IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

 

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් (චොකා මල්ලි) ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට අමතරව අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන මහත්වරුන්ය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (31) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් විණි.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය .

දීර්ඝ නඩු විභාගයකින් පසු අදාල චෝදනාවන්ට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට ඉකුත් 2020 වසරේ ජූලි මස 31 වනදා මරණීය දණ්ඩනය නියම කළේය.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සිය අභියාචනා පෙත්සම් තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුනි.

ඒ අනුව එම පෙත්සම් විභාගයට ගත් අභියාචනාධිකරණය දීර්ඝ නඩු විභාගයකින් පසු එහි නඩු තීන්දුව අද (31)  ප්‍රකාශයට පත් කරමින් ඔවුන් තිදෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

 

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මහතා


කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන මහතා



අදහස් (16)

මන්ත්‍රී ප්‍රේමලාල් නිදොස් කොට නිදහස්

Kcn Thursday, 31 March 2022 11:28 AM

ගරු අධිකරණය ට මාගේ උත්තමාචාරය

:       0       0

පිටිගල මිලානෝ Thursday, 31 March 2022 11:41 AM

කවුද කියන්නේ ස' වැඩ කරන්නේ නැහැ කියලා. ස' තමයි හොදටම කරන්නේ. මරණයට නියම වුන දෙන්නෙක්ව බේරුවා. ඇයි නරකද...?

:       0       0

Eranga Thursday, 31 March 2022 11:55 AM

ස්තූතියි සර්.දැන් නම් එක රටක්.එක නීතියක් තියෙනව කියල හොඳටම දැනෙනව අපිට..කිරිබත් කන්න හාල් පොල් ගෑස් අඩු උනානම් මේ පාරත් කිරිබත් කන්න තිබ්බ අපිට .

:       0       0

අසින්ත Thursday, 31 March 2022 12:12 PM

මිනී මරපු උන් නිදහස් ඇත්ත කතා කරපු උන් ඇතුලේ.

:       0       0

කිරි පුතා Thursday, 31 March 2022 12:31 PM

එයාලා දානවා මෙයාලා ගන්නවා. මෙයාලා දානවා එයාලා ගන්නවා. හරිම සරළ සිද්ධාන්තයක්

:       0       0

C.K.Lankaputhra Thursday, 31 March 2022 01:21 PM

දැන් අපේ විරුද්ධ කාරයෙකු මරන්න බය වෙන්න අවශ්ය නෑ. බේරෙන්න පුලුවන්, හැබැයි කොන්දේසි දෙකක් තියනවා. තුවක්කුවකින් වෙඩි තියන්න ඔ්න, වැඩේට තව දෙන්නෙක් සම්බන්ධ කර ගන්න ඔ්න. එච්චරයි. මන්ත්රී කමක් තියනවා නම් වැඩේ ගොඩම ගොඩ.

:       0       0

Kuma Thursday, 31 March 2022 01:44 PM

නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ. නාලන්ද එල්ලාවල නඩුවෙත් සුසන්ත පුන්චිනිලමෙ අද එලියේ ඉන්නවා. කාලකන්නි නිතියක් තියෙන රටක්. පාලන බලය තියෙන පත්තේ උන්ට නීතියේ හිල් කුමා

:       0       0

වර්ණකුලසූරිය Thursday, 31 March 2022 01:49 PM

ඉන්න හිතෙන රටක්. රංජන් රාමනායක මහතාණෙනි; ඔබව වැරදිකරු කළේ මේ අධිකරණයයි. අපිට කණගාටු ඒ සාධාරණ අධිකරණය ගැනයි. වචනයක් වැරදීම මිනිමරණවාටත් වඩා අපරාධයක් බව අපි අද තේරුම් ගනිමු. නීතියේ දෙවගන අද අන්ධ බව නොසිතෙන්නේ කාටද?

:       0       0

Naleen Cell Mart Thursday, 31 March 2022 02:00 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් ..............

:       0       0

Chinthaka Thursday, 31 March 2022 02:17 PM

එක ළග මිනීමරුවෝ දෙන්නෙකුට ජනාධිපති සමාව දුන්නාම මිනිස්සු අවුල් වෙන නිසා මේක අධිකරණයට භාර දෙන්න ඇති.

:       0       0

අප්පුහාමි Thursday, 31 March 2022 02:29 PM

පින් කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්නට......... හේතු වාසනා වේවා.. හේතු වාසනා..

:       0       0

අමිල සිං Thursday, 31 March 2022 02:35 PM

මැරුන මනුස්සය, මැරුනේ නෑ කියලත් අභියාචනා පෙත්සමක් දැම්මනම්, ඒ මනුස්සයත් මරුනේ නෑ කියයි.

:       0       0

Jit Thursday, 31 March 2022 02:39 PM

ඕකනේ. මේ "වැඩ කරන අපේ විරුවා කිසි දෙයක් කරන්නේ නෑ කියල" රට පුරහම ගෙනියන්නේ අමුලික බොරුනේ. මේ මිනිස්සුන්ට මේ කරන දේවල් පෙනෙන්නේ නැද්ද ? එයා තමා දැනට හොඳටම කෙරුවේ.

:       0       0

බද්රානි Thursday, 31 March 2022 04:20 PM

ඇත්තෙන්ම කියනවා නම්, මිලේච්ජ මිනීකන්නන්ගේ දේශයේ රජකමටත් සුදුසු පුද්ගලයෙක් තමයි මේ. ශ්‍රී ලංකාව තුල මීට වඩා ගෞරාන්විත තත්වයකට පත්විය යුතු පුද්ගලයෙක්. ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ කරගෙන කිසියම් විශ්ව විද්යාලයකින් ආචාර්ය ගෞරව උපාධියක් පිළිගැන්වීමට කඩිනමින් කටයුතු කල යුතුයි.

:       0       0

DM Thursday, 31 March 2022 04:31 PM

මේ නඩු තීන්දුවේ පුදුම වෙන්න දෙයක් තියෙනවද? ඔකේ වුනේ නැත්නම් තම පුදුමේ.

:       0       0

[email protected] Thursday, 31 March 2022 04:38 PM

තවත් චන්ද ප්‍රතිපලයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 321 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 516 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 367 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 658 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1298 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 615 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site