(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව නීලබැම්ම පාරේ කොහොඹගස්හන්දිය ප්‍රදේශයේ කොහොඹ ගසක අතු කපමින් සිටි දෙදරු පියකු අද (22) දහවල් විදුලි සැර බිමට ඇදවැටීමෙන් මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වූ බියන්විල ගමරාළලාගේ චන්ද්‍රපාල (44) නැමැත්තෙකි.
මියගිය අය ගහට නැග කැපූ අත්තක කෙලවර නුදුරින් පිහිටි අධිබල විදුලිය රැහැනක් මතට වැටී ඇති අතර, ඒ ඔස්සේ ගහට විදුලිය සැර වැදී ඇති බවට පොලීසිය සැකකරයි. මදවේලාවකින් අත්ත විදුලිය රැහැන් පද්ධතියෙන් වෙනවී ඇත. ඒ සමගම ගස උඩ සිටි අය බිමට ඇදි වැටී ඇතැයිද එහිදී ඔහුගේ හිස ගලකවැදී තුවාල වී ඇතැයිද මූලික පොලිස් විමර්ශන අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd