(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන්  අද (04) පෙරවරුවේ  ඉල්ලා අස්විය.

ඔහු  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා  ඇත.

කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින්  තමා ද  මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.