(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)
මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි.
ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත. අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා ඇත.
තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව බලයට ආපු දා ඉඳන් මිනුස්සුන්ට නොයකුත් අන්දමින් පීඩා. කාලයක් ගෑස් පිපිරිලා මිනුස්සු මැරුණා. දැන් පොලීම්වල මිනුස්සු මැරණවා.
සෑම ෂෙඩ් එකටම 1990 ගිලන් රථයක් හා වෛද්‍යවරුන් හෙදියන් යොමුකළ යුතුයි එවිට හදිසි අවස්ථාවකදි ජිවිත නැතිවිමේ අවධානමෙන් බේරාගන්න හැකියාවක් පවතිනවා කොරෝනා මරණ නොමැති නිසා හදිසි අවස්ථා රෝහල්වල අඩු නිසා වෛද්‍යවරුන් ඒ සදහා යොමුකල හැකියාවක් පවතිනවා රජයේ අවධානය යොමුකළ යුතුයි
තෙල් පෝලිමේ නොසිටියානම් මේ මිනිහා මැරෙන්නේ නැද්ද? මොහු ගෙනා ආයුකාලය අවසන් නමු ත් වින්දවලා මැරෙන්න තිබුන නිසා තෙල් පෝලිමේ ඉඳලා මරුන කතාව එච්චරයි .
තන්හාය ජායතී ශෝකෝ
හේතුව විජලනය විය හැකියි.