(තිලකරත්න දිසානායක)
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ලැගූම්හල් වෙත පැමිණෙන ජෝඩු බිය ගන්වා කප්පම් මුදල් ලබා ගත් බව කියන සපුගස්කන්දේ හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු (42) අත්අඩංගූවට ගත් බව ගම්පහ පොලීසිය කියයි. මේ සදහා තවත් දෙදෙනෙකු යොදා ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
වසර 12 ක් පොලිසියේ සේවය කළ ඔහු මුදල් වංචාවක් සම්බන්ධයෙන් සේවයෙන් පහ කර ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සැකකරු මීට පෙර මේ අකාරයෙන් රුපියල් 80,000 ක කප්පම් මුදලක් ලබා ගෙන ඇති බවත් මරදාන සහ මිරිහාන ප්‍රදේශවලදී කප්පම් ගැනීම් නිසා අධිකරණය හමුවේ මොහුට එරෙහිව නඩු පවරා ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ලියන්න බැරි කියල දෙන්නකෝ සිංහලෙන් ලියන්න...