පරිසර අධිකාරිය තලවිල පුදබිමේ කුණු ඉවත් කරයි තලවිල ශාන්ත ආනා පුදබිමේ වාර්ෂික දේව මෙහෙයට සහභාගි වූ බැතිමතුන් දමා ගිය හිස් ජල බෝතල් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතින් කිලෝ ග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා එකතු කරනු ලැබී යැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 20 March 2017
දික්ඔය නගර සභාවට කුණු ප්‍රශ්නයක් හැටන් දික්ඔය නගර සභා සීමාවේ කැළි කසල නගර සභාව ඉවත් නොකිරීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් ඇති බවට ප්රදේශවාසිහු චෝදනා කරති. 20 March 2017
මාර්ගය අලුත් වැඩියා කර දෙන ලෙස ඉල්ලති මදුරන්කුලිය මහකුඹුක්කඩවල මාර්ගය අලුත් වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් අද(19 ) 500කට ආසන්න පිරිසක් මදුරන්කුලිය නගරයේදි විරෝධතාවයක නිරත වුහ. පුත්තලම කොළඹ මාර්ගය මදුරන්කුලිය නගරයෙන් වසා දැමිමට විරෝධතාකරුවන් කටයුතු කිරිම නිසා පොලිසිය මැදිහත්ව දැඩි පරිශ්‍රමයකින් මාර්ගයේ එක් මං තිරුවක් විවෘත කිරිමට සිදුවුවද නැවතත් විරෝධතාකරුවන් මාර්ගය වසා දැමිමට කටයුතු කළහ. 19 March 2017
නිවාස සංකීර්ණයට එරෙහි විරෝධතාවක් ගම්පහ ,ඉදිගොල්ල ප්‍රදේශයේ, යක්කල - ගම්පහ මාර්ගය අද්දර පෞද්ගලික සමාගමක් මගින් ඉදි කිරීමට යන 9 මහල් නිවාස සංකීර්ණය හේතුවෙන් එහි ප්‍රදේශවාසීන්ට හානිකර තත්ත්වයක් ..... 18 March 2017
ඩෙංගු මදුරු මර්ධනයට 500ක් එළියට බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් බඳවා ගත් ඩෙංගු මර්දන නිලධාරීන් 500 දෙනෙක් පුහුණූවෙන් පසු ක්ෂේත්‍ර රාජකාරී සදහා අනුයුක්ත කර තිබේ. 18 March 2017
ආදේශක කම්කරුවා වතුර ටැංකිය උඩ උපවාසයේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ ආදේශක කම්කරුවකු ප්‍රාදේශීය සභා වතුර ටැංකිය මතට නැග උපවාසයක් ආරම්භ කර ඇත. 18 March 2017
දකුණට නව පළාත් පාලන කොමසාරිස්වරයෙක් දකුණු පළාත් නව පළාත් පාලන කොමසාරිස්වරයා වශයෙන් කේ. යූ. චන්ද්‍රලාල් මහතා පසුගියදා ගාල්ල පළාත් පාලන දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගත්තේය. 15 March 2017
නලජල පහසුකම් ඉල්ලා උද්ඝෝෂණය කරති නලජල පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ ඔරුතොට ප්‍රදේශවාසීහු පිරිසක් අද (14) ඔරුතොට කලුපාලම අසලින් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතව සිටිති 14 March 2017
යතුරුපැදියෙන් මාරයා එයි යතුරුපැදියකින් කඹුරුපිටිය ප්‍රදේශයේ සිට කොළඹ බලා පැමිණි දෙදෙනෙකු බේරුවල මොරගොල්ලේ දී තාප්පයක හැපි පුද්ගලයකු (30) මිය ගොස් කාන්තාව දැඩි ලෙස තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 14 March 2017
පාසල් ආපන ශාලාවේ කසිප්පු පෙරළා හිඟුරක්ගොඩ ප්‍රධාන පෙලේ පාසලක ආපනශාලාව තුළ කසිප්පු පෙරු බව කියන ආපනශාලා භාරකරු සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීහු පවසති. කසිප්පු පෙරීමට යොදාගන්නා උපකරණ සමග බැරලයක් ද සුරාබදු නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත 12 March 2017
නාච්චිමලේදී තිදෙනෙක් ගිලී මිය යති ඉංගිරිය නාච්චිමලේ ඇලේලේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 March 2017
වැව් 20 ක පිටිය ගොඩකර ගොඩනැගිලි හදති කතරගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ කුඩා වැව් 20 ක රක්ෂිත බිම් (වැව්පිටි) ගොඩනැගිලි ඉදි කිරීමට ගොඩ කිරීම නිසා කුඹුරු අක්කර 1000ක් පමණ විනාශ වී යාමේ අවදානමක් ඇතැයි ජනාධිපති පරිසර අංශයට පැමිණිලි කළ බව කතරගම ජනසෙත ගොවි සංවිධානය කියයි. 12 March 2017
වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමයි විෂ බීජයක් පැතිර යාම නිසා වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයි රෝහල් පාලනාධිකාරිය කියයි. එය පිරිසිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද දැඩි සත්කාර ඒකකයේ කටයුතු දින තුනකට නවතා ඇතැයි ද රෝහල් පාලනාධිකාරිය පවසයි. 10 March 2017
ඇමරිකානු තානාපති ගාල්ලේ නිල සංචාරයක ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඊයේ(09) ගාල්ල නගරයේ සංචාරයක නිරත විය. උදෑසන ගාල්ල නගරයට පැමිණි ඒ මහතා ශ්‍රි ලංකාවේ ප්‍රථම ඇමරිකානු තනාපති ලෙස කටයුතු කල ජෝන් බ්ලැක් මහතාගේ සොහොන පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමිය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වන ලදී. 10 March 2017
