(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට මෙවර මහකන්නයේ ලැබිය යුතු වර්ෂාව නිසි අයුරින් නොලැබීම නිසා මන්නාරම් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි වූ හේන් ගොවීන් සියලු දෙනාගෙම හේන් ගොවිතැන විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බවට එම ගොවිහු කියා සිටිති.
යුද්දයෙන් පසුව නැවත පදිංචි වූ තමන් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම පිණිස නැවත පුරන් වූ හේන් යළි පිළිසකර කොට හේන් ගොවිතැන ආරම්භ කළද බලාපොරොත්තු වූ පරිදි වර්ෂාව නොලැබීම නිසා තමන් දැඩි අසරණතාවයට පත්ව සිටින බව එම ගොවීහු කියා සිටිති.
මන්නාරම් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි සිංහල හා දෙමළ වැසියන් කියා සිටින්නේ සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා සිය කනකර බඩු සිට බැංකු වල උකස් කොට ගොවිතැන් කටයුතු සිදු කළද බලාපොරොත්තු නොවූ පරිදි වර්ෂා නොලැබීම නිසා සියලු දේ අහිමි වෙමින් පවතින බවටයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd