IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කෝවිඩ් ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව  ප්‍රකාශයට පත් කළේය.

කෝවිඩ් වසංගතය ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති අතර සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අඩු වීම හේතුවෙන් විදේශ විනිමය අහිමි වීම සහ එවකට අත්‍යවශ්‍ය වූ දැඩි අගුළු දැමීම් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වඩාත් සංකීරණ තත්ත්වයට පත්ව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

කෝවිඩ් වසංගත හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය සියයට 10.5 ක විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති අතර එය 2020 වසරේදී සියයට 4.6 ක් බවද වාර්තාවේ සඳහන් කර තිබේ.

පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එය 2019 වසරේ සියයට 93.6 ක් ද 2020 වසරේ සියයට 110 ක් බවද වාර්තාව කියා සිටී.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොල වෙත ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය 2020 දී අහිමි වූ අතර, විදෙස් සංචිත තීරණාත්මක ලෙස බරපතල ආකාරයෙන් පහත වැටීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමත් ණය ප්‍රමාණය ඉහළ යාමට හේතුවී ඇති බව වාර්තාව පෙන්වා දෙයි

2018 වසරේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 6919 තිබූ ශ්‍රී ලංකා විදෙස් සංචිතය 2022 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2204 දක්වා පහත වැටී ඇතැයි දත්ත විශ්ලේෂණය කර අනාවැකි පළකර ඇත.විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුම් හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති බව වාර්තාවේ සඳහන් වේ.

ආනයනික උද්ධමනය, සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේදී 10.5 ළඟා වෙමින් ඉහළ යමින් පවතින බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා විශ්වසනීය පැහැදිලි ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත්,වෙළඳපල නැවත තිබූ තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රමානුකූලව තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් අවශ්‍ය බවත් සමාජ ආරක්ෂණය සහතික කළයුතු බවත් වැට් බදු සේම අනිකුත් අදායම් බදු වැඩි කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත් වාර්තාවේ නිර්දේශ වල ඇතුලත් වේ.

 



අදහස් (22)

කෝවිඩ් ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාලා

Don Saturday, 26 March 2022 02:52 PM

ඕනම පොඩි ළමයෙකුට කියන්න පුළුවන් දෙයක්නේ අපි IMF එකෙන් බලාපොරොත්තු වුණේ? මට නම් හිතෙන්නේ තමන්ට ඕන වැඩ ටික කරගන්න මේ සෙට් එකව බලයේ තියන්න ඕන හින්දා පොඩි සුදු හුණු පාරක් ගාලා කොවිඩ් පිටින් අරින්න වගේ හදන්නේ...!

:       211       71

අනුර පැස්කුවල් Saturday, 26 March 2022 08:36 PM

රිපෝර්ට් එකේ තියෙන්නේ ඔහොම කතාවක් නෙවෙයි. බහුතරයක් ඉංග්‍රීසි නොදන්නා නිසා ලේසියෙන්ම රවට්ටන්න පුළුවන්...

:       36       12

ඩි පි ප්‍ර්‍රසාද් Saturday, 26 March 2022 03:14 PM

මෙම රජය බලයට පත් වූ විගස නොයෙක් බදු කපාහැරීම රාජ්‍ය සේවයට උපාධි ධාරීන් 50000 ක් ඇතුළුව සේවකයින් 150000 ක් බඳවාගැනීම වැනි කාලෝචිත නොවන තීරණ ගැනීමද මෙම ආර්ථික අර්බුදයට හේතු වී ඇත...

:       10       88

Roshan Saturday, 26 March 2022 03:28 PM

මට පේන්නේ රාජපක්ෂලා IMF නියෝජිතයාටත් ජරාව දීලා වගේ...

:       99       59

Sanath Dubai Saturday, 26 March 2022 04:02 PM

IMF වාර්තාවේ කියන්නේ අනවශ්‍ය දේ සඳහා අධික ලෙස ණය ලබාගැනීම මේ අර්බුදයට හේතුව කියලා...!

:       7       64

Jagath Saturday, 26 March 2022 04:32 PM

අපි නං රැවටෙයි ඕවට.. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාගෙන වැටුනේ කෝවිඩ් හින්දා කියන කතාව ශ්‍රී ලාංකික ජනතාව කොහෙත්ම පිළිගන්නේ නැහැ.. ශ්‍රී ලංකාවේ මහා ධනස්කන්ධය එක පවුලක් හොරා කෑවා...!

:       132       67

Bamunuarachchi Saturday, 26 March 2022 05:26 PM

ඔය ටික තමයි බමුණුආරච්චි පුනපුනා කිව්වේ. ජෙප්පෝ හදන්නේ කළදුටුකළ වල ඉහගන්න. කොවිඩ් නිසා නම් ආර්ථිකය කඩා වැටුණේ ජෙප්පන් බලය අරන් කොහෙන් ඩොලර් හොයන්නද? කොහෙන් ආයෝජකයින් ගෙනෙන්නද? කොහෙන් රැකියා සපයන්නද? මොන බම්බුවකින් රට ගොඩගන්නද? ජෙප්පෝ හදන්නේ බොරුවෙන් බලය ගන්න. මෝඩ ජෙප්පන් රැවටුණාට අපි රැවටෙයිද ඕවට?...

