
(ඩයනා උදයංගනී)
2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින් පැවසීය.
මෙහිදී දැනට ඉදිරිපත් කර ඇති අනවශ්‍ය වැය ශීර්ෂ කපා දැමිය යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහිදී පැවසුවේ සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ගෙන ආ යුතු බවයි.
එම අදහස්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව අනුව එවැනි අයවැයක් ගෙනඒමට තමන් සූදානම් බවයි.
සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම එකයි... තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න බොරු ඇක්ටින් දානවා. ඔය ඔක්කොම රට කාපු අය...
මොන අයවැය ආවත් මෙදා නම් ගෙදරම යවලා තමයි පස්ස බලන්නේ...
රනිලුයි, සිරිසේනයි තාම බැසිල්ටම කරන්න කියනවනේ... පුළුවන් නම් තොලොංචිවෙලා යන්න කියන්න.
බැසිලගෙ තග කොහොමද රනිල්ට????draft එක දෙන්නම්ලු
විකාරද මේ අයට පිටරටින් ණයට අරන් සහන දීලා රට ගොඩගන්න පුළුවන්ද? ඔය වගේ පාලකයෝ හිටපු නිසයි අද අපිට ඩොලර් නැත්තේ...!
ජනතාවට ඕනේ සහන අයවැයක් නොවේ. රට මෙතරම් අගාධයට ඇදදැමු පාලකයන් පන්නා දැමීමයි. ජාත්‍යන්තර ණය ලබා ගත්තත්,සහන අයවැයක් ගෙනාවත් ඒවා මේ හොර නඩයම පාලනය කරන්නේ නම් එයින් යහපතක් වෙන්නේ නැත. පළමුව දුර්වල ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි. 69 ලක්ෂයක් ජනතාව ලබා දුන්නේයයි කියන අයිතිය ලබා ගැනීමට දීපු පොරොන්දු යන්තමින් වත් ඉටුකර තිබේද? එය ලබාදීම අමුලික බොරුවක් නම් බොරුකාරයන් පන්නා දැමීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි. අර්බූදයට වගකිව යුත්තේ කළමණාකරණයට දුර්වල පාලකයන් බවට තර්කයක් තිබිය නොහැකියි.