(අංජුල මහික වීරරත්න)
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් පත් කර තිබේ.
ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පවරා ඇති අතර එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පවරා ඇත.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායක මහතාට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමයි.
මෙම කමිටුව විසින් අදාළ ක්ෂේත්‍රවල සියලුම පාර්ශවකරුවන් හමුවී පවතින සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ද ලබා ගෙන සමාජයේ පවතින සැබෑ තත්ත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම වාර්තා කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා .. එජාප ආණ්ඩුවකින් සහන..!
තනතුරු දෙන වැඩේ පංසලේ හිටපු පිළිවෙලටම පටං අරන් වගේ... ඕකනේ ඉතිං කරන්න බැරි...
හිනාව නවත්ත ගන්නේ කොහොමද අප්පා...?
අකිල විරාජ් හැරෙන්නට, අනිත් ඔක්කොම කම්මැලියි.
මරු කට්ටියක් පත්කරලා.. UNO එක බිංදුවට බැස්සුවේ මේ මිනිස්සුමයි. අඩු රවී විතරයි.
ඔය කමිටුවේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළොත් සුදුස්සාට සුදුසු තැන සංකල්පය ජයගනීවි... !
දැන්ම පටන් අරන් රංගෙ කප්පන් ඉල්ලන්න.
එතකොට මහබැංකුව අර්ජුන් මහේන්ද්‍රන්ටද?
පොහොට්ටුවට 2/3 තිබිලා 69 ලක්ෂයක් ඡන්ද තිබිලා අවුරුදු 2කින් ඡන්ද ලක්ෂ දෙකක් ගත්තු එක ආසනයක්වත් නොලබපු පක්ෂ නායකයෙකුට නායකත්වය දීලා ඡන්දෙ දෙන්නේ කාටද? මෙහෙම දේවල් වෙනකොට...
අකිලට කියන්න අර වොක්ස්වැගන් කම්හල ගැනත් බලන්න කියලා.
දේශපාලනීකරණය නොවූ කිසිඳු කමිටුවක් නැත.
ඉතා ඉක්මණින් නියෝජ්‍ය අගමැතිවරයෙක් පත් කරන්න. අකිල විරාජ් හෝ ඩලස් සුදුසු බව පෙනේ. දේශපාලනයෙන් පරිභාහිර කෙනෙකු වුවද කම් නැත....
ඒ කමිටු මැද ආරක්ෂක හා ජනමාධ්‍යය ක්ෂේත්‍ර තීරණාත්මකයි. රටේ යළි මහා ඛේදවාචක ඇති නොවීමට නම්. එම අමාත්‍ය ධුර කිසිසේත් පැවති ආණ්ඩුවේ ඇසුර, සෙවණ නොලැබූ දෙදෙනෙකුට දිය යුතුමයි...
පළමුව මේ වනවිට සතියක් මුහුදේ නවතා ඇති බොරතෙල් නැවට ගෙවන්න ඕන මුදල් ටික සොයාගන්න මේ කමිටුවට පුළුවන් වෙන්න ඕනේ...
බේරෙ වැවේ ඔරු පදින්න තමයි දැන් තියෙන්නේ මෙයාලාට...
මේ පාරත් කමිටු සෙල්ලම පෙන්නන්න වගේ යන්නේ. හැබැයි වැඩ පෙන්නුවේ නැතිනම් කටවචනෙට රැවටිලා විධායක බලය දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න එපා.
මේවා තමයි නියම විහිළු. ගෝඨාභය කමිටු දදා ඉන්නකොට එයා එපා කියලා උද්ඝෝෂණ පටන් ගත්තා. වෙන කෙනෙක් ගෙදර ගියා. පැරදුණු කෙනෙක් ආවා. එළවන්න හදපු කෙනා තාම ඉන්නවා. කොහෙන් හිනාවෙන්නද මන්දා..?
ඔය පරණ කට්ටියමනේ. අඩුමගානේ නමක්වත් අලුත් මිනිස්සු ටිකක් හොයාගන්න බැරිද? අනෙක කමිටු දාන්න දෙයක් නෑ. භාණ්ඩ සුලභ කළාම ප්‍රශ්නය ඉවරයි. ඩොලර් නැතිනම් ගෑස්, ඛනිජතෙල්, විදුලිය පුද්ගලීකරණය කරන්න. දැන් මිනිස්සුන්ට කල්මරණ විසඳුම් එපා. මේ පත්කළ අය ගැන එතරම් ප්‍රසාදයක් නැහැ.
තව ණය ගනිල්ලා... සල්ලි අච්චු ගහපල්ලා... නැතිනම් සහන දෙන්න බැහැ.
පොහොට්ටුවේ නිහඬ, බුද්ධිමත් දක්ෂයෝ ඉන්දැද්දී මේ වගේ පාවාදීමක් කළේ මොකද? මේ රටේ දේශපාලන සූදුවේ නායකයින් යැයි කියාගන්නා කීප දෙනෙක් අතර පමණයි. වෙන දක්ෂ නව නායකත්වයකට ඉඩක් නැහැ. නිදහසෙන් පසුව පවුල් අතරේ හුවමාරු වෙනවා. රටට යහපතක් වුණෙත් නැහැ.
මරුම බඩු ටිකක් තමයි පත්කරලා තියෙන්නේ. රට නම් ගොඩම තමයි...
අයියෝ මෙයාලා ඉන්නකන්ම කළේ ඔය නානාප්‍රකාරයේ කමිටු දමදමා හිටිය එකනේ.. ආයිත් ඇවිත් මොනවා කරනවද මන්දා..? මහජනතාව කන්න උපන් දේශපාලකයින් ටිකක්..