නීතිය ඉල්ලා කඳපොළ උද්ඝෝෂණයක් කඳපොළ පොලිස් වසමට අයත් පාක් තේ වතුයායේ 16 හැවිරිදි තරුණියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට බල කරමින් කඳපොල තේ වත්තේ කම්කරුවන් පිරිසක් කඳපොළ නගරයේදී අද (21) උද්ඝෝෂණයක් කළහ. 21 May 2017
ඇල්පිටියේ කඩයක් ගිනිතබති ඇල්පිටිය නගරයේ පිහිටි කඩ සාප්පුවකට අද (21) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 21 May 2017
විල්පත්තුවේ නිධන් හෑරූ අය රක්ෂිත බන්ධනාගාරයට විල්පත්තුව ජාතික උද්‍යානයේ පොම්පරිප්පු පල්ලිවාසල්කුලම් (උත්තුමඩාරු) ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හෑරීයැයි සැකපිට අත් අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු ලබන 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා නියෝග කළේය. 20 May 2017
බසයේ වැදුණු වන අලියාගේ තත්ත්වය බරපතලයි මහවැලි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ අලියෙක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද (20) අලුයම 3.30 ට පමණ ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීම නිසා බරපතල ලෙස තුවාල ලබා තිබේ. 20 May 2017
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කප් රුක් වස්ත්‍ර පූජාවක් අනුරාධපුර නිවත්තකචේතිය මහ විදුහල් 83 වැනි සැමරුම වෙනුවෙන් අද (19) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත අනුරාධපුර නගරය හරහා පෙරහරින් කප් රුක් වස්ත්‍ර පූජාවක් නැටුම් ගැයුම් පංච තුර්ය නාද බෞද්ධ කොඩි සේසත් මුරායුධ සහිතව සෙත් පිරිත් ගායනා මැද වැඩම කරන ලදී. 19 May 2017
බැංකු සේප්පුවේ යතුර ඉල්ලූ පිරිස රන් මාලයක් කඩාගෙන ආපසු යති පාදුක්ක පිටුම්පේ ග්‍රාමීය බැංකුවට ටී56 අවියක් හා රිවෝල්වරයක් රැගෙන යතුරුපැදිවලින් පැමිණි සිව් දෙනකු සේප්පුවේ යතුර ඉල්ලමින් බිත්තිවලට වෙඩි තබා ඇත. යතුර රැගෙන ගොස් ඇති බවත් මේ අවස්ථාවේ යතුර බැංකුව තුළ නොමැති බවත් එම බැංකුවේ සේවිකාවන් පවසා ඇති අතර ඉන්පසු සේවිකාවක පැළඳ සිටි රන් මාලයක් කඩා ගෙන ගොස් තිබේ. 18 May 2017
මහවිලච්චිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට හිටපු විදුහල්පතිම ඉල්ලයි මහවිලච්චිය සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අලූතෙන් පත් කරන ලද ශ්‍රේණිධාරි විදුහල්පතිවරයා ඉවත් කර හිටපු විදුහල්පතිවරයාම පත් කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අද (18) එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ. 18 May 2017
බීමත්වූ ඇත්ගොව්වාට වසර 10 ක අත්හිටවූ සිරදඬුවම් පසුගිය වසරේ රත්නපුර මහ සමන් දේවාල පෙරහැර අවස්ථාවේදී අලියකු නොසන්සුන් වන ආකාරයට හා බීමත්ව රාජකාරියේ යෙදුණැයි එහි ඇත් ගොව්වකුට මාස හයක බරපතළ වැඩසහිත වසර 10කට අත්හිටවූ සිර දඩුවමක් සහ රුපියල් 3000ක දඩ මුදලක් ගෙවීමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සාලිය චන්න අභයරත්න මහතා නියෝග කළේය. 18 May 2017
මාරවිල විදුලි උපකරණ අලවිසැලක ගින්නක් මාරවිල දෙමටපිටිය හන්දිය අසල පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය විදුලි උපකරණ අළෙවි මධ්‍යස්ථානයක අද (18) අලුයම 2.30 ට පමණ හදිසියේ ඇතිවු ගින්නකින් එම අළෙවිසැලේ තිබු සියලුම විදුලි උපකරණ ගින්නෙන් දැවි විනාශ වි ගොස් ඇති බව මාරවිල පොලිසිය කියයි. 18 May 2017
‘ලුනාව කලපුව මළ කලපුවක් වෙලා’ රත්මලාන දුම්රිය අංගනයෙන් සහ කටුබැද්ද ඩිපෝවෙන් ඉවතලන තෙල් මිශ්‍ර කාර්මික අප ජලය නිසා ලුනාව කලපුව මළ කලපුවක් බවට පත් වෙලා ලිපි සීයකින් මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කලත් කිසිදු විසඳුමක් ලැබිලා නැතැයි නගර සංවර්ධන උපාංග මහ නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහකාර ව්‍යාපෘති අධ්යක්ෂ නාලක දිසානායක මහතා පැවසීය. 18 May 2017
