(ජුඩ් සමන්ත)
හලාවත අධ්‍යාපන කොට්ඨාසයේ පම්බල කනිටු විද්‍යාලයේ 4 ශ්‍රේණියේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ගුරුවරයෙකු නොමැති බැවින් තම දරුවන් පාසල් නොයැවීමට තීරණය කළ බව එම විද්‍යාල සිසුන්ගේ දෙමව්පියෝ පවසති.
ලබන වසරේ ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටින තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සිටි ගුරුවරයා ස්ථාන මාරු වීමක් ලබා ගියත් ඒ වෙනුවට අනුප්‍රාප්තිකයෙකු මෙතෙක් පත් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව ඔවුහු චෝදනා කරති.
“හලාවත අධ්‍යාපන කලාපය තුළ පමණක් ප්‍රාථමික ගුරුවරුන් 174 දෙනෙකුගේ හිගයක් පවතිනවා.ඇතැම් පාසල් වල ප්‍රාථමික පන්ති පවත්වා ගෙන යන්නේ වෙනත් විෂයන් සදහා පුහුණුවීම් ඇති ගුරුවරුන් විසින්.මෙම පාසලේ විදුහල්පතිනියට සහ ඉංග්‍රීසි ගුරුවරියට 4 වන වසර පන්තියේ ඉගැන්වීම් කටයුතු කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා.එය ඒ ආකාරයෙන්ම සිදුවන බවත් මා විසින් කර ඇති සොයා බැලීමකදී අනාවරණය වුණා“හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්ධාමංගල සුභසිංහ මහතා අප කළ විමසීමකදී පැවසීය.
මව්පියන් කළ යුත්තේ තම දරුවන්ව පාසල් නොයවා නිවසේ තබා ගැනීම නොවන බවත් කළ යුත්තේ මේ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය හමු වී ගුරු අතිරික්ත පවතින කොට්ඨාස වලින් මෙම කොට්ඨාසයට ගුරුවරු ලබාගැනීම බවත් ඒ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පාසල් ළමුන්ට ටැබ් බෙද බෙද යන අධ්‍යාපන ඇමති මේවට මොනවද දන්නේ නෑ කියන්නේ. එයා හිතන්නේ අනිකුත් දේවල් අංග සම්පුර්ණයි, අඩු පාඩුවකට තියෙන්නේ ටැබ් එකයි නිල ඇදුමේ පාටයි විතරයි කියලනේ.
ඔන්න ඕකයි අපේ පාසල් වල යථාරූපය. එත් අපේ අධ්‍යාපන ඇමති හිතන් ඉන්නේ පාසල් ළමයින්ට අඩුවෙලා තියෙන්නේ ටැබ් එකක් විතරයි කියලා. ඉතින් කොහොමද රටේ අධ්‍යාපනය දියුණු කරන්නේ.