(සම්පත් සෙනවිරත්න සහ ශිවා බණ්ඩාර)
කුඹක්ගැටේ පොලිස් වසම තුළ ගෙවුණු මාස 6 ක කාලයක දී කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් රජයට රුපියල් විසිපන්ලක්‍ෂ හැත්තෑපන්දහසක (2575000) මුදලක් උපයා දුන් බව කුඹුක්ගැටේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත ගමගේ මහතා පවසයි.
පසුගිය 29 දින කුඹක්ගැටේ පොලිස් ස්ථානයේ පැවති ප්‍රජා පොලිස් මව්කමිටු රැස්වීමේ දී ජයන්ත ගමගේ මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.
මෙම රැස්වීමට ඉහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක කුඹුක්ගැටේ කසාගල රජමහා විහාරාධිපති මැල්සිරිපුර විමලරතන හිමියන් , ග්‍රාම නිලධාරීන් , සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී කරුණු ඉදිරිපත් කරමින් පොලිස් පරීක්‍ෂක ජයන්ත ගමගේ මහතා පැවසූයේ කසිප්පු , ගෝඩා , ගංජා , හෙරොයින් , මත්ගුලි , මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් මෙම මුදල අය වූ බවයි.
ගොකරැල්ල පොලීසිය යටතේ පොලිස් මුර පළක්ව පැවති කුඹුක්ගැටේ මුරපළ පොලිස් ස්ථානයක් ලෙස ආරම්භ කරන ලද්දේ පසුගිය 2016.10.16 දිනය. එහි ආරම්භක ස්ථානාධිපති ලෙස පත්වූ තමන් ප්‍රදේශය පුරා දිවා රාත්‍රී අඛණ්ඩව සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා කුඹුක්ගැටේ පොලීසියේ සේවය කරන සියලු නිලධාරීන් උපරිම කැපවීමෙන් සහයෝගය දුන් අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව ද සැමවිටම නිවැරදි තොරතුරු ලබාදෙමින් දුන් සහාය ඉතාමත් ප්‍රශංසනීය බව ද එහිදී පොලිස් පරීක්‍ෂක ජයන්ත ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මඩගල්ල පාරේ අයිනේ ඉඳල රියදුරන්ගෙන් පගාව කීයක් ගත්තද.