:       108       171

CitizenSaturday, 26 March 2022 06:09 PM

එහෙනම්, චීනේ කරපු ඒවා කථා කරනවා, ඇමරිකාවේ කරපු ඒවා කථා කරනවා. මන් කරපු ඒවා කවුරුත් කියන්නේ නැහැ. අපි තමයි හොඳටම කරේ කියලා උදම් ඇනුවේ! ඔය කරපු ලස්සන දැන් කියලා තියෙන්නේ.

:       31       10

BamunuarachchiSunday, 27 March 2022 11:10 AM

එයා හොඳට කළ නිසයි අද අපි එක රටක ඉන්නේ... අවුරුදු 25 සිංහලයා ත්‍රස්තයින්ගේ බෝම්බවලට යට වුනේ හිටිය ගොයියන් හොඳට නොකළ නිසා කියලා අනලා කියන්න ඕනෙද හලෝ? අපිට එක රටක් නැති කාලේ ජෙප්පෝ කොහෙද හිටියේ? ඒ කාලේ ජෙප්පන්ගේ නමක් වත් කියවුණාද? රටේ ආර්ථිකය කඩා වැටුණේ කොවිඩ් නිසා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශ කරනවා නම් තව මොකට චීනය, ඇමරිකාව, ජෙප්පෝ ගැන කතා කරනවාද?

:       10       35

C.K.Lankaputhra.Saturday, 26 March 2022 06:39 PM

අපි රැවටුණා ඇති. ආයේ කාටවත් අපිව තව සැරයක් රවට්ටන්න නම් බෑ. අපි බලමු...

:       17       7

BamunuarachchiSunday, 27 March 2022 11:17 AM

හැබැයි කාටවත් රැවටුණා වගේ නොවෙයි, ජෙප්පන්ට රැවටුණොත්... එක සැරයයි, තවත් සැරයක් එන්නේ නැත. අපිට මතකයි ගෙදරට එන තුණ්ඩු කෑල්ල මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා. වැඩිය දැඟලුවොත් බොඩ් එකක් උස්සගෙන මහා පාරේ නිර්වස්ත්‍රව දණ ගහගෙන ඉන්න පුළුවන්. අපි ළඟ තිබෙනවා 1989 කාලේ පොටෝ... දන්නා යකා හොඳයි නොදන්නා අයට වඩා.

:       6       31

සමන්ත කැකුලාවල Saturday, 26 March 2022 08:38 PM

ඉස්සෙල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ඔරිජිනල් රිපෝට් එක හොඳට කියවලා බලන්න. ඊට පස්සේ මේ වගේ අදහස් දාන්න. හදිස්සි වෙන්න එපා.. එතකොට මෝඩ වෙනවා.

:       16       5

NuwanSunday, 27 March 2022 08:09 AM

ජවිපෙ බැරි බව ඇත්ත. නමුත් මේ ආණ්ඩුව තවත් තියන්න බෑ. ගෙදර යවන්න ඕනෑ.

:       7       5

KanthiSunday, 27 March 2022 11:22 AM

අනේ ඇත්තටම මේ බමුණුආරච්චි වගේ මැට්ටෙක්... මේ මනුස්සයා ඇත්තටම ලොන්ත පොරක් වෙන්න ඇති. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මේ මනුස්සයා දේශපාලුවන්ටම කඩේ යනවනේ. වයසක කෙනෙක් නිසා අලුත් ලෝකයක් ගැන හිතන්න තරම් බුද්ධියක් නැතුව ඇති... අනුකම්පා කරමු.

:       28       8

Rohana Saturday, 26 March 2022 07:47 PM

රජයේ බදු ආදායම පහත දමා ගැනීම (ඉහළ බදු ගෙවන්නන් සතුටු කිරීම සඳහා) විනිමය අනුපාත ස්ථාවරව තබා ගැනීම, ට්‍රිලියන 3 ක පමණ මුදල් අච්චු ගැසීම (පසුගිය අවුරුදු 2 ඇතුළත) නිසිකලට IMF මගින් අවශ්‍ය සහන ලබාගැනීමට කටයුතු නොකිරීම, හිතුවක්කාරිය ලෙස රසායනික පොහොර වෙනුවට කාබනික වගාවට එකවර යොමුවීම, අධික මුදල් සැපයුමක් තිබියදී පවා ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමට කටයුතු නොකිරීම, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික ඉතාමත් පහළ මට්ටමින් පවත්වාගෙන යාම, වෙළඳපළේ අනපේක්ෂිත ලෙස ඉන්ධන මිල (USD වලින්) ඉහළයාම ලංකාව මුහුණ දෙන වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවයි. මේ ආර්ථික අර්බුදය කෝවිඩ් නිසාම ඇති නොවූ අතර සමහර සාධක පාලනය කළහැකිව තිබූ ඒවායි. එසේ පාලනය කළහැකිව තිබූ සාධක නිසිකලට පාලනය කළේ නම් මෙතරම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ උද්ධමනකාරී තත්වයක් ඇති නොවන බවට විශ්වාසය තැබිය හැකියි...

