IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මෙම වසරට තවත් අය වැයක් එයි

(ඩයනා උදයංගනී)

‍2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් පැවසීය.

මෙහිදී දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැය ශීර්ෂ කපා දැමිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහිදී පැවසුවේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවයි.

එම අදහස්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව එවැනි අයවැයක් ගෙනඒමට තමන් සූදානම් බවයි.

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

 



අදහස් (9)

මෙම වසරට තවත් අය වැයක් එයි

uk ran Wednesday, 23 March 2022 05:45 PM

ඔය ඔක්කොම එකයි... තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න බොරු ඇක්ටින් දානවා. ඔය ඔක්කොම රට කාපු අය...

:       36       52

siripalaWednesday, 23 March 2022 10:22 PM

සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් එවා අයවැය පරාදකර රජයක් පිහිටුවා ඔබලාටත් නොහැකි බව පෙන්වීමට අවස්ථාවක් ලබාගෙන අලුත් කණ්ඩායමකට අවස්ථාවක් දෙන්න...

:       0       0

ජනිත Wednesday, 23 March 2022 06:52 PM

මොන අයවැය ආවත් මෙදා නම් ගෙදරම යවලා තමයි පස්ස බලන්නේ...

:       41       62

sugathWednesday, 23 March 2022 07:29 PM

හැබැයි ඔය කවුරු ආවත් එකයි...! 

:       16       88

Hafeel Thursday, 24 March 2022 08:31 AM

සුගත්, එහෙම කියන්න එපා. මේ දෙගොල්ලන්ම ප්‍රතික්ෂේප කරමු. අළුත් පිරිසුදු බලවේගයක් බලයට ගේමු...!!!

:       2       4

fairoos Wednesday, 23 March 2022 07:18 PM

රනිලුයි, සිරිසේනයි තාම බැසිල්ටම කරන්න කියනවනේ... පුළුවන් නම් තොලොංචිවෙලා යන්න කියන්න.

:       9       57

Ryan Wednesday, 23 March 2022 09:13 PM

බැසිලගෙ තග කොහොමද රනිල්ට????draft එක දෙන්නම්ලු

:       0       0

Prase Thursday, 24 March 2022 12:04 PM

විකාරද මේ අයට පිටරටින් ණයට අරන් සහන දීලා රට ගොඩගන්න පුළුවන්ද? ඔය වගේ පාලකයෝ හිටපු නිසයි අද අපිට ඩොලර් නැත්තේ...!

:       16       4

වර්ණකුලසූරිය Tuesday, 12 April 2022 09:22 PM

ජනතාවට ඕනේ සහන අයවැයක් නොවේ. රට මෙතරම් අගාධයට ඇදදැමු පාලකයන් පන්නා දැමීමයි. ජාත්‍යන්තර ණය ලබා ගත්තත්,සහන අයවැයක් ගෙනාවත් ඒවා මේ හොර නඩයම පාලනය කරන්නේ නම් එයින් යහපතක් වෙන්නේ නැත. පළමුව දුර්වල ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි. 69 ලක්ෂයක් ජනතාව ලබා දුන්නේයයි කියන අයිතිය ලබා ගැනීමට දීපු පොරොන්දු යන්තමින් වත් ඉටුකර තිබේද? එය ලබාදීම අමුලික බොරුවක් නම් බොරුකාරයන් පන්නා දැමීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි. අර්බූදයට වගකිව යුත්තේ කළමණාකරණයට දුර්වල පාලකයන් බවට තර්කයක් තිබිය නොහැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site