IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින්  තේරී පත් විය.

අජිත් රාජපක්ෂ මහතා ඡන්ද  109   ලබාගත් අතර රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 78  කි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා:-(පොපෙ) විසින් නියෝජ්‍ය  කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත්:-(පොපෙ) මහතා එම යෝජනාව ස්ථිර කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහිණී කවිරත්න මහත්මිය ගේ නම යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ඡන්ද  23  ප්‍රතික්ෂේපිත ලෙස ප්‍රකාශ  කෙරිණි.



අදහස් (7)

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ

නවීන් ලසන්ත Tuesday, 17 May 2022 12:02 PM

කතානායකත් අලුතෙන් තෝරගනිල්ලා. යාපා එලවලා, ශශේන්ද්‍ර රාජපක්ෂ පත්කරගන්නවට අපි එකගයි.

:       0       0

සුරංග Tuesday, 17 May 2022 12:52 PM

වියදම කීයක් වුනාද

:       0       0

de silva Tuesday, 17 May 2022 01:41 PM

ඔක්කොම තනතුරු ටික පොහොට්ටුවන්ටම...

:       0       1

Bimbiki Tuesday, 17 May 2022 02:51 PM

සජිත්ට නියෝජ්‍ය කථානායකවත් පත් කරගන්න බැරිඋනානේ අය්යෝ සජිත් ඕක ළමයෙකුට දුන්නනම් හොඳයි.

:       0       0

චින්තක Tuesday, 17 May 2022 03:37 PM

අගමැතිවරයා කීප අවස්ථාවකම කිව්වා රාජපක්ෂ කෙනෙකුට මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න බැහැ කියලා.. දැන් නියෝජ්‍ය කතානායක වෙලා තියෙන්නේ රාජපක්ෂ කෙනෙක්.., එහෙම නිසා තවත් කෙනෙක් කියාවි මේ ඒ රාජපක්ෂලා නොවෙයි කියලා. මෙහිදී එහෙම කියන්න බැහැ. මොකද මේ රාජපක්ෂත් හම්බන්තොට කෙනෙක්... සමහර විට අර පරම්පරාවේ කෙනෙක් වෙන්න පුළුවන්..!

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 17 May 2022 04:06 PM

කුරහන් සාටකය සමග කොණ්ඩය තව පොඩ්ඩක් තිබුණානම්. ‘‘මයිනා‘‘ කියන්නත් තිබුණා. තවමත් පාර්ලිමේන්තුව තුළ හම්බන්තොට සහ රාජපක්ෂවරුන්ගේ අවතාර හොල්මන් කරන බව මේ ඡන්දයෙන් පැහැදිලි වෙනවා.

:       0       1

Lalith Tuesday, 17 May 2022 04:58 PM

තවත් රාජපස්ස කෙනෙක්. එයත් හම්බන්තොටින්. හනේ මන්ද....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site