(කාංචන කුමාර ආරියදාස)

මාස ගණනාවක පැවති දැඩි වියලි කාලගුණික තත්ත්වය අවසන් කරමින් දඹුල්ල ප්‍රදේශයට පතිත වූ දැඩි වර්ෂාවක් සමඟ විනාඩි පහක පමණ සුළි සුළගක් ඇතිවී අලාභ හානි රැසක් සිදුවිණි . මිට අමතරව මාතලේ රත්තොට හුණුගල වතුයායේ නිවාස රැසක් වහල ගැලවී යාම නිසා පවුල් 55 ක් පිරිසක් පාසලක තාවකාලිකව පදිංචි කල බව මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලය කියයි,

ඉරිදා සවස 5.45 ට පමණ එකවරම වර්ෂාව පතිත වන්නට වූ අතර විශාල අයිස් කැට ද වැටිණි. මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අධි බලැති විදුලි රැහැන් සහිත විශාල විදුලි කණුවක් අසල නවතා තිබු ලොරි රථ තුනක් මතට වැටි ප්‍රදේශය පුරා විදුලි බලය නැවතිණි .