IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අරලියගහ මන්දිරය අසල උණුසුම් වෙයි

( ඉන්දිකා රාමනායක)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් අද ( 09)  උදෑසන අරලිගහ මන්දිරයට පැමිණි පිරිස් අගමැතිවරයා හමුවීමෙන් පසුව එම ස්ථානයෙන් පිටත්ව ගෝල්ෆේස් දක්වා ගමන් ඇරැඹු අතරතුර  අගමැතිවරයාට ඉවත්වන්නැයි සඳහන් කරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමීව විරෝධයේ නිරතවන පිරිස සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇති වූහ.

එහි ඉදිකර ඇති අට්ටාල කඩා බිද දැමීමටද එම පිරිස් කටයුතු කළහ. ආණ්ඩුවට එරෙහිව සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසට පහරදෙමින් ඔවුන්ගේ අට්ටාල කඩා දමා ඒවා ගිනි තබා ඇතැයි ද වාර්තා වෙයි.

මාධ්‍යවේදීන් පිරිසට ද විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇත.

(ජයමාල් චන්ද්‍රසිරි)

වැඩිදුර තොරතුරු මෙතැනින්: ගාලු මුවදොර මිනිස් වැටක්



අදහස් (10)

අරලියගහ මන්දිරය අසල උණුසුම් වෙයි

Gamini Monday, 09 May 2022 12:21 PM

මිනිස්සු කොටවන එක තමයි ඔවුන්ගේ ආයුදේ...

:       3       40

Prabha Monday, 09 May 2022 12:35 PM

ලේ ටිකක් දකිනකල් ඔය මනුස්සයා දාලා යන්නේ නැහැ. ඔය ඔක්කොම දේවල් එයා සහ පවුලේ උදවිය ප්ලෑන් කරලා කරන දේවල්.

:       1       17

nanda Monday, 09 May 2022 12:43 PM

ඔන්න මහනායක හාමුදුරුවනේ, උපාසක මහත්තයාගේ නියම ස්වරූපය පේනවා නේද? දැන් මිනිස්සු පෝළිම්වල බඩගින්නේ... සමහරු මැරෙනවා. මෙයාලා බලේ රැකගන්න තක්කඩි වැඩ ඔක්කොම කරනවා.

:       1       16

සී.යූ . Monday, 09 May 2022 12:45 PM

සාමකාමී අරගලයට දේශපාලන හෙන්චයියන් දමා කරනු ලබන මෙවැනි නින්දිත පහරදීම් නිසා ගරු අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කෙරෙහී පීඩිත සෑම පුරවැසියෙකගේම පිළිකුලට හා වෛරයට පත්වී එළබෙන ආසන්නතම මැතිවරණයේදීම නිසි පිළිතුරු මොවුන්ට ජනතාව ලබාදේවී. එය නම් නියතයි... සහතිකයි.

:       1       13

මැක්ස් Monday, 09 May 2022 12:53 PM

ආණ්ඩු වි⁣රෝධීන්ට වගේම ආණ්ඩුවට සහාය දක්වන අයටත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍ර නිදහස තිබිය යුතුයි. නමුත් ඔවුන් වෙනුවෙන් හඬ නැගීමට බටහිර තානාපති කාර්යාල නොමැති බව සිහිතබා ගත යුතුයි...

:       8       5

මරිසිපාල Monday, 09 May 2022 12:56 PM

විශ්ව විද්‍යාල සිසුන්ට ගහන්න කඳුලු ගෑස් නැද්ද? මෙහෙම විනාශ කරද්දී පොලිසිය බලා ඉන්නේ ඇයි?

:       5       4

ajith Monday, 09 May 2022 12:57 PM

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඍජු තීරණ ගත් නායකයෙකි. ඔහු මේ වනවිට තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇත්නම් විරෝධතාකරුවන් කුමන ඉල්ලීම් කළද ඔහුගේ තීරණය වෙනස් නොවනු ඇත. නමුත් අගමැති ධුරයෙන් ඉවත්වීමට පෙර එතුමා රටට ලබාදෙන්නා වූ පණිවිඩය දේශපාලන වශයෙන් රටට වැදගත් වනු ඇත.

:       6       4

Ruwan R Monday, 09 May 2022 01:05 PM

කෝ අර ශ්‍රී ලංකා පොලීසිය?

:       1       3

Anura Monday, 09 May 2022 01:07 PM

කෝ එතකොට හදිසි නීතිය?

:       1       3

ඩුයි Monday, 09 May 2022 02:58 PM

පහන නිමෙන්නට පෙර දැල්වෙනවා ගොඩක් දීප්තියෙන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site