ගෙවුනු ඉක්මන...

:       1       44

Kanthi Tuesday, 31 May 2022 04:56 PM

කොහොමද...?නාට්‍යය ලස්සනද...?

:       1       28

fairoos Tuesday, 31 May 2022 05:09 PM

අපි ඕක දන්නවා .කඩේ ගියොත් ගොඩ

:       2       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site