
(යොහාන් භාසුර)
රට පුරා ගෑස් පෝලිම් අද (18) දිනයේ ද දැකගත හැකි විය. බොහෝ ප්‍රදේශවලට ගෑස් තොග ලැබුණ ද එම තොග ප්‍රමාණවත් නොවූ බව අලෙවි නියෝජිතයෝ පැවසූහ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියෙක් පැවසුවේගෑස් බෙදාහැරීම අද පෙරවරු 8.30 සිට නැවත ආරම්භ කළ බවත් දිනය තුළ ගෑස් සිලින්ඩර 120,000 ක් බෙදාහැරීමට සැළසුම්කර ඇති බවත්ය.
ඡායාරූපය:
ලිට්‍රෝ සමාගමේ කෙරවලිපිටිය ගෑස් අංගනයෙන් ඊයේ ගෑස් තොග නිකුත් කළ අවස්ථාව.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හරක් ටික සිටින තාක්කල් ගෑස් අර්බුදය තවත් උග්‍රවන බව කියන්නත් දෙයක්ද? දවස් 12 ක් පුරා ගෑස් නැහැ. දවස් 2 1/2ට ඇතිවෙන්න ගෑස් නිකුත් කරනවා...
ගෑස් බෙදාහරින බව රජය ප්‍ර්‍රකාශ කළත් අපි දැන් පැය ගණනක් ගෑස් නියෝජිත කාර්යාලය අසල මෙන්ම ගෑස් විකුණුම් කරන ස්ථාන කිහිපයකටම ගියා... එහෙත් එම ස්ථානවලින් දැනුම් දෙන්නේ ඔවුන් වෙත ප්‍ර්‍රමාණවත් ආකාරයට තොග නොලැබෙන බැවින් සියළුදෙනාටම ගෑස් ලබාදිය නොහැකි බවයි. ඉතින් ගෑස් පොලිම්වල කට්ටිය ඇනකොටා ගන්න කොට සෞභාග්‍යය ගැන කථාකරන්න භාවිතා කරන්න වෙන්නේ සිංහල නෙවෙයි පරුෂ වචන...
පුදුම රටක් මේක... ගෑස් බෙදන එකත් දැන් මිනිස්සුන්ට ලොකු ප්‍රවෘත්තියක් වුණානේ.
කිරිපිටි නැහැ.. තෙල් නැහැ.. ගෑස් නැහැ.. සිමෙන්ති නැහැ.. කරන්ට් කපනවා. අද මුළු රටම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. රටම මහා සාගතයකට ගෙනගිය රටේ මුදල් කළමනාකාරිත්වය කිසිම දෙයක් නොදන්නා අසාර්ථක රජය දැන්ම ඉල්ලා අස්වෙලා තවත් පව් නොදී ගෙදර යන්න. රටේම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාසයි. කාලයක් චීනෙන් හිඟා කෑවා.. දැන් ඉන්දියාවෙන් හිඟා කකා රටට කන්න දෙනවා. මේක රටේ උරුමයට මොන තරම් ලැජ්ජාවක්ද? නිගාවක්ද?