(අජන්ත කුමාර අගලකඩ)
මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බව රජය දැනුම් දෙයි.

(අජන්ත කුමාර අගලකඩ)
මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (02දා) සවස 06.00 සිට සඳුදා (04දා) උදෑසන 06.00 දක්වා පැය 36 ක කාලයක් රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙන බව රජය දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න බොන්න ගෙදරට ගෙනත් දෙනවද?
ඇයි මේ... මහජනයාට ඔච්චර බයද? විකල්ප නැහැ ආණ්ඩුවට ගෙදර යන්න වෙනවාමයි...!
රට පවතින්නේ අතිශය අමාරු අඩියකයි. නමුත් බස්ගිනි තියා හෝ පාරවල් ගානේ යමින් කෑ කෝ ගැසුවාට ඩොලර් ලැබෙන්නේ වත්, ඩීසල්, පෙට්‍රල් ලැබෙන්නේවත් නැත. විදුලියද එසේමයි. එමනිසා බොර දියේ මාළු බාන්න උත්සාහ කරන අවස්ථාවාදීන්ට අවස්ථාව නොදීම සඳහා ඇඳිරි නීතිය පැනවීම හොඳයි. තව වසර 5කින් පමණ පැමිණීමට නියමිත වූ මේ ආර්ථික අහේනිය කොවිඩ් නිසා කළින්ම ආවේය. රජයට මෙන්ම විපක්ෂයටද මෙයට විසඳුම් නැත. දැන් අප වසර කීයක සිට ජ. මූ. ලෙට යනවද? නමුත්, පිටරටින් සුඛෝපභෝගී දේ රැගෙනවිත් වෙළෙද පොළ පිරෙව්වා පමණි. තෘප්තිමත් නොවන අප රටේ මධ්‍යම පාන්තික ජනතාවගේ මනදොල සපිරීමට කටයුතු කරනවාට වඩා කුමන රජයක් විසින් හෝ කළයුත්තේ නිෂ්පාදනයට දිරිදීමයි. ඉටි පන්දම් දල්වාගෙන, බස් ගිනි තියාගෙන ලංකා වසන්තයක් කැන්දන්නට වලිකන බොහෝදෙනාට ගැටලුව වී ඇත්තේ, විදුලිය නොමැතිවීම නිසා වායුසමනය නොමැති වීමත්, පෙට්‍රල්, ඩීසල් හිඟනිසා සති අන්තයට චාරිකා යන්නට සහ විදුලිය කැපිල්ල හේතුවෙන් කොම්පියුටරයෙන් රට කරන හැටි කියන්නටත්, චිත්‍රපටි බැලීමටත් ඇති අවස්ථාව නොමැති වීමේ ප්‍රශ්නයයි...!!!
ජාතිවාදීව ඡන්දය භාවිතාකළ සාපය ජනතාව අත්විඳිමින් සිටියි...
අපට දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ රටේ බඩු මිල අඩුවී, දූෂණය නැතිවී රටට, ජනතාවට සහන ලැබීමයි. ඒ නිසා දැන් හෝ වැඩකට නැති ඇමැතිවරුන් ඉවත්කොට, අකාර්යක්ෂම ආයතන ලොක්කන් ඉවත් කොට ජනතාවට සහන සලසන්න. එවිට ජනතාව නිකන්ම නිහඬ වේවි. කරුණාකර වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් ජනතාව බිල්ලට දී බොරදියේ මාළු ඇල්ලීම සඳහා කටයුතු නොකරන්න...
කන්න බොන්න පොලිසියෙන් ගෙනත් දෙනවද හලෝ...?
කොවුලගෙ නාදෙ නැත අවුරුද්දට පතුර දැකලාම උද්ඝෝෂණේ හඬ ඇහිලාම මිතුරු හමුදාවත් සීරුවෙන්ම හිටවලා කිරි උතුරා දැකගන්නට වෙයිද ගලායන රතු ලේ වතුර...?
නන්දසේන බලයට පත්වූ දා පටන් කළේම නොකළ යුතු දේවල්. ජනතා විරෝධය මේ ආකාරයට නවත්තන්න හදන එක මොන තරම් අනුවණ කමක්ද? හිතාගෙන ඇති ලංකාව තියෙන්නේ වෙනම ග්‍රහලෝකයක කියලා... ඇදගෙනම නාගන්නවා.
නන්දසේන උන්නැහේ වැඩේ අනාගන්න වගේ යන්නේ,ජනතාවගේ විරෝධය ඉතාමත්ම බලවත්.ඔබ ප්‍රතික්ෂේපයි.ඔබට තරමක හෝ මොළයක් ඇත්නම් කරුණාකර ආණ්ඩුව විසුරුවා හරින්න.මැතිවරණයකට යන්න.
ඇදිරිනීතිය නම් මම ගෙදර මිදුලේ පාරට පෙනෙන සේ මගේ බෝඩ් ලෑල්ල හො කලු කොඩිය ඔසවාගෙන සිටිමි. මෙසේ ගියොත් මේ අනුවනයාට ඇදිරිනීතිය තව අවුරුදු තුනක් නොකඩවා දැමිය යුතුය. පොලිසිය තව අවුරුදු තුනක් මිනිහෙක්ට පාරට බහින්න බැරි විධියට නොකඩවා මුර කර යුතුය. එම්බල මෝඩය... මෙය ප්‍රායෝගිකව සිදුවිය නොහැක්කක් බව තොපට නොවැටහේද...? තොපගේ බලය ගිලිහී මහජනයා ඇතට ගොස් ඇති බව නොවැටහේද...?
ඇදිරි නීති දමදමා දගලන්නේ නැතුව හිගයක් නැතුව තෙල් ගෑස් කිරිපිටි බෙහෙත් ටික දීල විදුලිය කපන්නේ නැතුව බඩුමිල ඉහලයාම මෙතනින් නවත්තල රසායනික පෝරටික සාධාරන මිලකට දුන්නනම් ජනතා උද්ඝෝෂන නිකම්ම නතරවෙලා යයි. එවැනි සුළු දෙයක්වත් බැරිනම් ආණ්ඩුවක් මොකටද?
අපිට ගෙදරින් එලියට යන්න බෑ. ගෑස් හෝ විදුලිය නැ. ආහාර මිලදී ගැනීමට හැකියාවක් නැ. හිරේ ඉන්න මිනිස්සුන්ට මීට වඩා නිදහසක් තියෙනවා.
Fb එකේ චූ කොල්ලෝ කෙල්ලෝ ටිකකට බය උන තරමක්.
නියමයි ජනාධිපතිතුමා ,මුන්ව මට්ටු කරන්න නම් අඩු ගානේ මාසයක්වත් එක දිගට ඇඳිරි නීතිය දාන්න.
අර සින්දුව මතක් උනා (නන්දසේන ගෙ ඡන්දෙ කාලේ ගිය) .
ප්‍රශ්නයට මූලික හේතුව දූෂණය සහ අවනීතියයි. ඒක නැති වෙනකම් ලංකාවේ මිනිස්සු දුක් විදිනවා. ඔවුන් තව තවත් දුප්පතුන් බවට පත්වන අතර මෝඩයන් සුළුතරයක් පොහොසත් වනු ඇත.
පක්ෂ විපක්ෂ දේශපාලුවනි, ඔබ සැමට කැඳ නැති අවුරුද්දක් වේවා !!!