(සිතුම් චතුරංග)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දින 11 ක වැඩවර්ජනයක නිරතවූ උතුරු පළාත් දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවන් අද(21) සිට යළි සේවයට පැමිණි බව උතුරු නැගෙනහිර දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති එස්.ජේ.රොහාන් රාජ්කුමාර් මහතා පැවසීය.
වවුනියාව මන්නාරම දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සමග පසුගියදා (19)දා වැඩ වර්ජනයේ නිරත දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමිණි.
සේවයේ නිරත දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ස්ථීර සේවයේ යොදවන ලෙසත් , ඔවුන්ගේ වැටුප් දීමනා වැඩිකරන ලෙස හා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔවුන් නිදහස් කොට වෙනත් දෙපාර්තමේන්තුවකට යොදවන ලෙස ඉල්ලමින් පසුගිය 10 වැනිදා සිට උතුරු නැගෙනහිර දුම්රිය ගේට්ටුකරුවන් වැඩවර්ජනයේ නිරතවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd