වෛද්‍යවරයාගේ රථයට රෝහලේදී හානී මාරස්සන ග්‍රාමීය රෝහලේ වෛද්‍යවරයාට අයත් පෞද්ගලික කාර් රථය රෝහල් භූමියේ නවතා තිබියදී කිසියම් පරිසක් විසින් අලාභහානි සිදුකර ඇත. 18 April 2017
ත්‍රීරෝද රථයක් මහමගදී ගිනි ගනියි පේරාදෙණිය ගම්පල මාර්ගයේ ඉංඡිනේරු පීඨය ආසන්නයේ ත්‍රී රෝද රථයක් ගෙන ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි. 16 April 2017
මිනීමරු අලියා දෙදෙනකුගේ ජීවිත බිලිගනී තණමල්විල නිකවැව හා මීගස්ආර ප්‍රදේශ වල ඊයේ(12) රාත්‍රි සිදු වු වන අලි පහරදිමක් හේතුවෙන් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 13 April 2017
මාදුරුඔය ජල මට්ටම බසී; ජලය නිකුත් කිරීම සීමාවෙයි පොළොන්නරුව මාදුරුඔය ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් පහළ බැසිමත් සමග මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වි ගොවිතැන සදහා ජලය නිකුත් කිරිම 50% දක්වා සිමා කිරිමට සිදුවන බව මහවැලි බී කලාපිය නේවාසික ව්‍යාපාර කළමණාකාර තුෂාර දන්තනාරායන මහතා පවසයි 12 April 2017
පොළොන්නරුවේ සුළඟින් 70 කට පීඩා මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය කොට්ඨාසවල පිහිටි ගම්මාන 2කට අයත් නිවාස 18කට ඊයේ (11) පස්වරු 4.45ට පමණ හමාගිය තද සුළං තත්වයක් නිසා හානි සිදුවී ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 12 April 2017
අනුරාධපුරයේ සුළගින් ගස් කඩා වැටී නිවෙස් වලට හානි අධික වර්ෂාවත් සමග හමා ගිය තද සුළං තත්ත්වය හේතුවෙන් අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම හේතුවෙන් නිවාස කීපයකට හා රථ වාහන කිහිපයකට බරපතල හානි සිදුවිය. 12 April 2017
වවුනියාවේ සැඩ සුළඟින් නිවාස 46 කට හානි වවුනියාවට ඉරිදා (09) සවස බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 46 කට හානි සිදුව ඇතැයි වවුනියාව ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 10 April 2017
ගොඩකවෙල පොදු ලිඳ කඩා දමති වසර විස්සක වැඩි කාලයක් නිවාස 108කට නළ මගින් ජලය සැපයූ ගොඩකවෙල නියංගම පොදු ළිඳ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එම ප්‍රදේශයේ ප්‍රජා ජල පාරිභෝගිකයෝ පවසති. 10 April 2017
ව්‍යාපාරිකයාගේ නිවසට ගිනිතැබූ අයෙක් අත්අඩංගුවට බදුල්ලේ ජංගම දුරකථන ව්‍යාපාරික ආයතනයක කළමනාකරුවකුට පොල්ලකින් පහරදී ඔහුගේ නිවසට ගැනි තැබූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 10 April 2017
ඩෙංගු මඩින්න ගිය සෞඛ්‍ය නිලධාරියෙක් පහර කා රෝහලේ අලුත්ගම දර්ගානගරය ආසන්නයේ ඩෙංගු මර්ධන කාර්යේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ප්රදේශවාසියකු පහරදීම හේතුවෙන් ඔහු අලුත්ගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 08 April 2017
ත්‍රී රෝද රථය සොරකම් කළැයි අයෙක් අත්අඩංගුවට තියුණු ආයුධ පෙන්වා කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා එහි ගමන්ගත් පුද්ගලයින්ගේ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකා පලාගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ධර්මපුරම් පොලිසිය පවසයි. 06 April 2017
