
(නිමල කොඩිතුවක්කු)
දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී අද (15) පස්වරුවේ පැවැත්විණි.
“රට විනාශයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බැහැ එක්වෙමු කොළඹට” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවය ඇරඹුණේ අද පස්වරු දෙකට පමණය.
පෙළපාලියේ පැමිණ පිරිසට නොදෙවෙනි ජනතාවක් මග දෙපස රැදී සිටිමින් පෙළපාලිය දිරිගැන්වීමට කටයුතු කළේය.
විරෝධතාව සඳහා ගොවීන්, ධීවරයන්, රාජය සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය හේතුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ නගරයේ ගමනා ගමන කටයුතුද මුලුමනින්ම පාහේ ඇන හිට තිබිණ.
කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනය සහ පුස්තකාල වට රවුම අසලට පස්වරු 2.00 ට පමණ රැස්වූ විරෝධතාකරුවෝ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.
කොළඹ පී.ඩී සිරිසේන ක්‍රිඩාංගනය අසලට රැස්වූ විරෝධතාකරුවන් පංචිකාවත්ත, ටෙක්නිකල් හන්දිය ,මරදාන කොළඹ කොටුව ලොටස් පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්්‍යාලය ඉදිරිපිටට පැමිණි අතර අනෙක් පිරිස කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසල සිට විරෝධතා පා ගමනින් ධර්මපාල මාවත, පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය පසුකරමින් ගාලු පාරට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගමන් කරනු ලැබීය.
රැළි දෙකම ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී එක්වූ අතර එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විරෝධතා රැලිය පවත්වනු ලැබීය.
විරෝධතාවයට පස්වරු 3.00 ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්වූ අතර එතැන් සිට පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් විරෝධතා පාගමනේ නිරත වූහ.
විරෝධතාකරුවන් ගමන් ගත් මාර්ගය එකම හිස් ගොඩක් ලෙස දිස්විය. අවට මාර්ගවල ගමනා ගමනය සම්පූර්යෙණන්ම ඇනහිට තිබුණි.
“රට විනාශයි දැන් ඇති, ජනතාවට විනාසේ ආණ්ඩුව සිනාසේ, ජනතාව ගින්දරේ ආණ්ඩුව මන්දිරේ, ජනතාව කලුවරේ ආණ්ඩුව සුරපුරේ, ජනතාවට ඇපත් නෑ ආන්ඩුවට වගක් නෑ, රට වලපල්ලට ගොවියා මහපාරට, උන්ට සැප රථ ගොවින්ට ඇප නැත, පිස්සො රජවෙලා වැසියෝ නැතිවෙලා, වැඩබැරිනම් ගෙදර යන්න, සෞභාග්‍යයේ දැක්ම කොහොමද?, දැන් සැපද, බෙහෙත් නෑ, හාල් මිල සැපද, සිමෙන්ති මිල සැපද, ආදී විරෝධතාපුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතා පා ගමන නිරත වූහ.
විරෝධතාකරුවන් “ගෝඨා ගෙදර පළ” යනුවෙන් සඳහන් කලු පටි පැළඳ විරෝධතාවේ නිරතවීම විශේෂත්වයකි.
“මොළ හතාගේ ආර්ථිකය” සඳහන් මිනීපෙට්ටි කිහිපයක්, මල්වඩම්, හිස් පිගන්, ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ මුදල් අමාත්‍යවරයාගේ අනුරෑප, ගෑස් ටැංකි, හාල් උර, ආදිය ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.
විරෝධතාව අතරතුර පන්දම් දල්වමින් දුම්මල ගසමින් ආණ්ඩුව පලවා හැරීමට යාග පවතිවමින් විරෝදතාකරුවෝ පැමිණියහ.
විරෝධතාවය සඳහා විශාල පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුනේය.
මාර්ග දෙක ඔස්සේ පැමිනි පෙළපාලිකරුවන් එකට එකතු වී ජනතා ප්‍රශ්ණ පැවසීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලට යාමට උත්සාහ කළ අතර පොලිස් විශේෂ කාර්යාලය ඇතුලු ආරක්ෂකයන් යොදවා ඔවුන් වැළැක්වීමට ක්‍රියාකිරීම නිසා අතිශය උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තේය.
පෙළපාලියෙන් ගලෙන ආ මිනිපෙට්ටි ජනාදිපති ලේකම් කාර්්‍යාලය ඉදිරිපිට මහපාරේ ගිනිතබා විනාහ කිරීමට පියවර ගැනින.
මිනීපෙට්ටි ගිනිතැබිම නිසා ඉන් නික්මුනු කලු දුම්රොටු වලින් ජනාධිපති ලේකම් කාර්යාලය අවට ප්‍රදේශය වැසි යන ආකාරයද දැක ගන්නට ලැබිණ.
සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩි මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, භාන්ඩාගාරික හර්ෂ ද සිල්වා, මාධ්‍ය ප්‍රකාශකවරුන් වන එස්. එම් මරික්කාර්, මනූෂ නානායක්කාර සමගි ජන බලවේගය පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න, පී දිගම්බරම්, රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුනා, සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.
සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය, සිවිල් සංවිධාන, ඇතුළු සංවිධාන රැසක නියෝජිතයෝ මේ සදහා එක්ව සිටියහ.







(ඡායාරෑප ජයමාල් චන්ද්‍රසිරි සහ ගයාන් අමරසේකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක අසරණ ජනතාව දඩ මීමා කරගෙන උන් ඉස්සරහට දාගෙන ආපහු බලයට ඇවිත් පරණ ට්‍රම්පට් එක ගහන සෙල්ලම් වානා පුතී
මොනා උනත් වැඩේ හොදයි හැබැයි අහිංසක අසරණ ජනතාවට මුවා වෙලා උන්ගේ කර පිටින් ආපහු බලයට ඇවිත් අපහු පිස්සු කෙලින් ලැස්ති වෙන්න එපා හාත
බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන්ට විරුද්ධව ජනතාව ඒකාරාශි වෙලා. ජයවේවා !
පවුල් දේශපාලනයට තවදුරටත් ඉඩක් නැත. මේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සහ 43 සේනාංකයේ කාලයයි.
ලංකාවට කන්න නැත්නම්, බොන්න නැත්නම් කොහොමද මෙච්චර වෙලා කන්න එකතු වෙන්නේ. කවුද බොරු කරන්නේ? ආණ්ඩුවද? විපක්ෂයද? මුළු රටේම මිනිස්සුද? මේක නම් මහා බොරුවක්. මැතිවරණයක් ලඟයි කියලා මෙහෙමත් වැඩ කරනවාද?
දවලුත් එකම වලේ වැටෙන්න යන මිනිස්සු...!
වහල්ලු හැමදාම කාට හරි කඩේ යන එකනේ කරන්නේ. රටේ ඉන්න මොලයක් තියන මිනිස්සු ටික කීයටවත් මේ අයට නම් ඡන්දෙ දෙන එකක් නෑ ආයෙත්... සෙනඟ දැක්කාට මිනිස්සු රැවටෙන්නේ නෑ දැන්. මේච්චර කල් මාරුවෙන් මාරුවට රට කන්න දුන්නනේ. දැන් ඉතින් ජවිපෙටත් දීල බලන්න තියෙන්නේ. ටෝක් දෙනවා වගේ වැඩත් තියෙයිද කියලා. වෙන විකල්පයක් නෑ.
රට පුරා කොරෝනා තියෙද්දී පෙළපාලි ගිහින් රටටම කොරෝනා හැදුවා. මේ පාර කාටද එන්න හදන්නේ... ? ආණ්ඩුව පෙරලලා බලේ ගන්නද? ආණ්ඩුව පෙරළුවට ඔහෙලට නම් බලේ දෙන්නේ නැහැ. අපි හරක්ද?
ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි.
දැන් ඉතිං ආපහු පාරක් ඥාන අක්ක පස්සෙ දුවන්න පටන් ගනියි .
ජනාධිපතිවරයා හෙට දිනයේ ජාතිය අමතමින් යලිත් මෙසේ කියනු ඇත. දසක 7ක දේශපාලනයෙන් පිඩා විදිමින් මාරුවෙන් මාරුවට නැවත නැවත බලයේ සිටින්න පිරිසටම බලය හෝ විපක්ෂයේ සිටන පිරිසට බලය ලබා දුනහොත් රටේ ජනතව බලා පොරොත්තුවේ සැබෑ වෙනස ඉටුවන්නේ නැත.
ශ්රී ලංකිකයිනි, ඔවුන්ට ඇත්තටම වටින්නේ රාජපක්ෂ, රනිල් හෝ සජිත් වැනි ගොළු නායකයන්ය. ස්වභාවධර්මය ඔවුන්ගේ ඉරණම තීරණය කරනු ඇත. තත්වය තේරුම් ගත් නමුත් උදව් කළ නොහැකි සුළුතරය ගැන අනුකම්පා කරන්න.
