
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා(23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ඇමති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ වෙනුවට ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයෙන් නියෝජිතයන් දෙදෙනකු පමණක් සර්ව පක්ෂයේ සමුළුවට යැවීමට තීරණය කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊට සහභාගි වනු ඇතැයි දැනගන්නට ඇත.
එසේ වුවද ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.
රටේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා පැවැත්වෙන අතර ,ඊට සහභාගි වන්නැයි ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇත .
ආණ්ඩුව සර්ව සර්වපාක්ෂික සමුළුවක් නමින් සාකච්ඡාවක් කැදවා ඇත්තේ අවංක වුවමනාවකින් නොවන බැවින්, ඊට සහභාගී නොවීමට වාසුදේව නානයක්කාර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් තීරණය කර ඇතැයි හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.
රට තුළ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර ,සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ බොරුවට බවද ඔහු සඳහන් කළේය .
රටම ආණ්ඩුවට බනින මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේ එම බැනුම බෙදාගැනීමට යැයිද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි පැකට් එකක් රු. 800/- ට, පාන් ගෙඩියක් රු.100 ට, මාලූපාන් එකක් රු.80 ට ගොස් තිබේ. තෙල් පෝලිම් ගෑස් පෝලිම් රටපුරා... තවත් සර්ව පාක්ෂික සමුළුවකට යායුතු නැහැ. රටට වහා විකල්පයක් ඉතා ඉක්මණින් අවශ්‍යයි...
විමල්, කණ්ඩායම ආණ්ඩුවේ ඉන්නවා නම් ඔය කියන සමුළුවට සහභාගි වෙලා තම මතය ඉදිරිපත් කරන්න ඕනේ.... එහෙම නැතිනම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා විරුද්ධ පක්ෂයේ අසුන් ගන්න ඕනේ... මේ දෙකටම නැතිව කරන විකාර නාඩගම්වලින් අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. ලබන පාර මෙයාලට මනාප ගහන්න කිසිම අවශ්‍යතාවයක් නොමැත.
2/3කේ බලයත් ලබාදීලා ඔබලා දැන් රට රවටන්න කියනා කතා කිසි වැදගැම්මකට නැහැ...
මේ අය ගියත් එකයි, නැතත් එකයි. ඔය සමුළුව තිබ්බත් එකයි..., නැතත් එකයි.
"රටම ආණ්ඩුවට බනින මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇත්තේ එම බැනුම බෙදාගැනීමට යැයිද හෙතෙම කීවේය."... ඔව් බෙදාගන්න ඕනේ තමයි. ඔබතුමාලත් කොටස් කාරයෝනේ. මේ වෙලා තියෙන විනාශයට ඔය හැමෝම වගකියන්න ඕනේ. පැනලා යන්න බෑ.
ඉතින් මොකද්ද වෙන්නේ? අන්තිමට මේ සමුළුවත් තව එක කාර්ය සාධක බලකායක් පමණක් වේවි. සභාපති රටේ ජනාධිපත් නම් තව කමක් නැහැ...
මේකත් ජනතාව ඇන්දවීම වගේ වැඩක්... මේ වෙලාවේ සමුළු තිබ්බාම ඔක්කොම හරියයි. ලෝකෙටම අණබෙර ගහලා මහ ලොකුවට වියත්මග කියලා සෙට් එකක් ගෙනාවා. වැඩක් වුණාද?
බොරු වැඩක්... නිකම් කාලය කා දැමීමක් පමණි...
අපිට තියෙන ලොකුම අමාරුව ඒකතමයි...
ඔය "මඟුල" තියන්න තිබ්බේ ජාතිය අමතන්න පෙර... මේ කරන්නේ නිකන් කාලය වැය කිරීමක් පමණයි, රටට පෙනෙන්න...