මඩකලපුවේ වෙළඳසල් 100 ක් වටලා 12 ක් අත්අඩංගුවට මඩකලපුව දිස්ත්‍රික්කයේ මිනුම් ඒකක් ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තු නිලධාරින් වෙළඳ සැල් 100 ක් දිස්ත්‍රික් ලේකම්ගේ නියෝගයට අනුව වැටලීමෙන් මුද්‍රා නොතබන ලද වෙළඳ උපකරණ භාවිතා කර තිබු වෙළඳුන් 12 දෙනෙකු අත් අඩංගුවට ගත් බවට මඩකලපුව දිස්ත්‍රික් භාර නිලධාරී ඒ.එස්.නවුසාත් මහතා පැවසිය. 06 April 2017
සුළි සුළඟින් නිවාස 10කට හානි කහටගස්දිගිලිය ප්‍රදේශයට අඟහරුවාදා(04) රාත්‍රියේ ඇතිවු සුළි සුළඟින් නිවාස දහයකට පමණ හානි සිදුව ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය පවසයි. 05 April 2017
ආච්චිබෝක්කුව අසළදී අඹුසැමි යුවළක් මරුට පොළොන්නරුව වැලිකන්ද ප්‍රධාන මාර්ගයේ ආච්චිබෝක්කුව අසළදී ත්‍රී රෝද රථයක් හා ලොරියක් ගැටී සිවිල් ආරක්ෂක බළකායේ අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට පත් වු බව මනම්පිටිය පොලිසිය කියයි. 04 April 2017
කැලේගම සූදූ ක්‍රීඩාවේ යෙදුණු 9 ක් අත්අඩංගුවට තඹුත්තේගම පොලිස් වසමේ කැලේගම නිවසක මුදල් ඔට්ටුවට කාඩ් සෙල්ලම් කළ (බූරු ගැසීම) පුද්ගලයන් නව දෙනෙකු සහ ඔවුන්ගේ යතුරු පැදි හතක් අද (04) අත් අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි. 04 April 2017
බාහිර උපාධිය කප්පාදු කළාට විරෝධය බාහිර උපාධිය කප්පාදු කළ 2016 /13 චක්‍රලේඛනය වහා අහෝසි කරන ලෙස රජයට බලපෑම් කරමින් අනුරාධපුර නව බස් නැවතුම්පලේදි සමාජවාදී තරුණ සංගමය සාමාජිකයින් පිරිසක් උද්ඝෝෂණයක නියැලූනේය. 03 April 2017
මීගහකිවුලේ කැළි කසළ බැහැර කිරීමට විරෝධය මීගහකිවුල නගරයෙන් ඉවත් කරන කැළි කසළ බැහැර කිරීමට මීගහකිවුල 15 කණූව රක්ෂීතය තෝරාගැනීමට විරෝධය පලකරමින් මීගහකිවුල ප්‍රදේශවාසීන් පිරිසක් අද (03) ප්‍රදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණය කළහ. 03 April 2017
අහංගම ගින්නකින් කඩ 3 කට හානි අහංගම නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ අද (2) දවල් හදිසියේ හටගත් ගින්නකින් එක් වෙළදසැලක් සම්පුර්ණයෙන්ම විනාශවී තවත් වෙළඳසැල් දෙකකටද බරපතල හානී සිදුවී ඇතැයි අහංගම පොලිසිය පවසයි. 02 April 2017
වෛරස් උණකින් රුහුණු සරසවියේ 100 ක් ලෙඩවෙති වෛරස් උණ රෝගයක් නිසා රුහුණු විශ්ව විද්‍යාලයේ මාපලානේ පිහිටි කෘෂි විද්‍යා පීඨය හා වැල්ලමඩුවේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුන්ට දින නියමයක් නොමැතිව නිවාඩු දුන් බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා පවසයි. 30 March 2017
සිසු සැරිය අනතුරෙන් 7 ක් රෝහලේ පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී බදාදා (29 ) සිසු සැරිය බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටි පාසල් සිසුන් සිව් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 30 March 2017
ත්‍රිරෝද රියේ අමතකව ගිය ලක්ෂ 5ක් අයිතිකරු සොයා බාරදෙයි ත්‍රීරෝද රථයේ අමතකවී ගිය රුපියල් 580000 මුදලක් අයිතිකරු සොයා ලබා දීමට දඹුල්ල නගරයේ ත්‍රී රෝද රියදුරු මහතකු වන විනිල් අජන්ත දසනායක මහතා කටයුතු කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි . 29 March 2017
