
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ.
උපදේශක කමිටුවේ සාමාජිකයෝ පළමු වරට අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාව හමුවේ එම යෝජනා ඉදිරිපත් කළහ.
උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන කමිටුව ජනාධිපතිවරයා විසින් පසුගිය 15 වනදා පත්කරන ලදී.
ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කරයි.
ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබෙන අතර විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ බවත් මුහුණදී ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මගහරවා ගතහැකි බවත් උපදේශක කමිටුව විශ්වාසය පළ කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එම යෝජනා මාලාව
1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.
3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටිකනේ මීට මාස 8කට ඉස්සෙල්ලා කරන්න තිබ්බේ...
අයියෝ, ඔච්චර කමිටු දදා දඟලන්න ඕනෑ නැහැ. මේ රටේ ඉන්න අයට ඔබතුමාල කාලා ඉවරවෙලා කටු ටිකක් විසි කළොත් ඒ හොඳටම ඇති... මේ දවස්වල නම් කෙඳිරියක් වත් ඇහෙන්නේ නැහැ. පව් ඒ අය හාමතේ වෙන්න ඇති... අනේ...! පුළුවන් නම් කන්න කොත්තු වල පමණක් මිල ටිකක් අඩු කරන්න.. ඒ හොඳටම ඇති..
මරු යෝජනා. මිනිස්සු පාරට වැටිලා. මේ තවම උපදේශකයෝයි, කමිටුයි පත්කරන්න යෝජනා කරනවා. ඔබලාට මේක කරන්න තේරෙන්නේ නෑ. දාලායන්න.
කෝකියෝ වැඩිවුණාම වෑංජනේ කන්න බැහැ.
සාමාන්‍ය රට වැසියෙකු වන මා හට ආර්ථික විද්‍යාව, මුදල් කලමණාකරණය පිළිබඳ කිසිම දැනුමක් නැත. නමුත් යෝජනා 5 දිහා බලද්දී පැහැදිලි වෙන එක කාරණයක් ඇත. යෝජනා 5න්ම තුනක්ම (1, 2, 4,) ඇත්තේ උපදේශන සහ විශේෂඥ මට්ටමින් එක එක පුද්ගලයින් පත් කරන ලෙසයි. මේ දැන් මේ ආර්ථිකය හසුරුවන අයට උපදෙස් දීමට තවත් අය අවශ්‍යද? එතකොට, රටේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ කියලා මේ අයට තේරෙන්නේ නැද්ද? වෙන ආකාරයකට මේ ගැටලුව දිහා බලන්න දැන් ඉන්න අයට දැනුමක් ඇත්තේම නැද්ද? මේ කියන උපදේශකයෝ විශේෂඥයෝ ඉන්නේ කොහේද? අයියෝ දෙයියනේ මේ රටට මොකද මේ වුනේ..?
යෝජනා 5න් 3ක්ම තව මොල ඕනෙ කියලනේ තියෙන්නේ...!
මුදල් අමාත්‍ය හැටියට ගම්මන්පිල පත්කළා නම් හරි. විමල් මහබැංකු අධිපති කළා නම් මෙරට කිරියෙන්, පැණියෙන් ඉතිරෙන්න ගන්නවා. එහෙම නැතිනම් ධම්මික පෙරේරාව පත්කළානම් හරි..!
අපිට ආර්ථික, අධ්‍යාපන, කෘෂිකර්ම, සෞඛ්‍ය, දේශීය ආදායම්, ප්‍රවාහන, ආනයන අපනයන, රාජ්‍ය පරිපාලන, විදේශ කටයුතු, වගේ ප්‍රධාන අංශවලට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් මේ වගේ කම්කරු රස්සාව කරන්න විතරක් සුදුසුකම් තියෙන පවුලකට රටේ නායකත්වය බාරදුන්නා ට කමක් නැහැ.
මීට අමතරව “රටේ පාර්ලිමේන්තුවට වගකියන හා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි මුදල් අමාත්‍යවරයෙකු වහාම පත්කිරීම“ කියලා සයවැනි යෝජනාවක් ඇතුළත් කළොත් හොඳ නැද්ද?
මම දෙන්නද හොදම යෝඡනා 5ක්? 1. බැසිල් මල්ලිව ආපහු ඇමරිකාවට යවන්න 2. කබ්රාල්ව පැත්තකට කරලා ආර්ථිකය ගැන දැනුමක් තියෙන කෙනෙක්ට දෙන්න. 3. ජොන්ටා මහින්දානන්ද රෝහිත අබේගුණවර්ධන වගේ නූගත් ටික පන්නලා දාන්න 4. පවුලෙ අය මාටියා ගහපු සල්ලි මහා භාණ්ඩාගාරයට ආපහු ගන්න. 5 ඔයත් ආපහු ගිහින් ඇමෙරිකාවෙ එහෙ ජොබ් එකක කරන්න
මහින්දානන්දද ආර්ථික විශ්ලේෂකයා.