රැකියා විරහිත උපාධීධාරීන් පළාත් සභාවලට උතුරු පළාතේ රැකියා විරහිත උපාධීධාරීන් පළාත් අමාත්‍යංශවල සහ දෙපාර්තුමේන්තුවල සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පවසයි. 07 March 2017
හල්දුම්මුල්ලේ ඉඩම් බලෙන් අත්පත් කරගනිති ඉඩම් ප්රතිසංස්කරන කොමිෂන් සභාවට අයත් හල්දුම්මුල්ල කැලිපානාවෙල ඔක්ෆිල්ඩි වත්තේ අක්කර 30 ක් පමණ කිසියම් පිරිසක් විසින් බලෙන් අත්පත් කරගෙන ඇතැයි ද කැලැ කපා හෙලිකර ඇතැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. 06 March 2017
බඹර කූඩුවක් නිසා ඇත්කඳුරේ පාසලකට නිවාඩු ඇත්කඳුර සීවලී නවෝද්‍යා පාසලේ ගොඩනැගිල්ලක වහලේ ඹඹර කූඩුවක් තිබිම හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිසු සිසුවියන් ඉවත්කර අද දින (06) නිවාඩු ලබා දී ඇතැයි ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. 06 March 2017
කුනු කානුවේ වතුර මහයියාවේ ගෙවල්වලටත් ගලයි මහනුවරට ඇද හැළුණ අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මහයියාවේ කානුවක් පිටාර ගලා නිවාස පහක් තුලට ජලය ගලා යාම නිසා එම නිවාස වලට අලාභ හානි සිදු විය. 05 March 2017
පෙදරේරුවා වල් අලියාට බිලි කහටගස්දිගිලය දිගත්හල්මිල්ලෑවේ තිදරු පියකු වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 04 March 2017
චක්‍රලේඛනය උල්ලංඝනය කළ මාරුව අවලංගු කරයි ගුරු මාරු මණ්ඩල අනුමැතියකින් තොරව අධ්‍යාපන චක්‍රලේඛන බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාතර කළාපයේ ගුරුවරියකට ලබා දී තිබූ ස්ථාන මාරුව වහාම අවලංගු කළ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කියයි 03 March 2017
ත්‍රිකුණාමලයේ ඩෙගු පැතිරෙයි ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ ගණනාවක ඩෙංගු රෝගය සීඝ්රයෙන් පැතිර ගොස් ඇති බවත් ගතවූ දින හතර තුළදී ත්‍රීකුණාමලය මහ රෝහලේදී රෝගීන් සිව් දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් එම රෝහලේ පරිපාලන නිලධාරී සී.කෝනාරත්න මහතා පවසයි. 02 March 2017
කප්පම් ගත් හිටපු පොලිස් නිලධාරියා අත්අඩංගුවට පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලැගූම්හල් වෙත පැමිණෙන ජෝඩු බිය ගන්වා කප්පම් මුදල් ලබා ගත් බව කියන සපුගස්කන්දේ හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු (42) අත්අඩංගූවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. 02 March 2017
ලැප්ටොප් සොරකමේ ගිහින් පොලිස් කූඩුවේ නතර වෙයි විශ්ව විද්‍යාල සිසුවකු ලෙස දිවයින පුරා විශ්ව විද්‍යාල හතකට ගොස් සිසුන්ගේ ලැප්ටොප් පරිගණක 50ක් පමණ සොරා ගත් බව කියන තරුණයකු (23) සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. ඔහු මීට පෙර ලැප්ටොප් සොරකමකට සැකපිට සිටියදී බන්ධනාගාර බාරයෙන් පළා ගිය පුද්ගලයකු බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි. 01 March 2017
‘මැදිරිගිරියට ප්‍රාදේශිය ලේකම්වරයකු ඕනෑ‘ මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට වසරකුත් මාස 02ක් ලේකම්වරයකු නොමැති වීමෙන් එම ප්‍රදේශයේ ජනතාව දෛනික රාජකාරි කටයුතු සිදු කර ගැනිමේ දී දැඩි අපහසුතාවයට පත්ව සිටින බව කියති. 01 March 2017
වලල්ලාවිට ප්‍රදේශවාසීහු ශිෂ්‍ය හිමි වෙනුවෙන් විරෝධතාවක ශ්‍රී සුවි සුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ඌවතැන්නේ සුමේධ හිමියන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට එරෙහිව වලල්ලාවිට ප් 26 February 2017
ලැප්ටොප් සොරකමේ ගිහින් පොලිස් කූඩුවේ නතර වෙයි විශ්ව විද්‍යාල සිසුවකු ලෙස දිවයින පුරා විශ්ව විද්‍යාල හතකට ගොස් සිසුන්ගේ ලැප්ටොප් පරිගණක 50ක් පමණ සොරා ගත් බව කියන තරුණයකු (23) සැකප 23 February 2017
පොලිස් අණ නොතකා ගිහින් වෙඩි කති දිගන විදුලිබල මණ්ඩල මාවතේදි පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට තෙල්දෙණිය පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එහි ගිය දෙදෙ 22 February 2017
රැකියා ඉල්ලා උපාධිධාරීහු උද්ඝෝෂණයක ස්ථීර පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික් විරැකියා උපාධිධාරීහු අද (21) මහාත්මා ගාන්ධි උයන අසල ඔරලෝසු කණුව ඉදිරිපිටදී &nbs 21 February 2017
සයිටම් එපා යයි රත්නපුරේ වෛද්‍යවරු උද්ඝෝෂණයක මාලබේ සයිටම් අයතනය අහෝසි කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රත්නපුර රෝහල හන්දියදී අද (20) දහවල් උද්ඝෝෂ 20 February 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025