බණ්ඩාරවෙල ජල ප්‍රශ්නයට උග්‍ර අතට හැරෙයි බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට මසකට දෙවරක් ලබාදෙන ජල සැපයුම ඉදිරියේදි දින 20 කට වරක් පමණක් දීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඌව පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රුවන් ලියනගේ මහතා පවසයි. 29 March 2017
කුණු නොදමන්නයි තලවකැලේ උද්ඝෝෂණයක් හැටන් දික්ඔය නගර සභාව කැළි කසල තලවාකැලේ ලිදුල කැළි කසල අංගනයට බැහැර නොකරන ලෙස බලකරමින් තලවාකැලේ ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂණයක් කළහ. 29 March 2017
කුරුණෑගල - පුත්තලම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් දැඩිලෙස අබලන්ව පවතින කුරුණෑගල යන්තම්පලාව සිට සුන්දරපොළ හරහා වැවගෙදර දක්වා මාර්ගය අලුත්වැඩියා නොකරන බව කියමින් ප්‍රදේශවාසීහු අද (27) කුරුණෑගල - පුත්තලම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ. 27 March 2017
එප්පාවල ව්‍යාපාරිකයාට ඇප අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා වසා දමා තිබූ නීති විරෝධි පැණි බීම සහ පානීය ජල බෝතල් ඇසිරීමේ ගබඩාවක් බලහත්කාරයෙන් කඩා විවෘත කර එම ගබඩාව තුළ තිබු මහජන පානයට නුසුදුසු පානීය ජලය අලෙවි කර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි ව්‍යාපාරික අරුණ නිශාන්ත මුදල් සහ ශරීර ඇප මත මුදා හරින ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 27 March 2017
13 හැවිරිදි දැරිය කෙලෙසූ බාප්පා අත්අඩංගුවට තම බිරිඳගේ පළමු විවාහයේ දහතුන් හැවිරිදි දියණිය අපයෝජනය කළ බව කියන පුද්ගලයකු ලබන 04 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් නිරෝෂ් නින්දවත්ත මහතා නියම කළේය. 27 March 2017
ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම හෙට සිට විවිධ ක්ෂේත්රයන් හි පළමුවැන්නියන් ගණනාවක්ම ලොවට දායාද කළ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් දින පහක් පුරා පැවැත්වෙන අධ්‍යාපන, කෘෂිකාර්මික සහ වෙළඳ ප්‍රදර්ශනය හෙට (27) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේ දී ආරම්භ වේ. 26 March 2017
ඉංගිරියේ බැංකුවකට හොරු පනිති ඉංගිරිය ලංකා බැංකුවට අද (24) අලුයම ඇතුළු වු කිහිප දෙනෙකු අල්මාරිය තිබු තුවක්කුවක් හා උණ්ඩ 10 ක් සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. ජනෙල් දොර කඩා ගෙනවිත් බැංකුවට ඇතුළු වී ඇත. 24 March 2017
හෙද සංගමය හලාවතදී විසඳුම් ඉල්ලයි වැටුප් විෂමතා ඉවත්කර තම සේවා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා හෙද සංගමය අද (22) හලාවත දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට දි විරෝධතාවක් කළේය. 22 March 2017
ත්‍රිකුණාමලයේ මදුරු මර්දන ක්‍රියාකරුවන් 42ක් ස්ථීර කරයි ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු තර්ජනය අධික වීමට හේතුව මදුරු මර්දන ඉසීම් යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ සේවය ස්ථීර නොකිරීම නිසා බවත් ක්‍රියාකරුවන් 42 දෙනෙකුගේ සේවය ස්ථීර කිරීමට පියවර ගත යුතු බවත් ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය වී ඇත. 21 March 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025