(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඒ මහතා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයවත් අනිවාර්යයෙන් ඇතුළට දැමිය යුතුයි. හොස්පිටල් යන්න නොදී...!
මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය හොඳින් දන්නා අපට ඔය අත්අඩංගුවට පත්වීම් වැදගත් නැහැ. ඔය මනුස්සයා දැන් අසනීප වෙලා ඉන්නවාද කියලයි අපිට දැනගන්න ඕනෑ. මේ හදන්නේ "ගෝඨාගෝ ගමට" එල්ල කළ ප්‍රහාරයෙන් පසුව සිදු කළ ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමට පාර කැපීමයි. අපි නම් ඔය නින්දිත උප්පරවැට්ටිවලට රැවටෙන්නේ නැහැ. මරණ දඬුවම නියම වෙලා බන්ධනාගාරේ හිටිය මිනීමරුවන් ඒක ඇතුලේ ඉන්නාතෙක්ම අසනීපෙන්නේ හිටියේ. ජනාධිපති සමාවෙන් එළියට ආපු ගමන් සුවවෙලා අන්න දැන් රජයේ රැකියාවකුත් කරනවා. හිතන්න එපා අපි රැවටුණයි කියලා. අපි කරන මේ ශාපය වදිනවා නියතයි...!!
"නිදොස් කොට නිදහස් කිරීම හෙවත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් බඩුත් හාමුදුරුවන්ගේ" නාඩගමේ නැවත ප්‍රචාරයක්. සාමකාමී අරගල කරුවන්ට පහරදීපු සියලුම දෙනාම නීතිය ඉදිරියට ගෙන එන වැඩේ බාරදීලා තියෙන කණ්ඩායම ගැන බොහෝදෙනාගේ තියෙන්නේ විචිකිච්ඡාවක් කියලයි තතු දන්නා උදවිය කියා ඇත්තේ. මොකද ඔය ලැයිස්තුවේ නම් තියන සමහරු සල්ලි ගෙවලා හෙලිකොප්ටර් වලින් එහාට මෙහාට යනවාලු... එක තැනක ඉන්නේ නැතිලු. හිටියත් කාටවත් අවසරයක් නැතුව යන්න බැරි තැන්වල තවත් ප්‍රබලයින් එක්කලු ඉන්නේ... අපි ඉතින් අර කාගෙද මොකද්ද වැටෙන කල් හිටියා වගේ බලාගෙන ඉඳිමු...
අම්මෝ දැන් ගහනවා ඇති...
මේවා නිකන් මාධ්‍ය සංදර්ශන...