IMG-LOGO

තවත් 10 ඇමැතිකමේ අද දිවුරයි

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර ,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද,මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිපදෙනකුද අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, අද දිවුරුම් දෙන දස දෙනාද සමඟ ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (4)

තවත් 10 ඇමැතිකමේ අද දිවුරයි

sachith Sunday, 22 May 2022 10:12 PM

වෙන කවුද ඉතින්.., ජොන්ස්ටන්, මහින්දානන්ද, රත්තරන්, පයිලට් අරුන්දික වගේ අය තමයි.

:       0       0

ජගත් ලියනගේ Sunday, 22 May 2022 10:43 PM

ඕකකළාම රටේ දැන් තිබෙන සියලුම ප්‍රශ්න විසඳිලා යයි නේද?

:       0       0

Kapila Sunday, 22 May 2022 11:56 PM

ජනපති, අගමැති ඇතුළු මුළු කැබිනට් එක 20ක් කියලනේ කිව්වේ. තව අය මොකටද?

:       0       0

nimal Monday, 23 May 2022 06:44 AM

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් තවත් දසදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ජනතාව ඉදිරියට නොපැමිණෙන්න. ගෑස් හෝ ඉන්ධන පෝලිම් අසලට නොයන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site