මාලබේ සයිටම් අයතනය අහෝසි කරන ලෙස රත්නපුර දිස්ත‍්‍රික් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රත්නපුර රෝහල හන්දියදී අද (20) දහවල් උද්ඝෝෂණයක නිරත විය.
එම වෛද්‍යවරුන් පැවසුවේ මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කරන මෙවන් ව්‍යාජ වෛද්‍ය උපාධි ආයතන රටේ ජනතාවගේ සෞඛ්‍යට බලපෑම් ඇති කරන බවයි. එම ආයතනයෙන් නිසි විධිමත් ප‍්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදීමක් සිදුවන්නේ නැති බවත් ඔවුහු පැවසූහ.
එසේ එම මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරීමට රජය ක‍්‍රියාත්මක නොවන්නේ නම් ඉදිරියේදී වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති සංගම් 16ක් ඇතුළුව සියලූ වෘත්තීය සංගම්වල රටපුරා සිටින නියෝජිත සාමාජික පිරිස් සමග දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් එම වෛද්‍ය පිරිස කියා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd