IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ජාතික ආර්ථිකය ගොඩගන්න කඩිනම් යෝජනා 5 ක්

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ.

උපදේශක කමිටුවේ සාමාජිකයෝ පළමු වරට අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාව හමුවේ එම යෝජනා  ඉදිරිපත් කළහ.

උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන කමිටුව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වනදා පත්කරන ලදී.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබෙන අතර විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ බවත් මුහුණදී ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මගහරවා ගතහැකි බවත් උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එම යෝජනා මාලාව

1.  ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.

2.  මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.

3.  ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.

4.  මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.

5.  සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.



අදහස් (11)

ජාතික ආර්ථිකය ගොඩගන්න කඩිනම් යෝජනා 5 ක්

rajen Monday, 21 March 2022 10:11 PM

ඔය ටිකනේ මීට මාස 8කට ඉස්සෙල්ලා කරන්න තිබ්බේ...

:       0       0

බද්රානි Monday, 21 March 2022 10:54 PM

අයියෝ, ඔච්චර කමිටු දදා දඟලන්න ඕනෑ නැහැ. මේ රටේ ඉන්න අයට ඔබතුමාල කාලා ඉවරවෙලා කටු ටිකක් විසි කළොත් ඒ හොඳටම ඇති... මේ දවස්වල නම් කෙඳිරියක් වත් ඇහෙන්නේ නැහැ. පව් ඒ අය හාමතේ වෙන්න ඇති... අනේ...! පුළුවන් නම් කන්න කොත්තු වල පමණක් මිල ටිකක් අඩු කරන්න.. ඒ හොඳටම ඇති..

:       0       0

Sanath Kandy Monday, 21 March 2022 10:54 PM

මරු යෝජනා. මිනිස්සු පාරට වැටිලා. මේ තවම උපදේශකයෝයි, කමිටුයි පත්කරන්න යෝජනා කරනවා. ඔබලාට මේක කරන්න තේරෙන්නේ නෑ. දාලායන්න.

:       0       0

Perera Monday, 21 March 2022 11:31 PM

කෝකියෝ වැඩිවුණාම වෑංජනේ කන්න බැහැ.

:       0       0

රට වැසියා Monday, 21 March 2022 11:33 PM

සාමාන්‍ය රට වැසියෙකු වන මා හට ආර්ථික විද්‍යාව, මුදල් කලමණාකරණය පිළිබඳ කිසිම දැනුමක් නැත. නමුත් යෝජනා 5 දිහා බලද්දී පැහැදිලි වෙන එක කාරණයක් ඇත. යෝජනා 5න්ම තුනක්ම (1, 2, 4,) ඇත්තේ උපදේශන සහ විශේෂඥ මට්ටමින් එක එක පුද්ගලයින් පත් කරන ලෙසයි. මේ දැන් මේ ආර්ථිකය හසුරුවන අයට උපදෙස් දීමට තවත් අය අවශ්‍යද? එතකොට, රටේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ කියලා මේ අයට තේරෙන්නේ නැද්ද? වෙන ආකාරයකට මේ ගැටලුව දිහා බලන්න දැන් ඉන්න අයට දැනුමක් ඇත්තේම නැද්ද? මේ කියන උපදේශකයෝ විශේෂඥයෝ ඉන්නේ කොහේද? අයියෝ දෙයියනේ මේ රටට මොකද මේ වුනේ..?

:       0       0

Manoj Tuesday, 22 March 2022 03:04 AM

යෝජනා 5න් 3ක්ම තව මොල ඕනෙ කියලනේ තියෙන්නේ...!

:       0       0

gunarathna Tuesday, 22 March 2022 08:23 AM

මුදල් අමාත්‍ය හැටියට ගම්මන්පිල පත්කළා නම් හරි. විමල් මහබැංකු අධිපති කළා නම් මෙරට කිරියෙන්, පැණියෙන් ඉතිරෙන්න ගන්නවා. එහෙම නැතිනම් ධම්මික පෙරේරාව පත්කළානම් හරි..!

:       0       0

සනත් බණ්ඩාර Tuesday, 22 March 2022 08:31 AM

අපිට ආර්ථික, අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, දේශීය ආදායම්, ප්‍රවාහන, ආනයන අපනයන, රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු, වගේ ප්‍රධාන අංශවලට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් මේ වගේ කම්කරු රස්සාව කරන්න විතරක් සුදුසුකම් තියෙන පවුලකට රටේ නායකත්වය බාරදුන්නා ට කමක් නැහැ.

:       0       0

Deepal Nirosh Tuesday, 22 March 2022 08:44 AM

මීට අමතරව “රටේ පාර්ලිමේන්තුවට වගකියන හා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි මුදල් අමාත්‍යවරයෙකු වහාම පත්කිරීම“ කියලා සයවැනි යෝජනාවක් ඇතුළත් කළොත් හොඳ නැද්ද?

:       0       0

Roshan Tuesday, 22 March 2022 09:38 PM

මම දෙන්නද හොදම යෝඡනා 5ක්? 1. බැසිල් මල්ලිව ආපහු ඇමරිකාවට යවන්න 2. කබ්රාල්ව පැත්තකට කරලා ආර්ථිකය ගැන දැනුමක් තියෙන කෙනෙක්ට දෙන්න. 3. ජොන්ටා මහින්දානන්ද රෝහිත අබේගුණවර්ධන වගේ නූගත් ටික පන්නලා දාන්න 4. පවුලෙ අය මාටියා ගහපු සල්ලි මහා භාණ්ඩාගාරයට ආපහු ගන්න. 5 ඔයත් ආපහු ගිහින් ඇමෙරිකාවෙ එහෙ ජොබ් එකක කරන්න

:       2       11

anura Wednesday, 23 March 2022 09:10 AM

මහින්දානන්දද ආර්ථික විශ්ලේෂකයා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1620 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 616 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 745 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 229 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 562 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 471 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1073 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site