IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අර්බුදයට විසඳුම් සොයන්න අගමැතිගෙන් කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කොට යෝජනා ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් පත් කර තිබේ.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පවරා ඇති අතර එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පවරා ඇත.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායක මහතාට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමයි.

මෙම කමිටුව විසින් අදාළ ක්ෂේත්‍රවල සියලුම පාර්ශවකරුවන් හමුවී පවතින සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ද ලබා ගෙන සමාජයේ පවතින සැබෑ තත්ත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම වාර්තා කිරීමට නියමිතව ඇත.



අදහස් (25)

අර්බුදයට විසඳුම් සොයන්න අගමැතිගෙන් කමිටුවක්

nanda Friday, 13 May 2022 03:46 PM

ජයවේවා .. එජාප ආණ්ඩුවකින් සහන..!

:       49       50

යහපාලන් Friday, 13 May 2022 04:04 PM

තනතුරු දෙන වැඩේ පංසලේ හිටපු පිළිවෙලටම පටං අරන් වගේ... ඕකනේ ඉතිං කරන්න බැරි...

:       16       72

රනේ Friday, 13 May 2022 04:13 PM

හිනාව නවත්ත ගන්නේ කොහොමද අප්පා...?

:       17       150

Kumar de silva Friday, 13 May 2022 04:22 PM

අකිල විරාජ් හැරෙන්නට, අනිත් ඔක්කොම කම්මැලියි.

:       19       51

Buddika Friday, 13 May 2022 05:02 PM

මරු කට්ටියක් පත්කරලා.. UNO එක බිංදුවට බැස්සුවේ මේ මිනිස්සුමයි. අඩු රවී විතරයි.

:       9       53

siriSaturday, 14 May 2022 04:29 AM

කපටි ඩීල් දේශපාලනේ තමයි මේ රට අගාධයට දැම්මේ..!

:       0       0

Kule Friday, 13 May 2022 05:18 PM

ඔය කමිටුවේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කළොත් සුදුස්සාට සුදුසු තැන සංකල්පය ජයගනීවි... !

:       2       148

Maruo Friday, 13 May 2022 05:56 PM

දැන්ම පටන් අරන් රංගෙ කප්පන් ඉල්ලන්න.

:       2       25

Hafeel Friday, 13 May 2022 05:58 PM

එතකොට මහබැංකුව අර්ජුන් මහේන්ද්‍රන්ටද?

:       7       29

siril Friday, 13 May 2022 06:00 PM

පොහොට්ටුවට 2/3 තිබිලා 69 ලක්ෂයක් ඡන්ද තිබිලා අවුරුදු 2කින් ඡන්ද ලක්ෂ දෙකක් ගත්තු එක ආසනයක්වත් නොලබපු පක්ෂ නායකයෙකුට නායකත්වය දීලා ඡන්දෙ දෙන්නේ කාටද? මෙහෙම දේවල් වෙනකොට...

:       10       29

nandaSaturday, 14 May 2022 06:31 AM

2/3 අගමැතිකමට පත්කරගන්න කිසිම සුදුස්සෙක් හිටියේ නැද්ද? වගකීම් ගන්න බැරිනම් පොරොන්දු වෙලා 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තේ මොකටද? අන්තිමට අහක හිටපු කෙනෙකුට ආණ්ඩුවම බාරදෙනවා.

:       0       0

සුජිත් පල්ලේවත්ත Saturday, 14 May 2022 07:50 AM

ඡන්දය විතරක් දීලා මදි... සහයෝගයත් දෙන්න ඕනෑ. ලක්ෂ 69ක් ඡන්දය දීලා ඒ අයම පාරට බැස්සාම පැරදුණු අයව තමයි ඉතින් පත් කරන්න වෙන්නේ...!

:       0       0

P Ilangaratne Friday, 13 May 2022 06:03 PM

අකිලට කියන්න අර වොක්ස්වැගන් කම්හල ගැනත් බලන්න කියලා.

:       5       33

Demuni Uduwara Friday, 13 May 2022 08:10 PM

දේශපාලනීකරණය නොවූ කිසිඳු කමිටුවක් නැත.

:       0       119

nimal Friday, 13 May 2022 09:57 PM

ඉතා ඉක්මණින් නියෝජ්‍ය අගමැතිවරයෙක් පත් කරන්න. අකිල විරාජ් හෝ ඩලස් සුදුසු බව පෙනේ. දේශපාලනයෙන් පරිභාහිර කෙනෙකු වුවද කම් නැත....

