මත්කුඩු ගන්න ගෙවල් 17 ක් බින්ද තිදෙනෙක් අත්අඩංගුවට
පේරාදෙණිය ගම්පොල දවුලගල නාවලපිටිය යන පොලිස් බල ප්රදේශවල නිවාස 17ක් බිඳ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා රන් භාණ්ඩ, විදේශීය මුදල්, ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ රුපියල් 50,000 ක් පමණ මුදල් සොරකම් කළ බව කියන තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.