
(සුජිත් හේවාජුලිගේ )
විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට පාඩු පිට ගමන් කළ නොහැකි බවද ප්‍රකාශ කළේය.
මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ වැඩි කර නැතැයි ජල සම්පත් මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පාඩුයි කියන්නේ අපිට ණයට දීලා වගේනේ... ලොකු ලොකු හිඟ බිල් අයකර ගත්තා නම් නරකයිද?
මේ රාජ්‍ය ඇමතිධුර කියන ගොබ්බ, මෝඩ තනතුර වහාම අහෝසි කළ යුතුයි. මොකද පොහොට්ටු ආණ්ඩුවේ මේ තනතුරු දරන ඔක්කෝමලා මහා මෝඩයින් ටිකක්...!
මේ අයට තියෙන්නේ වැඩිකරන තරගයක්... කාලකණ්ණි...
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එකතුවෙලා මේ අයට ගහලා එලවන්න කාලය ඇවිල්ලා.
සාමාන්‍ය පෙළ විද්‍යාව අසමත් නේද..?
ඉතින් වැඩි කරන්න..., අඩුකරන්න දන්නේ ඔක්සිජන් විතරනේ... අපේ බදුමුදල්වලින් ලයිට්, වතුර බිල් කෝටි ගණන් වැඩකට නැති 226 වෙනුවෙන් අපි ගෙවනවනේ... ඉතින් ඔහෙලට අමාරුව දැනෙන්නේ නැහැනේ...
නැතුව නැතුව, ගහෙන් වැටුණු මිනිහාට නො ඇන්නොත් ඌ ගොනෙක් නෙවෙයිනේ...
ආයේ අමුතුවෙන් වතුර බිල් වැඩි කරන්න දෙයක් නැහැ. ඉතාම මෑතකදීම නුඹලාට වතුරත් නැතිව යනවා. ඔක්සිජනුත් නැතිව බොන්න තමයි වෙන්නේ හුණුගල් මිශ්‍ර මඩ වතුර!!
ඉස්සෙල්ලාම ඇමැතිලා, මන්ත්‍රිලා ටිකගේ ජල/විදුලි බිල්පත් ටික අයකරගෙන ඉන්නකෝ...!
ගෙදරින් ගෙනාපු වතුරද එහෙම වැඩි කරන්නේ? වතුර බිල වැඩි කරන්න කට ඇරගෙන බලාගෙන ඉන්නේ නැතිව.., විදුලි බිල වැඩි නොකරන්න ක්‍රම හොයන එකයි කරන්න ඕනේ...
විදුලි බල මණ්ඩලයයි, ජල සම්පාදනයයි එකිනෙකාගේ පිට කසාගන්න රජ මිතුරො වගේ පෙනෙන්නේ...
මුන්දැ හිතනවා ඇති මම විතරක් වැඩි නොකළොත් මාව නෝන්ඩි වෙන්න පුළුවන් කියලා... ඔක්කොමලා වැඩිකළාම නොකර සිටි මට ඊළඟ මැතිවරණය පරාජයට පත්වෙන්නත් හැකිය කියලා වැඩිකරනවා වෙන්න හැකියි... රටට වැඩක් නැතත් පාර්ලිමේන්තුවේ ඉන්න බව ප්‍රදර්ශනය කරන්න ඕනෑනේ...!
යහපාලන ආණ්ඩුවට වඩා කොච්චර හොඳද නේද මේ ආණ්ඩුව?
මේ අයට මොනවා කියන්නද?
අම්බලමේ පිනා... කොහොම කිව්වත් ගොනා...