IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලාෆ් ගෑස් මිලත් නගී

(යොහාන් භාසුර සහ බිමල් ශාමෙන් ජයසිංහ)

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4199 ක් දක්වා අද (20) සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව ලාෆ් කිලෝ 5 ගෑස් සිලිඩරයක් රුපියල් 1680 ක් දක්වා ඉහළ දමා තිබේ.

ලාෆ් ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 2840 ක් සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් ගෑස් සිලින්ඩරය රුපියල් 1136 ක පැවතුණි.

 



අදහස් (12)

ලාෆ් ගෑස් මිලත් නගී

චන්දන Sunday, 20 March 2022 01:31 PM

ඉහළ දැම්මට ගෑස් තියෙනවද? බෙහෙතකටවත් ලාෆ් ගෑස් නැහැ. මේ අයට හෙන ගහන්න ඕනෑ.

:       2       38

යෝගා Sunday, 20 March 2022 01:35 PM

ලෝක වෙළෙඳ පොලේ මිල අනුව භාණ්ඩ මිල ඉහළ පහළ දැමීම හොඳ දෙයක්. එතකොට ආයතන කඩා වැටෙන්නේ නෑ. නමුත් භාණ්ඩ හිඟ වෙන්න දෙන්න එපා. ජනතාව වඩාත් අසහනයට පත් වෙන්නේ පෝලිම් වල රස්තියාදු වෙන විටයි...

:       16       19

AnuraSunday, 20 March 2022 04:52 PM

ලෝක වෙළඳ පලේ ගෑස් ප්‍රශ්නයක් නෙමෙයි, මෙතන තියෙන්නේ ඩොලරයට එරෙහිව අපේ රුපියල බාල්දුවීම.., තව සතියකින් විතර ආපහු මේ ගොල්ලන් ඕක ඉහළ දාවි.., තනිකරම මේ රජය මේකට වගකියන්න ඕනේ...

:       3       20

seneSunday, 20 March 2022 05:47 PM

අපේ ආයතන කඩාගෙන වැටෙන්න හේතුව ලෝක මිල නොවේ... මෙහෙයුම් මිල අධික වීම, එයට විසඳුම් නොසොයා නියාමනයක් පාලනයකින් තොර මිල ඉහළ දැමීම විසඳුමක්ද?

:       0       16

අසාSunday, 20 March 2022 06:07 PM

මිල පහළ යද්දී ඊට සාපේක්ෂව හැම දේකම මිලත් පහළ යනවාද?

:       0       16

ධම්මික දෙල්වල Sunday, 20 March 2022 02:16 PM

මම නම් ගෑස් හිඟයක් ඇති වුණාට පස්සේ ලාෆ් ගෑස් දැක්කේම නැහැ.

:       2       27

Ma Sunday, 20 March 2022 05:25 PM

ප්‍රශ්න විසඳන්න කියල ගෙනාව කෙනා ප්‍රශ්න ලියන්න රටේ කඩදාසි ඉවරවෙන කල් ප්‍රශ්න ඇතිකරලද?

:       0       16

lakvidu Sunday, 20 March 2022 05:57 PM

මේවා අහලා අපිට පිටිපස්සෙනුත් ‘ලාෆ්...‘

:       0       20

Don perea -London Sunday, 20 March 2022 06:34 PM

මේ රටේ ව්‍යවසනයට ස්වාමීන් වහන්සේලාත් වගකිව යුතුයි.

:       2       26

උපාසක Sunday, 20 March 2022 07:15 PM

ඒකනේ ඒ ඇත්තො ඉන්නවද නැද්දෝ කියලා හිතන්නේ .කොහොමත් 1956 මැතිවරණය සදහා මූලික වෙච්චි තැනින්මනේ 2019 පටන්ගත්තේ. උපන්දාසිට කරපු පව් නැහැ කිව්වට දැන් මොකද වෙලා තියෙන්නෙ

:       0       0

සනත් Sunday, 20 March 2022 07:18 PM

ඉන්දියාවෙන් පරිප්පු දාපු එක හෙලා දැක්ක, ඉන්දීය බඩු වර්ජනය කලා, බොම්බයි ලූනු වලට ලොකු ලූනු කියල නම දැම්ම,ඉන්දියන් සාරි ඇඳුම් ආයිත්තම් ගන්න එපා කිව්වා. ඉන්දීය අගමැති තුමා ලංකාවට ආපුවෙලාවේ ඒ මනුස්සයටත් ගැහුව, අන්තිමට වුනේ කුමක්ද ඒක තමයි කියන්නේ කවරදාකවත් අසල්වැසියෝ තරහකරගන්න හොඳනැහ. දැන් වරායේ ඉන්දිය බඩු නිදහස් කරනව. ඉන්දීය ආහාර දව්‍ය එනව. ඉන්දිය බෙහෙත් දෙනව. අර ඉන්දීය විරෝධය ආරම්භ කරපු දේශප්‍රේමින්වත් හාක් වූවක් නැහ. යුධ ජයග්‍රහනයේ මහා පවාදීම වත් මෙලෙස කරල වැටී ඇති තැනින් ගොඩ එමු. තවත් ඉන්දියාවට දොස් කියන්න හිතන්නවත් එපා

:       0       0

මෙතෙර Sunday, 20 March 2022 07:35 PM

අනේ හපොයි කියන්න වෙන්නෙ..විදේශීය ධනවත් රටක පදිංචි මගෙ දියනිය කිව්වා එක වරම කෑම පිසීමට ගන්න සූයර්‍ කාන්ත මල් තෙල් හිඟයක් ඇති උනාය කියල..ඒකට හේතුව තමයිලු, ඩීසල් හිඟය ඇති වූ වහාම ඒ සූයර්‍ කාන්ත මල් තෙල් ඩීල වෙනුවට යොදා ගැනීමට පටන් ගැන්ම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site