(මොහොමඩ් ආසික්)
 
මහනුවරට      ඇද හැළුණ අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මහයියාවේ කානුවක් පිටාර ගලා නිවාස පහක් තුලට ජලය ගලා යාම නිසා එම නිවාස වලට   අලාභ හානි සිදු විය.
 
නිවසේ පිටුපසින් ඇතුළට ආ ජල කද ඉදිරිපසින් ගලා යනු දක්නට ලැබිණි.
 
හදිසියේම නිවෙස් තුලට ජලය ගලා ඒම නිසා නිවසේ  තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දෑ විනාශ වී ගිය බවද එම නිවැසියෝ  කීහ.