ජේ වී පී පමණි
මුන් අවුරුදු දෙකක් කොහොම හරි හිටියා.සජබෙට අවුරුද්දක්වත් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ .මොකද රට දැන් තියන තත්වයෙන් රට භාරගත්තොත් සජිත්ට ලොකු අමාරුවක් වෙන්නේ.සජිත්ට කියන්න බැහැ පොහොට්ටුව රට කෑවා කියලා
කැස්ස තියෙන ගැහැණිය එලවල වාතය පිටකරන ගැහැනුන් අරගන්න එපා කියල කියමනක් තියනවා . බලයට කෑදර කමින් පියානෝ ගසමින් යන අයට කරන්න පුළුවන් තවත් මේ රට අගාදයට ඇද දාන්න විතරයි . දැන් අඩු ගානේ ඕගන් එකක්වත් ගහන්න පුළුවන් කෙනෙක්ට රට භාර දෙන්න වෙනවා .
අපිට ඉඟුරු දිලා මිරිස් ගත්තාවගේ තත්ත්වයක් අනාගතයේදී ????? ඔලමොට්ටල ජනතාව ඉල්ලන්නෙත් ඒකම?ප්‍රධාන පක්ෂ දෙක කවරදාකවත් ජනතාවට සෙතක් නොකරන බව ,එක එකාට උදවි නරන බව තවමත් තෙරෙන්නේ නැද්ද? 1978 ව්‍යවස්ථාව 20 සමග ආපසු කෙලවගන්න කමි බලා සිටිත්වා!!
මෝඩ හැත්ත...
මේ ආණ්ඩුව ගෙදර අරින තුරු පුළුවන් තරං උද්ඝෝෂණය කරන්න.හැබැයි ඉතිං රාජපක්ෂලායි ඔයගොල්ලොයි අතරේ ලොකු වෙනසක් නෑ.පැහැදිලිවම අපගේ අවසාන තීරණය සමගි ජන බලවේගයවත්,යූඇන්පී වත් විමල් වීරවංශලාවත් නොවේ.
පේනවා නේද උද්ඝෝෂණය කරනවා කියලා බේබද්දො ටික වට කරගෙන කරන විකාරෙ. පියාණෝගේ පුතානෝ අපිටනං කොහොමටවත් එපා.
ආරංචියේ හැටියට මේ උද්ඝෝෂණ හසුරුවන්නේ රාජපක්ෂලාම තමයි. මොකද රාජපක්ෂලාට මේ මොහොතේ තියෙන ලොකුම තර්ජනය ජේවීපී, ජාතික ජන බලවේගයයි. ඒ නිසා මේ මොහොතේ රාජපක්ෂලාම නිර්මාණය කරපු විපක්ෂය තමයි සජබ, යූඑන්පී, විමල් වීරවංස, ගම්මන්පිල, වාසුදේව වැන්නන්... ජනතාව රැවටෙන්නෙපා බුද්ධිමත්ව කටයුතු කරන්න.
සජිත් පළාත් සභා මන්ත්‍රීකමටවත් සුදුසු නැති පුද්ගලයෙක්... අඩු තරමේ SF සජබේ නායකයා වුණා නම් බලාපොරොත්තුවක් තබාගන්න තිබුණා. රටේ නීතියක්, විනයක් ඇතිවෙන්න තිබුණා. ඒ වගේම ජනතා මුදල් හොරාකාපු හොරුන්ට දැඩි දඬුවම් ලැබෙන්න තිබුණා. සජිත්, කරුණාකර සජබේ නායකත්වය SFට බාරදෙන්න.
රතු කට්ටිය හිතන් ඉන්නේ ඒ අය තමයි ඔක්කොම දන්නා, ඔක්කොම කරන්න පුළුවන් කෙරුමෝ කියලා. වැරැදි, අඩුපාඩු, හොර මැරකම් හොයනා එකට ස්තූතියි. ඒත්, සද්දෙට කතා කළාට, මස්කඩේ වගේ ලේ පාට ඇන්දාට, ස්ට්‍රයික් පිකටින් කරාට, කෙරෙව්වාට, වෘත්තිය සමිති දාගෙන ඉල්ලීම් පමණක් ඉල්ලුවාට, විශ්ව විද්‍යාලවල සිසුන් අන්තවාදී වැඩවලට යොදවාගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවුල් කරනවා වැනි දේ කළාට අත්දැකීම් නොමැති ඝෝෂාකාරීන් කෙසේ ආණ්ඩු කරාවිද කියා සැකයි. ඔය කියනා විදිහට කරන්න බැහැ නේද කියලා ජනතාව සිහි බුද්ධියෙන් විමසා බලන්න. රටට විකල්පයක් අවශ්‍යයි. ඒත්, විකල්පය රතු ආණ්ඩු නොවේ. ලොව රතු ආණ්ඩු බිඳ වැටුණා...
UNP එකත් මෝඩයි... පොහොට්ටුවට අහුවුණු අපිත් මෝඩයි.