IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නීතිපතිගේ උපදෙස් පිළිපදින්න

(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පහර දීමට අදාලව  නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   නියෝජය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගෙන ඇති  සැකකරුවන් 22  දෙනා  මෙම අපරාධවලට සම්බන්ධබවට  සාධාරණ සැකයක් ජනිත වන්නේ ද  යන්න තවදුරටත් විමර්ශන කරන ලෙසට උපදෙස් ලබා දී ඇත බවද  පොලිස් මුලස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය   නීතිපතිවරයා වෙත  වාර්තා කරන ලෙසට ද  පොලිස්පතිවරයා   වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (5)

නීතිපතිගේ උපදෙස් පිළිපදින්න

සෙනෙවිරත්න Tuesday, 17 May 2022 12:38 PM

එහෙට මෙහෙට විමර්ශන , මේ හදන්නෙ කල් මරන්න, සම්බන්දදැයි විමර්ශන කරනවලු, අර දේපල විනාශ කලා කිියල අත්අඩංගුවට ගත්තෙ ඔව කරලද? නිකං යන්න බැරිනම් බැහැ කියන්න. ජනතාව ආයෙමත් නීතිය අතට ගනීවි.

:       0       0

chandana Tuesday, 17 May 2022 01:36 PM

කොන්දේ අමාරුවක් තිබෙනවානම් කෙලින්ම ප්‍රකාශ කරලා ඔබට පැවරී ඇති වැදගත් රැකියාව පොඩි ළමයෙකුට දීලා යන්න... සමහරවිට පූජිතට වුණා වගේ කාලයක් කූඩුවේ ඉන්නත් සිදුවෙන්න පුළුවන්. හැබෑට ඔබට ආත්ම ගරුත්වයක්, ලැජ්ජාවක් නැතිද...?

:       0       0

siri Tuesday, 17 May 2022 01:47 PM

මේ සියලුම වැඩපිළිවෙල සංවිධානය කරලා අවශ්‍ය අයට කළයුතුදේ ගැන දුරකතනයෙන් උපදෙස් දුන්නාය කියන අය දැන් පවුල පිටින් ඕස්ට්‍රේලියාවට පැනලා ඉන්න කෙනා ගැන දන්නේ නැද්ද ?

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 May 2022 04:35 PM

නීති සංගමයෙන් ඉල්ලා සිටින්නේ මේ පුද්ගලයින් වෙනුවෙන් පෙනී නොසිටින ලෙසයි...

:       0       0

පරාක්‍රම වර්නසූරිය Tuesday, 17 May 2022 05:27 PM

අතීත අත්දැකීම් එක්ක පවතින ආණ්ඩුවට විරුද්ධව පොලිසිය කටයුතු කරනොමැති බව අපි දනිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site