සිංහරාජයේ අලිත් ප්‍රහාරය ඇරඹීමෙන් දෙදෙනකු මරුට සිංහරාජ වනාන්තරයට ආවේනික අලි තිදෙනාගෙන් එකකු ඊයේ (16) සවස කළ පහරදීම් දෙකක දි කාන්තාවක සහ පිරිමියකු මියගොස් ඇතැයි රක්වාන පොලීසිය කියයි. 17 May 2017
බසයේ රියදුරුට නින්ද යාමෙන් පොලිසියේ 3 ක් රෝහලට යති මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් මුල්ගම්පොල මාර්ගයේ නවතා තිබියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලංගම බස් රථයක් මුහුණට මුහුණට ගැටිමෙන් කැබ් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහනුවර පොලිසිය පවසයි. 17 May 2017
අවිධිමත් ලෙස අබලි ද්‍රව්‍ය එකතු කිරීමෙන් පාරිසරික ප්‍රශ්න හපුගල නාවින්න ප්‍රදේශයේ අවිධිමත් ලෙස පවත්වාගෙන යන පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන මගින් සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බව බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ජී ඒ ආශා ලක්මාලි මහත්මිය පවසයි. වර්ෂා කාල වලදී මේ ස්ථාන මදුරුවන්ට හොඳ නවාතැන්පලක් වන බවත් ඔවුන් පදිංචි නිවෙස් ආසන්නයේම මේ බඩු ගොඩගසා ඇති නිසා නොයෙක් සෞඛ්‍ය ප්‍රශ්න ද පැන නගින බවත් පසුගිය වසරේ මෙම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් කිහිප දෙනකුම වාර්තා වූ බවත් ඇය පැවසුවාය. 17 May 2017
ඊසි කෑෂ් ක්‍රමයට කුඩු විකුණූ දෙදෙනෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල ඇල්ල බදුල්ල යන ප්‍රදේශවල ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු විකීණීමේ ජාවාරමක නිරතවූ තරුණයන් දෙදෙනකු හෙරොයින් පැකට් 53 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි. 17 May 2017
මිල්ලගහමුලතැන්නට දින තුනක් විදුලිය නෑ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිල්ලගහමුල තැන්න ප්‍රදේශයට දින තුනක් තිස්සේ විදුලිය නොමැති බව පාරිභෝගිකයෝ පවසති. 17 May 2017
මාතලේ ලොකු ළූණු වගාවේ සියයට 90 ක අඩුවීමක් ලොකු ලුණු වගාව සඳහා ප්‍රසිද්ධ මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර ලොකු ලුණු වගාව 90%කින් පමණ අඩුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්යක්ෂ කුසුම් සෙනවිරත්න මහත්මිය පවසයි. 17 May 2017
ආගරපතන දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට දෙමව්පියෝ උද්ඝෝෂණයක ආගරපතන උඩ ග්රේන්ලි දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් හා දෙමව්පියෝ පිරිසක් එම පාසල ඉදිරිපිටදී අද (16) උද්ඝෝෂණයක නිරත වූහ. 16 May 2017
යතුරුපැදිකරු පාලමේ ගැටී ඔයට වැටී මරුට තොඩුවාව - මාදම්පේ මාර්ගයේ ලුණුඔය පාලමේ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරුව එම යතුරු පැදිකරු ලුණුඔයට වැටී මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි. 16 May 2017
බෝධිය කඩා වැටුණත් පිළිමයට හානියක් නෑ අද (16) උදෑසන ප්‍රදේශයේ පුරා හමා ගිය සුළඟක් නිසා උඩුනුවර වෙළම්බොඩ කුරුදෙණිය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පිහිටා ඇති පැරණිතම බෝධින් වහන්සේ කඩා වැටීමෙන් ධර්මශාලාවට හා පැරණි විහාර මන්දිරය ට දැඩි ලෙස අලාභහානි වී ඇත. එහෙත් විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේට කිසිදු හානියක් සිදු වී නැති බව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ විහාරාධිකාරී කන්ද කැටියේ විමලසෝම හිමියෝ පවසති. 16 May 2017
නියඟයෙන් මහනුවරත් පවුල් 750 කට පීඩා මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති අධික නියඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක පවුල් 750 කට අයත් පුද්ගලයින් 2600 කට වැඩි පිරිසක් මැයි මාසය තුළත් පීඩාවට පත්ව ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 16 May 2017
