(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ දැනට දීර්ග කාලයක සිට පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් හා විද්‍යාලයට අවශ්‍ය ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ඉල්ලා එම විද්‍යාලයේ සිසු සිසුවියන් හා දෙමාපියන් පිරිසක් අද(04) පොළොන්නරුව - සෝමාවති මාර්ගයේ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ.
අධ්‍යාපන බලධාරීන් පැමිණ තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු මෙලෙස විරෝධතාවයේ නිරත වෙන බව විරෝධතාකරුවො කියති.
ඉකුත් 02 වැනි දා සිට එම පාසලේ ශිෂ්‍යයෝ පාසලට නොපැමිණ පන්ති වර්ජනයක යෙදී සිටියහ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක මෙලෙස දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවත් උතුරු මැද පළාතේම පාසල් සඳහා දෙමළ මාධ්‍ය ගුරුවරුන් හිඟයැයි ද පොළොන්නරුව කලාප අධ්‍යක්ෂ ප්‍රසාද් ජයවර්ධන පවසයි.
ලබන ජූනි මාසයේදී උපාධිධාරීන් ගුරුවරුන් පිරිසක් බඳවා ගැනීමට නියමිතව තිබෙන නිසා ඒ වන විට මෙම ගුරු පුරප්පාඩු කිසියම් ප්‍රමාණයක් හෝ පියවීමට හැකි වෙතියි විශ්වාස කරන බව ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරාබියට ගියා නම් ඉවරයි.