
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට අමතරව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන මහත්වරුන්ය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (31) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් විණි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය .
දීර්ඝ නඩු විභාගයකින් පසු අදාල චෝදනාවන්ට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට ඉකුත් 2020 වසරේ ජූලි මස 31 වනදා මරණීය දණ්ඩනය නියම කළේය.
රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සිය අභියාචනා පෙත්සම් තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුනි.
ඒ අනුව එම පෙත්සම් විභාගයට ගත් අභියාචනාධිකරණය දීර්ඝ නඩු විභාගයකින් පසු එහි නඩු තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කරමින් ඔවුන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මහතා

කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන මහතා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අධිකරණය ට මාගේ උත්තමාචාරය
කවුද කියන්නේ ස' වැඩ කරන්නේ නැහැ කියලා. ස' තමයි හොදටම කරන්නේ. මරණයට නියම වුන දෙන්නෙක්ව බේරුවා. ඇයි නරකද...?
ස්තූතියි සර්.දැන් නම් එක රටක්.එක නීතියක් තියෙනව කියල හොඳටම දැනෙනව අපිට..කිරිබත් කන්න හාල් පොල් ගෑස් අඩු උනානම් මේ පාරත් කිරිබත් කන්න තිබ්බ අපිට .
මිනී මරපු උන් නිදහස් ඇත්ත කතා කරපු උන් ඇතුලේ.
එයාලා දානවා මෙයාලා ගන්නවා. මෙයාලා දානවා එයාලා ගන්නවා. හරිම සරළ සිද්ධාන්තයක්
දැන් අපේ විරුද්ධ කාරයෙකු මරන්න බය වෙන්න අවශ්ය නෑ. බේරෙන්න පුලුවන්, හැබැයි කොන්දේසි දෙකක් තියනවා. තුවක්කුවකින් වෙඩි තියන්න ඔ්න, වැඩේට තව දෙන්නෙක් සම්බන්ධ කර ගන්න ඔ්න. එච්චරයි. මන්ත්රී කමක් තියනවා නම් වැඩේ ගොඩම ගොඩ.
නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ. නාලන්ද එල්ලාවල නඩුවෙත් සුසන්ත පුන්චිනිලමෙ අද එලියේ ඉන්නවා. කාලකන්නි නිතියක් තියෙන රටක්. පාලන බලය තියෙන පත්තේ උන්ට නීතියේ හිල් කුමා
ඉන්න හිතෙන රටක්. රංජන් රාමනායක මහතාණෙනි; ඔබව වැරදිකරු කළේ මේ අධිකරණයයි. අපිට කණගාටු ඒ සාධාරණ අධිකරණය ගැනයි. වචනයක් වැරදීම මිනිමරණවාටත් වඩා අපරාධයක් බව අපි අද තේරුම් ගනිමු. නීතියේ දෙවගන අද අන්ධ බව නොසිතෙන්නේ කාටද?
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් ..............
එක ළග මිනීමරුවෝ දෙන්නෙකුට ජනාධිපති සමාව දුන්නාම මිනිස්සු අවුල් වෙන නිසා මේක අධිකරණයට භාර දෙන්න ඇති.
පින් කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට......... හේතු වාසනා වේවා.. හේතු වාසනා..
මැරුන මනුස්සය, මැරුනේ නෑ කියලත් අභියාචනා පෙත්සමක් දැම්මනම්, ඒ මනුස්සයත් මරුනේ නෑ කියයි.
ඕකනේ. මේ "වැඩ කරන අපේ විරුවා කිසි දෙයක් කරන්නේ නෑ කියල" රට පුරහම ගෙනියන්නේ අමුලික බොරුනේ. මේ මිනිස්සුන්ට මේ කරන දේවල් පෙනෙන්නේ නැද්ද ? එයා තමා දැනට හොඳටම කෙරුවේ.
ඇත්තෙන්ම කියනවා නම්, මිලේච්ජ මිනීකන්නන්ගේ දේශයේ රජකමටත් සුදුසු පුද්ගලයෙක් තමයි මේ. ශ්‍රී ලංකාව තුල මීට වඩා ගෞරාන්විත තත්වයකට පත්විය යුතු පුද්ගලයෙක්. ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන කිසියම් විශ්ව විද්යාලයකින් ආචාර්ය ගෞරව උපාධියක් පිළිගැන්වීමට කඩිනමින් කටයුතු කල යුතුයි.
මේ නඩු තීන්දුවේ පුදුම වෙන්න දෙයක් තියෙනවද? ඔකේ වුනේ නැත්නම් තම පුදුමේ.
තවත් චන්ද ප්‍රතිපලයක්