:       1       0

වත්සලා දිසානායක Friday, 13 May 2022 10:24 PM

ඒ කමිටු මැද ආරක්ෂක හා ජනමාධ්‍යය ක්ෂේත්‍ර තීරණාත්මකයි. රටේ යළි මහා ඛේදවාචක ඇති නොවීමට නම්. එම අමාත්‍ය ධුර කිසිසේත් පැවති ආණ්ඩුවේ ඇසුර, සෙවණ නොලැබූ දෙදෙනෙකුට දිය යුතුමයි...

:       0       0

ප්‍රබාත් Friday, 13 May 2022 10:29 PM

පළමුව මේ වනවිට සතියක් මුහුදේ නවතා ඇති බොරතෙල් නැවට ගෙවන්න ඕන මුදල් ටික සොයාගන්න මේ කමිටුවට පුළුවන් වෙන්න ඕනේ...

:       0       0

de silva Friday, 13 May 2022 10:36 PM

බේරෙ වැවේ ඔරු පදින්න තමයි දැන් තියෙන්නේ මෙයාලාට...

:       0       1

chandima Friday, 13 May 2022 11:03 PM

මේ පාරත් කමිටු සෙල්ලම පෙන්නන්න වගේ යන්නේ. හැබැයි වැඩ පෙන්නුවේ නැතිනම් කටවචනෙට රැවටිලා විධායක බලය දෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම වෙනස් කරන්න එපා.

:       0       2

Rata Perata Friday, 13 May 2022 11:05 PM

මේවා තමයි නියම විහිළු. ගෝඨාභය කමිටු දදා ඉන්නකොට එයා එපා කියලා උද්ඝෝෂණ පටන් ගත්තා. වෙන කෙනෙක් ගෙදර ගියා. පැරදුණු කෙනෙක් ආවා. එළවන්න හදපු කෙනා තාම ඉන්නවා. කොහෙන් හිනාවෙන්නද මන්දා..?

:       0       1

sampath Friday, 13 May 2022 11:55 PM

ඔය පරණ කට්ටියමනේ. අඩුමගානේ නමක්වත් අලුත් මිනිස්සු ටිකක් හොයාගන්න බැරිද? අනෙක කමිටු දාන්න දෙයක් නෑ. භාණ්ඩ සුලභ කළාම ප්‍රශ්නය ඉවරයි. ඩොලර් නැතිනම් ගෑස්, ඛනිජතෙල්, විදුලිය පුද්ගලීකරණය කරන්න. දැන් මිනිස්සුන්ට කල්මරණ විසඳුම් එපා. මේ පත්කළ අය ගැන එතරම් ප්‍රසාදයක් නැහැ.

:       0       1

pakeer Saturday, 14 May 2022 12:46 AM

තව ණය ගනිල්ලා... සල්ලි අච්චු ගහපල්ලා... නැතිනම් සහන දෙන්න බැහැ.

:       0       1

nanda Saturday, 14 May 2022 04:34 AM

පොහොට්ටුවේ නිහඬ, බුද්ධිමත් දක්ෂයෝ ඉන්දැද්දී මේ වගේ පාවාදීමක් කළේ මොකද? මේ රටේ දේශපාලන සූදුවේ නායකයින් යැයි කියාගන්නා කීප දෙනෙක් අතර පමණයි. වෙන දක්ෂ නව නායකත්වයකට ඉඩක් නැහැ. නිදහසෙන් පසුව පවුල් අතරේ හුවමාරු වෙනවා. රටට යහපතක් වුණෙත් නැහැ.

:       0       1

මෝ Saturday, 14 May 2022 07:52 AM

මරුම බඩු ටිකක් තමයි පත්කරලා තියෙන්නේ. රට නම් ගොඩම තමයි...

:       0       1

Sadarana Saturday, 14 May 2022 10:09 AM

අයියෝ මෙයාලා ඉන්නකන්ම කළේ ඔය නානාප්‍රකාරයේ කමිටු දමදමා හිටිය එකනේ.. ආයිත් ඇවිත් මොනවා කරනවද මන්දා..? මහජනතාව කන්න උපන් දේශපාලකයින් ටිකක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site