කුහුඹු විශේෂයක් නිසා ගාල්ලේ ගම්වාසීන්ට කරදර ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුන්ද කන්ද රක්ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්ෂිතය අවට ගම් වලට විශාල වශයෙන් පැතිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇතැයි බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය. 15 May 2017
සබරගමුව අධ්‍යාපන ඇමතිගේ රිය ඇළට පෙරළේ සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය භාණුමුණි ප්‍රිය මහතාට අයත් ජීප්රථයක් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේදී අද (15) දා පාරෙන් ඉවතට පැන අටකලන් ඇළට පෙරළීමෙන් ජීප් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව කහවත්ත පොලිසිය කියයි. 15 May 2017
කුඹුක්ගැටේ වැටලීම් වලින් ලක්ෂ 25 ක ආදායමක් කුඹක්ගැටේ පොලිස් වසම තුළ ගෙවුණු මාස 6 ක කාලයක දී කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් රජයට රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑපන්දහසක (2,575,000) මුදලක් උපයා දුන් බව කුඹුක්ගැටේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගමගේ මහතා පවසයි. 15 May 2017
ඉබ්බාගමුවේත් ඩෙංගු රෝගීන් ගණන ඉහළට ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය කලාපය තුළ ඉකුත් සිංහල දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් ඒ අතරින් වැඩි රෝගීන් ගණනක් කලාපයෙන් පිට සිටිය දී එම රෝගයට ගොදුරු වූවන් බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 15 May 2017
පල්ලෙපොල තක්කාලි වගාව සාර්ථකයි මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය තුළ වුවද සිය තක්කාලි වගාවන් සාර්ථකව කිරිමට පල්ලේපොල ගොවිහු සමත් වී සිටිති. 15 May 2017
සයිටම් අහෝසි කරන්නැයි තංගල්ලේ උද්ඝෝෂණයක් මාලබේ පිහිටි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යවන් සහ ඔවුන්ගේ දෙමාපියන් අද (14) සවස තංගල්ල මුලික රෝහල ඉදිරිපිට සිට විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් 500ක පමණ පිරිසක් කිලෝමීටරයක පමණ දුරක් ගෙවා තංගල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති පැරණි පොළ භුමියට පැමිණියහ. 14 May 2017
ඇහැලේපොළ කුමාරිහාමිගේ පිළිරුව නිරාවරණය 17 දා වසර 203 කට පෙර ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ නියෝග මත කෲර ලෙස ඝාතනය කළ ඇහැලේපොල කුමාරිහාමි සිහිපත් කරමික් ඉදිකරන ලද ඇහෙලේපොල කුමාරිහාමිගේ පිළිරුව මෙම 17 වන දා පස්වරු 2.00 ට ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේදී විවෘත කෙරේ. 14 May 2017
මුහුදේ ගිලෙන්න යද්දී හය දෙනෙක් බේරාගැනෙති අම්බලන්තොට ඔච්චම මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයින් හතර දෙනෙක් මුහුදේ ගසා ගෙන ගොස් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගනු ලැබූ බවත් තවත් දෙදෙනකු ද ප්‍රදේශවාසීන්ගේ සහාය මත බේරාගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි. 12 May 2017
බොදුණු දරු දැරියන් 45 ක් කිතුණු පාසලක සිල් සමාදන් වෙති කල්පිටිය බොදුණු ඉතිහාසයේ ප්‍රථම වරට කිතුණු පාසැලක් තුළ සිල් සමාදන් වීමේ අවස්ථාවක් අද (9) දැකගැනීමට හැකි විය. 09 May 2017
ඉන්දීය ගුවන් හමුදා පෙරහුරුවෙන් හැටන්හි නිවාස වලට හානි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කදුරට සංචාරය වෙනුවෙන් ඉන්දිය ගුවන් හමුදාවට අයත් එමි. අයි 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට අද (09) දිනයේ කළ පුහුණුවීම්වලදි ක්‍රීඩාංගණය අසල සමනළගම ප්‍රදේශයේ නිවාස පහක සෙවිලි තහඩුවලට අලාභහානි වී ඇතැයි එම නිවැසියන් හැටන් පොලිසියට පැමිණීළි කර තිබේ. 09 May 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025