:       3       3

NM Saturday, 26 March 2022 08:12 PM

මෙයට විසඳුමක් ලබාදිය හැකියි. කළයුතු වන්නේ සෑම ජනසවිය ලැබෙන්නා වූ පවුලක් සඳහා අයදුම්පත්‍රයක් ලබාදී එහි නිවසේ පදිංචි සියලු පුද්ගලයින්ගේ නම්, වයස, ලිපිනයන් සහ වර්තමානයේ කරන්නා වූ රැකියාව සහ ඔවුන් ගනුදෙනු කරන්නා වූ බැංකුවල නම් සහ විදෙස්ගතව සිටින්නා වූ අයගේද නම් සහිතව සඳහන් කර නිවසේ දැනට පදිංචි සියලු දෙනාගේ අත්සන සහිතව දින 10ක් තුළ නැවත ජනසවිය ලබා දෙන්නා වූ ආයතනය වෙත ලබා දීමට කටයුතු සැලැස්වීම වේ... එම දත්ත පරිගණක ගත කිරීම එතරම්ම අපහසු නැත. එම දත්ත රජයේ ආයතනයක් මගින් ඩේටාබේස් ක්‍රියාත්මක කර එම සියලු දත්ත ඇතුළත් කර තොරතුරු විශ්ලේෂණය මගින් සුදුස්සන් තෝරාගැනීමක් කළහැකිවනු ඇත. ඔවුන් ලබාදුන් දත්ත සහිත හාඩ් කොපීස් සාක්ෂි වශයෙන් තබාගත යුතුවේ.

:       0       0

nihal Saturday, 26 March 2022 08:14 PM

බමුණු ගහන්නේ රැප්ලාගේ බයිලාමයි.

:       2       6

BamunuarachchiMonday, 28 March 2022 07:50 AM

බොරුවක් නම් වෙනස් කර කර කියන්න පුළුවන්. කියන්නේ, ඇත්ත නම් කවද කිව්වත්, කවුරු කීවත්, කොපමණ වතාවක් කීවත් එකම කතාව තමයි කියන්න වෙන්නේ. මම බොරු නම් ඒ බව කියන්න. බමුණුව විවේචනය කරලා වැඩක් නැහැ අදහස විවේචනය කරන්න...

:       2       2

Kaali Saturday, 26 March 2022 08:23 PM

පිටු 95ක වාර්තාවක්... රජයේ දූෂණ ගැන, මහ බැංකු අධිපතිගේ දූෂණ ගැන මුකුත් දීලා නැද්ද?

:       21       3

Perera Sunday, 27 March 2022 12:15 AM

ලෝක බැංකු වාර්තාවේ ආණ්ඩුවට වාසි වචන දෙක තුනක් අල්ලගෙන ඒක කන්දක් විදිහට පෙන්නලා ජනතාව රවට්ටන්නයි ආණ්ඩුවේ එවුන් හදන්නේ. ඔය කියන කිසිම දෙයක් සත 5 කට ගණන් ගන්න එපා.

:       34       3

Malika Sunday, 27 March 2022 08:32 AM

විකාර කතා. IMF එකේ අයට ජරාවක් දීලා වගේ මොලහත... රටේ සල්ලි, සම්පත් හොරාකාලා පවුලම දැන් කෝවිඩ් පිට දානවා. තවත් මහජනතාව රවට්ටන්න බලන්නේ. IMF එක නොමග යවලා ඒ දෙන සල්ලිත් පිල්ලි ගහන්නද දන්නෑ මෙයාලගේ ප්ලෑන් එක... මහජනතාවනි, බුද්ධිමත්ව මොලෙන් මේ අයගේ කතා ගැන සැලකිල්ලට ගන්න... නැත්නම් අපි අමාරුවේ...

:       32       5

රකිත Monday, 28 March 2022 10:31 AM

ඒ විතරක් නෙමෙයි 2018 දේශපාලන අස්ථාවරත්වය, 2018 විශාල ‍ලෙස රුපියල අවප්‍රමාණය වීම, පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා කෝවිඩ් වලින් වුණු බලපෑමට ලංකාව පහසුවෙන් ගොදුරු වුණා කියලා වාර්තාවේ තියෙනවා. ඉංග්‍රිසී දන්නා කෙනෙකුට ඒක තේරෙනවා...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 295 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 474 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 345 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 635 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1276 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 609 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1301 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site